(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල් සඳහා මැයි මාසයේ රුපියල් 5000 දීමනාව ගෙවීමට කැබිනට් මණ්ඩලය විසින් රුපියල් කෝටි 2,572ක මුදලක් වෙන් කරනු ලැබ ඇත.
රුපියල් 5000 දීමනාව මේ මාසයේ ගෙවීම සඳහා තෝරාගෙන ඇති ප්‍රතිලාභීන් ගණන 51,44,046ක් වේ.
සමෘද්ධි සහනාධාර ලාභීන් 17,98,293 දෙනකු ද, සමෘද්ධි සහනාධාර පොරොත්තු ලේඛනගත පුද්ගලයන් 7,31975 දෙනකු ද, ජීවනෝපාය අහිමිවූවන් 19,24,967 දෙනකු හා අලුතින් හඳුනා ගන්නා ලද අතලොසක් 6,88,811 දෙනකු ද ඒ අතර වන බව වාර්තා වේ.
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ප්‍රතිලාභීන් මේ හා සමාන පිරිසකට ඉකුත් අප්‍රේල් මාසයේදී ද රජය විසින් රුපියල් 5000 දීමනාව ගෙවනු ලැබීය.
ලබන ජූනි මාසයේ ද රුපියල් 5000 දීමනාව ගෙවීමට රජය සැලසුම් කර තිබුණ ද මැතිවරණ කොමිසන් සභාව ඊට එරෙහි වීම නිසා ජූනි මාසයේ රුපියල් 5000 ගෙවීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි මාසයට 5000 ගෙවන්න කෝටි දෙදාස් පන්සීයක් ගිහින්