(දයාසීලි ලියනගේ)  
කෝප් කමිටු සාමාජිකයන් පස් දෙනෙකු අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කර ඇති බව අනාවරණය වී ඇත්තේ ඔහුගේ දුරකථනයේ විස්තරාත්මක බිල්පතකින් (Detail Bill) වන අතර, මේ රජය මගින් කිසිම පුද්ගලයකුගේ දුරකථනයට හොරෙන් සවන්දීමක් නොකරන ලද බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.  


රජය දේශපාලනඥයකුගේ හෝ වෙනත් කිසිවකුගේ දුරකථන සංවාදයකට සවන්දීම වැනි සිල්ලර වැඩ කිරීමට කිසිම නිලධාරියකුට උපදෙස් දී නැතැයි ද ඒ මහතා කීය. මෙහිදී වැදගත් වෙන්නේ කතා කළ හඬ පටය වන බැවින්, දුරකථන අංක තිබූ පමණින් කලබල විය යුතු නැතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.