තොරතුරු දෙන්නැයි යළි සිහි කැඳවීමක්
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් (සියයට විස්සක් පමණ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මගහැර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ කාලයකට පෙර සිටය.
එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා නැති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ. මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන් ඉල්ලන තොරතුරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.
එහෙත් මන්ත්‍රීවරුන් කොටසක් අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් අධ්‍යාපන සුදුසුකම් කියන්න බය වෙලා