IMG-LOGO

මැතිස​ෙබි විදුලි සෝපාන නඩත්තුවට වාර්ෂිකව ලක්ෂ 50 ක්

 

(දයාසීලි ලියනගේ) 

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ක්‍රියාත්මක වන විදුලි සෝපාන 12 ක නඩත්තු කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයකට වාර්ෂිකව ලක්ෂ 50 ක මුදලක් ගෙවනු ලබන බව වාර්තා වේ. 

 වර්ෂ 2008 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය මගින් මෙම විදුලි සෝපානවල නඩත්තු කටයුතු සිදුකරනු ලැබූ අතර ඉන්පසුව පෞද්ගලික ආයතනයකට එම කටයුතු බාර දී ඇත. එම සමාගම මේ සඳහා අය කරන ලද මුදල ලක්ෂ 35 සිට මේ වනවිට ලක්ෂ 50 දක්වා වැඩිකර ඇත. 


විදුලි සෝපානයක මන්ත්‍රීවරු හිර වී සිටීමේ සිද්ධියෙන් පසු අලුතෙන් විදුලි සෝපාන සවි කිරීමට අදහස් කර සිටියත් එදින විදුලි සෝපානය ක්‍රියාවිරහිත වී ඇත්තේ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එහි සිටීම නිසා බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. අලුතෙන් විදුලි සෝපාන අවශ්‍ය නොවන බව අද‌ාළ නිලධාරින් විසින් පාර්ලිමේන්තු බලධාරින්ට ලිඛිතව දන්වා ඇති බව ද දැනගන්නට ඇත. විදුලි සෝපාන සවි කරන ලද ජපන් ආයතනය එම සෝපාන සඳහා අවශ්‍ය විය හැකි අමතර කොටස් ද ලබා දී ඇත. 

 



අදහස් (0)

මැතිස​ෙබි විදුලි සෝපාන නඩත්තුවට වාර්ෂිකව ලක්ෂ 50 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site