කෝපා කමිටුවෙන් දොස්
(සුජිත් හේවාජුලිගේ)
මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගණයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවයි.
මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අනවසරෙන් ඇතුළු වී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන කමිටුව එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
එසේම පරිසරයට බලපෑම් වන ව්‍යාපෘතිවල බලපත්‍ර අත්හිටුවන ලෙසට ද නියෝග කර ඇත.
මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස් හැටපන් දහස් එකසිය දෙකක් (65102ක්) පර්චසය රුපියල් 500 බැගින් මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට විරුද්ධව කිසිදු පරීක්ණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
හෙක්ටයාර් 6232 ක් වන මුතුරාජවෙල රක්ෂිතයේ හෙක්ටයාර් 3068ක් පාරිසරික වශයෙන් වැදගත් තෙත් බිම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.
මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් පරිසර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කමිටු රැස්වීමක දී උපදෙස් දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුතුරාජවෙල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගණයක්