(නාලක සංජීව දහනායක)
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන දෙසැම්බර් මාසයේදී අනූනව වසරකට ඉන්දීය ආයෝජකයකුට බදු දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෙය ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණු වී තිබේ.
ගුවන් තොපළෙන් සියයට 70 කොටසක් ඉන්දියාවට හා සියයට 30 කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙන පරිදි ඉදිරියේදී ගිවිසුම් සකස් කිරීමට නියමිතව ඇත. බදු ගිවිසුම ක්‍රියාතමක කරන දිනය සහ බදු ගිවිසුමට ඇතුළත් කරන කොන්දේසි සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඇෙමරිකානු ඩොලර් මිලියන 409 මුදලක් වියදම් වී ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 405 මුදලකට ඉන්දියාවට බදු දීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ගුවන් තොටුපළ සමඟ ඒ අවට ඉඩම් අක්කර 2000 ක් ද ඉන්දියාවට පැවරීමට නියමිත බව ද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් පසුගිය අඟහරුවාදා (3) මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතව ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මත්තල ඉන්දියාවට දෙන කැබිනට් පත්‍රිකාව ළඟදීම ?