(අම්පාර වසන්ත චන්ද්‍රපාල පාලමුනේ සිට)
රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු අනුව දීර්ඝ විමර්ශනයනික් පසුව සහාරන්ගේ අම්පාර දිස්ත්‍රික් නායාකයා වන කල්මුණේ සියාම් විසින් සඟවා තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අම්පාර පොලීසිය සමග එක්ව අත්අඩංගුවට ගනු ලැබීය.
මින් ලක්ෂ 15 ක් දින දෙකකට පමණ පෙර සොයාගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල ඊයේ 31 සොයා ගනු ලැබීය. දැනට සති දෙකකට පමණ පෙර කල්මුණේ සියාම් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරන අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම මුදල් සොයාගෙන තිබේ.
කල්මුණේ සියාම් ගේ මාමාට මෙම මුදල් දී තිබූ අතර ඔහුගේ නිවස තුළ අල්මාරියේ තිබූ කලිසම් සාක්කුවල මුදල් කොටසක් තිබූ අතර තවත් මුදල් කොටසක් සී.ඩී. තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ තිබී සොයා ගැනීමට බුද්ධි සේවා නිලධාරින් සහ පොලීසිය සමත්ව තිබේ. මෙයට අමතරව රත්තරන් මාල දෙකක්, කරාබු ජෝඩුවක්, මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.
මෙයට අමතරව කල්මුණේ සියාම් විසින් අට්ටාලචේන කළපුවක සඟවා තිබූ ලැප්ටොප් පරිගණකයක්ද සොයාගැනීමට බුද්ධි අංශ නිලධාරින් සමත්ව තිබේ. සහාරාන් ගේ සහෝදරයා වන සෙයිනි විසින් බෝම්බය පුපුරුවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය ලබා දුන් බව කල්මුණේ සියාම් ආරක්ෂක අංශවලට පවසා තිබේ. මෙම පරිගණකය ඉතාමත් ආරක්ෂිතව තබන ලෙසට සෙයිනි සහාරන් ගේ අම්පාර නායකයා වන සියම්ට පැවසූ බව පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව මෙම පරිගණකය සහාරන් විසින් භාවිත කළ පරිගණකය බව බුද්ධි අංශ නිලධාරින් විශ්වාශ කරයි. මෙම පරිගණකයේ ඇති දත්ත සොයා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර මෙයින් ලබාගන්නා තොරතුරු ඉදිරි පරීක්ෂණ කටයුතුවලට වැදගත් වෙනු ඇතියි ආරක්ෂක අංශ විශ්වාශ කරයි.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් ගේ තොරතුරු අනුව අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජෙසේකර මහතාගේ මෙහයැවීමෙන් පොලිස් පරීක්ෂක ඉද්දමල්ගොඩ මහතා ඇතුලු නිලධාරින් විසින් මෙහයුමට එක්විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෝම්බ කල්ලි නායක සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ලක්ෂ පනහක මුදල් සොයාගනියි