ජනපති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි
(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ හිරේ දැමූ ත්‍රිවිධ හමුදාව දුර්වල කළ රජයේ සියලු පාර්ශ්ව විසින් බාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පෙරේදා (26) පැවැති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
බරපතළ වගකීමක් පැහැරහරින ලද ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් මෙයට ඍජුවම වගකිව යුතු යැයිද ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ පැවැති එම සාකච්ඡාවේදී කීවේය.
පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධියේ වගකීමෙන් තමා නිදහස්වීමට සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා ඉකුත් වසර හතරේ බුද්ධි අංශ හිරේ දමමින් හා හමුදා දුර්වල කරමින් කටයුතු කළ රජයේ සියලු පාර්ශ්ව ඊට වගකිවයුතු යැයිද කීවේය.
මෙම ප්‍රහාරයෙන් පසුව මේ රටේ මානව හිමිකම් බාප්පලා ෙසායා ගැනීමට නොහැකිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
විදේශීය මිත්‍ර රටක බුද්ධි අංශයකින් ඉකුත් 4 වැනිදා ලැබුණ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය දින 12ක් තිස්සේ එහෙට මෙහෙට යවමින් තිබුණද ඒ ගැන තමා දැනුවත් කර නැති බවත් ඒ පිළිබඳ සියලු වගකීම ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් බාරගත යුතු බව ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.
මෙම ප්‍රහාරයෙන් පසුව ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධව 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ 140ක සමග පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින්නේ යැයි කීවේය. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව කී ජනාධිපතිවරයා මෙය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ශක්තිය තිබෙන බව කීය.
මේ අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානය හදිසි නීතිය යටතේ දැනට තහනම් කරන බවත් අලුතින් පනතක් ගෙනවිත් එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බුද්ධි අංශ හිරේ දැමූ අය මේ ප්‍රහාරයේ වගකීම භාරගත යුතුයි