IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්

අනුරුවක් දැවයෙන් සෑදීමට නියෝග

(සුජිත් හේවාජුලිගේ)  

පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇති වූ විවිධ සිදුවීම්වලදී මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.  


මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නැති බවත් පිළිසකර කරන්නේ නම් එය එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.  


කෙසේ වෙතත් මෙම හානි බැලූ බැල්මට බාහිරට නිරීක්ෂණය නොවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.  


මේ අතර පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අනුරුවක් දැවයෙන් සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සලස්වන ලෙස ​වේත්‍රධාරිවරයා එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවට පසුගිය දා උපදෙස් දුන්නේය.  


සෙං​කෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල පාසල් දරුවන් ඇතුළු පිරිස්වලට එය දුරින් දැකබලා ගැත හැකි වුවත් ළඟ සිට දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙම අනුරුව සකස් කරන බව ද ඔහු සඳහන් කළේය.  

 



අදහස් (0)

පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site