IMG-LOGO

පක්ෂ දහයේ මන්ත්‍රීහු 16 ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

(අජන්ත කුමාර අගලකඩ)   

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පක්ෂ දහයේ නායකයන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා (04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.   


ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කරන, විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු ද, උදය ගම්මන්පිල මහතාද, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, අතුරලියේ රතන හිමියන් ද, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් දහසය දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇත.   


මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කර ඇති දේශපාලන ක්‍රියාමාර්ග දිගටම ගෙන යාමටත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැතිධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇත.   
ඊට අමතරව රට හරි මගට නමින් ඉකුත් දා නිකුත් කළ කරුණු දහයකින් යුත් යෝජනාවලිය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට පිළිගැන්වීමට සහ ජනතාව අතර බෙදා දීමට ද එහිදි තීරණය කර ඇත.   


ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන සතියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.   


අතුරලියේ රතන හිමියෝ ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 



අදහස් (0)

පක්ෂ දහයේ මන්ත්‍රීහු 16 ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 24 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site