(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කර ඇති විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර එහි සඳහන් කරුණුවලට මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ දැඩි විරෝධය පළවී ඇත.
විද්වත් කමිටුව සාමාජිකයින් දස දෙනකුගෙන් සමන්විත වන නමුත්, ඉදිරිපත් කර තිබූ වාර්තාව, කමිටු සාමාජිකයින් හය දෙනකුගේ අත්සනින් පමණක් ඉදිරිපත් කිරීමත්, ඉතිරි සිවුදෙනාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදීමත් මත මෙම විරෝධය පළවූ බවද වාර්තා වේ.
මෙහෙයුම් කමිටුව හමුවට ඉදිරිපත් කර තිබූ වාර්තාව ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බලපෑම මත සකස්කර ඇති බවට ද එහිදී චෝදනා එල්ලවී ඇත.
විශේෂඥ කමිටුවේ වාර්තාව, දස දෙනාම එකතුවී සකස් කර, සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මෙහෙයුම් කමිටුව එම විශේෂඥ කමිටුවට එහිදී උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නව ව්‍යවස්ථා විශේෂඥ කමිටු වාර්තාවට මෙහෙයුම් කමිටුවේ බෙදීමක්