දැඩි සීමා නැතිවුණොත් අනික් දිස්ත්‍රික්කවලටත් පැතිරෙයි
(දයාසීලි ලියනගේ)
දිස්ත්‍රික් අටක කොරෝනා රෝගී තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
ගම්පහ, කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය ඉදිරියට තවත් වැඩිවෙන්නට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ දිස්ත්‍රික්ක අට තුළ පවත්නා බරපතළ තත්ත්වය අනෙකුත් දිස්ත්‍රික්කවලටද බරපතළ ලෙසින් ඇතිවනු ඇතැයිද එම සංගමය රජයට දැනුම් දී ඇත.
මෙම දිස්ත්‍රික්කවල පී.සී.ආර්. පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, රෝගීන් රෝහල් ගත කිරීම හා ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ප්‍රමාද නිසා තත්ත්වය බරපතළ වෙමින් පවතින බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ බරපතළ තත්ත්වයෙන් ගැලවීමට නම් සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර රෝගීන් රෝහල් ගත කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව ලබාදීම ඇතුළුව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයට පෙන්වා දී ඇතැයිද වෛද්‍ය සොයිසා මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දිස්ත්‍රික්ක අටක් බරපතළ අවදානමක