IMG-LOGO

දුම්රිය ගාස්තුව සියයට 15 කින් වැඩිවෙයි ?

 

(මහින්ද නිශ්ශංක)  
ලබන ජූනි මාසයේ සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.   


ඒ අනුව දැනට රුපියල් 10 ක් වන අවම ගාස්තුව සමස්තයක් වශයෙන් වැඩි නොවුවද රුපියල් 10 ගාස්තුවෙන් ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර 10 ක දුර ප්‍රමාණය කිලෝ මීටර 6 දක්වා අඩුකර ඇතැයි දුම්රිය ගාස්තු සම්බන්ධව පත්කෙරුණු පංච පුද්ගල කමිටුව පවසයි.  

රුපියල් 10 අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර ප්‍රමාණය මෙවර අඩු කිරීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාන අතර පෙර පැවැති රුපියල් 10 ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවැසීය.  


වසර අටකට පසුව මෙවර සිදුවන දුම්රිය ගාස්තු වැඩිවීමට සමානුපාතිකව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිවන බවත් එම නිලධාරියා කීය.  


මේ අතර දුම්රිය ගාස්තු වැඩිවීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුව මගින් සකස් කරන ලද නව ගාස්තු චක්‍රය එම කමිටුව විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට පසුගියදා බාර දී ඇත.  

 



අදහස් (6)

දුම්රිය ගාස්තුව සියයට 15 කින් වැඩිවෙයි ?

varuni Thursday, 17 May 2018 06:01 AM

ගාස්තු වැඩි කරනවා වගේම සේවා ප්‍රමිතිය වැඩි කර ගත්තොත් නරකද? දුම්රිය ප්‍රමාද වීම් , ස්ට්රයික් , මගී තදබදය නිසා අපිට දුම්රිය එපා වෙලා

:       43       113

Wijerathna Saturday, 19 May 2018 07:25 AM

හවස 13.45 රැජින වවුනියා එකෙන් පස්සේ හරියට යන එකක් නෑ. 14.00ට විතර පොල්ගහාවෙල පැත්තට අධිවේගී එකක් දාන්න ගොඩක් අය කැමති වෙයි. අපිට යන්න එකක් නැනේ.

:       10       25

Sisira Wickramarathne Sunday, 20 May 2018 07:14 AM

දිනපතා සාමාන්‍ය ජනයා රැකියා සඳහා අඩු වියදම් ප්‍රවාහන සේවය තුළ බොහෝ අඩුපාඩු පවතී, එවැනි අවස්ථාවක දී ගාස්තු මිල ඉහළ දැමීමට මදකට නතර කර ඊට පෙර දුම්රිය සේවය ගුණාත්මක තත්ත්වය ඉහල දැමීම ( ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා වන වියදම් අනාගත ආයෝජනයක් ලෙස සලකා) ඊට පස්සේ සාධාරණ ගාස්තු ඉහළ දැමීමක් සිදු කලත්, එහිදී දුම්රිය සේවය ට වගේම මගීන්ටත් එක වගේ සාධාරණත්වය ක් ඉටු වනු ඇත.......

:       59       42

Lapaya Wednesday, 23 May 2018 11:13 AM

ගාස්තු වැඩි කරනවා වගේම සේවා ප්‍රමිතිය වැඩි කර ගත්තොත් ගමන් කරන ජනතාවත් දන ගත යුතුයි මැදිරි විනාශ නොකර පිරිසිදුව තියා ගන්න.

:       12       1

ramaniSunday, 27 May 2018 04:15 AM

ඇත්තනේ. අර ළඟදී කියල තිබුනේ අලුතෙන් හදාළ දාපු දුම්රිය මැදිරි මාස හතරෙන් විනාශයි කියල. අපිම නේද අපේ බෙලි කපන් තියෙන්නේ.

:       0       5

lasantha Friday, 25 May 2018 02:24 AM

හවස 5.45 පස්සේ නුවරට දුම්රියක් 8 වෙනකම් නෑ 8 න් පස්සේ කොහොමත් නෑ, 5.45 ගම්පහ වේයන්ගොඩ මිනිස්සු පිරිලා දුර යන මිනිස්සුන්ට සැහෙන අපහසුතාවත්, අඩුම තරමේ පොල්ගහවෙලින් උඩහට දුම්රියක්වත් දාන්න ඕන 7.30 - 8 වගේ පොල්ගහවෙලින්, උදේ නුවරින් 6.30 ආපු සෙන්කඩගල මැණිකේ දුම්රිය තවත් පරක්කු කරලා දැන් එක මරදානට 10.30 වගේ එන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site