IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තල් ඉඩමට සජිත්-අමරවීර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක

(අජන්ත කුමාර අගලකඩ)  

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇතිවූ බව වාර්තාවේ.   

හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ තල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම හටගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුද වන මෙම දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීමද විශේෂත්වයකි.  


වීරවිල ප්‍රදේශයේ තල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක් නිවාස ඉදිකිරීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ නියෝගය මත ඩෝසර් කර ඇති බවට මහින්ද ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම මත ගැටුම ඇතිවූ බව වාර්තාවේ.   


දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීමට වෙනත් ඉඩම් තිබියදී වාණිජ වටිනාකමකින් යුත් මෙම ඉඩම ඩෝසර් කිරීම වැරැදි බව අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි දැන ගන්නට තිබේ. ඊට පිළිතුරු දී ඇති සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තමා එම ඉඩම යොදාගෙන ඇත්තේ නිවාස නොමැති පවුල්වලට නිවාස ඉදිකරදීමට මිස පෞද්ගලික කටයුතු සඳහා නොවන බව පවසා ඇතැයි වාර්තාවේ.  


තමාට දිගින් දිගටම බාධා කරන්නේ නම් ඇමැතිකමින් මන්ත්‍රීකමින් පමණක් නොව පක්ෂයේ නියෝජ්‍ය නායක කමින් වුවද ඉවත්වීමට සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට තිබේ. දෙදෙනා අතර වාදය දුරදිග යද්දී මැදිහත්වී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගැටලු සාකච්ඡා කර විසඳා ගන්නැයි ඇමැතිවරුන් දෙදෙනාටම දැනුම්දී ඇතැයි වාර්තාවේ.   

 



අදහස් (0)

තල් ඉඩමට සජිත්-අමරවීර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site