(දයාසීලි ලියනගේ)
ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ 139 දෙනකුගේ නම් ගම් හා සියලු තොරතුරු මේ වනවිට ආරක්ෂක අංශ මගින් සොයාගෙන ඇත.
ජාතික තව්ෆික් ජමාත් යනුවෙන් හඳුන්වන මෙම ආගමික කොට්ඨාසය සතු පල්ලි 45ක් රටපුරා පවතින අතර, මෙම පල්ලිවලට ඇතුල්වීමට කාන්තාවන්ටද
හැකියාව ඇති බව අනාවරණය වී ඇත.
නිසාම් නමින් හැඳින් වූ පුද්ගලයෙක් එංගලන්තයේ බැරිස්ටර්වරයෙක් ලෙස ඉගෙනුම ලබා 2012 දී සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වී පුහුණුවීම් ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඉන් පසුව ඔහු 45 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග යළි සිරියාවට ගොස් ඒ අයට ද පුහුණුවීම් ලබාදී ඇති බවත් අනාවරණය කර ගෙන ඇත. එහිදී නිසාම් නමැති පුද්ගලයා ඝාතනය වී ඇති අතර ඉතිරි අය යළි මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
ෙමරටට පැමිණි පිරිස මේ වනවිට 139 දෙනෙක් දක්වා වර්ධනය වී ඇති අතර එයින් පිරිසක් මෙරට ස්ථාන 6කදී ජීවිත පරිත්‍යාග කිරීම පිළිබඳව පුහුණුව ලබා ඇති බවත් අනාවරණය වී ඇත.
සහරාන් නමැති පුද්ගලයා මෙම සංවිධානයේ වර්තමාන නායකයා වශයෙන් හඳුන්වන අතර, මේ සියලු දෙනාට කුරාණය කටපාඩමින් ප්‍රකාශ කිරීමට විශේෂ හැකියාවක් ඇති බවද කියති.
‘‘සහරාන්’’ නමැති පුද්ගලයාගේ සොයුරිය විදේශ මාධ්‍යයකට කරන ලද ප්‍රකාශකයක් ආරක්ෂක අංශ වෙත වාර්තා වී ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සිය සොහොයුරා තම නිවසට පැමිණ මේ රට ඉස්ලාම් ආගම අදහන අය සතු එකක් බවත් එසේ නොවන අය ජීවත් නොවිය යුතු බවත් ප්‍රකාශ කර ඇති බවයි. ඔහු ගිය පසු ඇගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ ‘‘සහරාන්’’ නැවත නිවසට නොගෙන්විය යුතු බව යැයි ද අනාවරණය කර ඇත.
දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට මේ අය අන්තවාදී ලෙස මතය හදාගත් පුද්ගලයන් බව වාර්තා වී ඇති බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රස්ත කල්ලියේ 139 ක වගතුග සොයාගෙන