(අජන්ත කුමාර අගලකඩ)
සියලු පළාත් සභාවල මැතිවරණ පැරැණි මනාප ක්‍රමය යටතේ එකවර පැවැත්වීමට අදාළව තමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය පිළිබඳ නිර්දේශ ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභ්‍යන්තර කටයුතු පළාත් පාලන හා පළාත් සභා සහ ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතාට දැනුම් දී ඇත.
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා වජිර අබේවර්ධන ඇමැතිවරයාට මෙම දැනුම්දීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට යෝජනා කරමින් ජනාධිපතිවරයා මීට සති දෙකකට පමණ ඉහත දී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ ගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමැති වජිර අබේවර්ධන මහතා දැනුම් දී තිබිණි.
එහෙත් ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට සිය නිර්දේශ ඉදිරිපත් නොකළ වජිර අබේවර්ධන මහතා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත.
ඒ අනුව සතියක කාලයක් ලබාදී ඇති ජනාධිපතිවරයා ලබන අඟහරුවාදා සිය නිර්දේශ කැබිනට් මණ්ඩලයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගේ කැබිනට් පත්‍රිකාව තවමත් වැට උඩ