IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගීතාට මොකද වුණේ ?

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානනීය චිත්‍රපට නිලි ගීතා කුමාරසිංහ මහත්මිය නුගේගොඩ නාවල පිහිටි නිවසේ සිටිය දී පිළිස්සුම් තුවාල ලබා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා උදේ වරුවේය.  
මේ සටහන තබන විටත් අැය සිටින්නේ පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.   



ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුවය ලබමින් සිටින බවත් පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැළෑක්වීමට මෙන්ම ඇයගේ රසික රසිකාවියන් හා අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැළැක්වීම සඳහා මෙසේ දැඩිසත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇය දැඩිසත්කාර ඒකකයට අතුළත් කිරීමට බලපෑ හේතු සාධක පැහැදිලි කරමින් පැවසීය. 


දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සිට සිය නිසඟ රංග හැකියාවන්ගෙන් රිදී තිරය අතික්‍රමණය කළ ප්‍රතිභා පූර්ණ නිළි ගීතා කුමාරසිංහ මහත්මියට සිදුවූවේ හදිසි අනතුර කැයි අසා ඇයට ආදරය කරන ඇලුම්කරන සුවහසක් රසික රසිකාවියන් කම්පනයට, වේදනවාට පත්වනු නිසැකය. 


ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලැබුවේ නාවල පිහිටි සිය නිවසේ ගෑස් ළිපක් දැල්වීමට ගිය අවස්ථාවේ දී ගෑස් කාන්දුවකින් හටගත් ගින්නට අසුවීමෙන් බව පැවසුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි නිතීඥ රුවන් ගුණසේකර මහතාය. 


කුමාරසිංහ මහත්මිය ප්‍රතිකාර ලබන රෝහලෙන් වැලිකඩ පොලිසියට කරන ලද දැනුම් දීමක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පොලිස් අධිකාරී ගුණසේකර මහතා කීය. 


වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදක් අස්මඩල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ දැනුම්දීම කළ මොහොතේම නාවල පිහිටි ඇයගේ නි​ෙවසට ගියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටය. 


පොලිස් කණ්ඩායම එහි යනවිටත් කුමාරසිංහ මහත්මියගේ නිවස දොරගුළුලා වසා තිබූ නිසා ඔවුන්ට නිවසට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට අවස්ථාවක් ලැබුණේ නැත. 


කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නිසා ඇයට ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබාදී ඇත. 


ඇයගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් මන්ත්‍රීවරියට මොකද වුණේ කියා විමසා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාය. 


’සර්.. මැඩම් ගෑස් ළිප පත්තුකරන්න යද්දී පිච්චුණා කියා කිව්වා. අපි මැඩම්ව ඉක්මනට හොස්පිටල් එකට අරගෙන ගියා. ඊට වඩා විස්තරයක් කියන්න දන්නේ නැහැ. 


ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක අස්මඩල මහතා ඇසූ ප්‍රශ්නයට මන්ත්‍රීවරියගේ ආරක්ෂාවට යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා ලබාදී ඇතැයි කියන්නේ එවැනි පිළිතුරකි. 


සිද්ධ වෙච්ච දේ සවිස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය වූ නිසා ගීතා කුමාසිංහ මහත්මිය හමුවී ඇයගෙන්ම අසා දැන ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය ප්‍රතිකාර ලබන රෝහලට එවෙලේම පිටත්කර හැරියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් ද සොයිසා මහතාය. 


තමා සිටින තත්ත්වය අනුව ඒ පිළිබඳව මේ අවස්ථාවේ ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව ගීතා කුමාරසිංහ මහත්මිය රෝහලට ගිය පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇතැයි කියති. 


ඊට පසුව ද අවස්ථා දෙකකදී ඇයගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් රෝහලට ගියත් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වී ඇත. 


ඒ ඇය පසුව ප්‍රකාශයක් ලබා දෙන බව පැවසීම නිසාය. 


ගීතා කුමාරසිංහ මහත්මියගෙන් ප්‍රකාශක් ලබාගැනීමට අැය දැඩිසත්කාර ඒකකයෙන් සමාන්‍ය වාට්ටුවකට මාරු කරන තෙක් බලා සිටීමට පොලිසියට සිදුවනු ඇත. 


යම් හෙයකින් මේ ගැන පරික්ෂණයක් අවශ්‍ය නැතැයි  ඇය ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළොත් ​ෙපාලිසියට එතැනින් එහාට ඒ ගැන පරීක්ෂණ කිරීමට හැකියාවක් ද නොමැත. 


ගීතා කුමාරසිංහ මහත්මියට සිදුවූ මේ හදිසි කරදරය දැනගත් මොහොතේම සමාජ සවිබලගැන්වීමේ සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රවීණ නළු රංජන් රාමනායක මහතා නළු නිළියන්ට කතා කර ඇයගේ සුව දුක් විමසා ඇත. 
එ් නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට මා කතා කළේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාටය. 
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය: 


මේ සිද්ධිය දැනගත් මොහොතේම මා මුලින්ම කතා කළේ ෂෙරින් කුමාරසිංහ මහත්මියට. එවිට ඇය හිටියේ සිංගප්පූරුවට ගිහින්. ඊට පස්සේ මම කතා කළේ සංගීතා වීරරත්නටයි. ඒ වෙලාවේ සංගීතා මට කිව්වා මාලනී ​ෙෆාන්සේකා මහත්මියත් රෝහලට ඇවිත් ඉන්නේ අපි ගිහින් ගීතාව බැලුවා. අැය නැගිටිනවා. ආයෙමත් නිදාගන්නවා. ක්ලාන්තය වගේ කියාත් කියන බව මාත් එක්ක කිව්වා. මම මේ දැන්ම රෝහලට එනවා කියා කිව්වාම සංගීතා කිව්වේ ‘අනේ ගීතා අක්කාට කරන ලොකුම උදව්ව තමා ඇය බලන්න දැන්ම නොයන එක’ කියා. විෂ බීජ ඇතුළු වෙන්න තියන ඉඩකඩ වැඩි නිසයි. සංගීතා මට පැවසුවේ දැඩිසත්කාර ඒකකයට ප්‍රතිකාර කරන්න දැම්මෙත් ඒ නිසා බවය. එම නිසා  මාත්  ගීතව බලන්න ගියේ නැහැ. 


ඊට පස්සේ මම ගීතා ප්‍රතිකාර ලබන රෝහලේ සේවය කරන ඩොක්ටර් නිෂානිට කතා කළා. නිශානි කියන්නේ චිත්‍රපට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහත්තයාගේ දියණියයි. මම මේ ඕෆ් වෙලා යන ගමන්. ගීතාගේ කකුල් අත්පා හා උදර ප්‍රදේශයට පිළිස්සුම් තුවාල තිබෙනවා. කොණ්ඩයත් ටිකක් පිළිස්සී තිබෙනවා කියා මා කතා කළ වෙලාවේ ඩොක්ටර් නිශානි මාත් එක්ක කිව්වා. ඩොක්ටර් නිශානි කිව්ව නිසා මම ඇය බලන්න ගියේ නැහැ.  ගීතාව බලන්න යන්න පුළුවන් කියා වෙද්‍යවරුන් දැනුම් දුන් ගමන් මම ඇය බලන්න යන්නයි ඉන්නේ. ඇයට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා කීය. 


කොණ්ඩයට ගිනි ඇවිලෙද්දී ගීතා එය නිවා දැමීමට උත්සාහ කිරීමේ දී අත්දෙකම පිළිස්සී ඇති බව දැන ගැනීමට ඇත. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

ගීතාට මොකද වුණේ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

කොළඹ ලක්ෂ 10ක් ඡන්දෙ දාන්න ගමට ගිහින් නෑ
2025 මැයි මස 11 12 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


වෙසක් දන්සල් 2000ක් ලියාපදිංචි කරලා - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
2025 මැයි මස 11 6 0

වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ඉෂාරා සෙච්චන්දි අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2025 මැයි මස 11 10 0

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව


නවකවදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා
2025 මැයි මස 11 7 0

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ


ව්‍යවස්ථා සභාවේ ලේකම් ඉල්ලා අස්වෙයි! අස්වීමේ ලිපියට අනුමැතිය
2025 මැයි මස 11 4 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්


ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටෙයි
2025 මැයි මස 10 25 0

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1041 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1447 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site