
(දයාසීලි ලියනගේ)
කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා විවිධ රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක් විටින් විට විදේශ ගතවී ඇතත් ඉන් කිසි ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළුව මෙම පිරිස ජර්මනිය, එංගලන්තය, අයර්ලන්තය, කොරියාව ආදී රටවල සංචාරය කර ඇත.
කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, විදුලිය නිෂ්පාදනය ආදී කටයුතු අධ්‍යයනය කිරීම සඳහා මොවුන් විදේශ ගතවී තිබූ අතර මෙම චාරිකා සඳහා වැය වූ මුදල නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහනගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ නිලධාරීන් කණ්ඩායම් කීපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් හැදෑරීමට පිටරට ගොස් ඇති බවයි.
බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේ තමන්ගේ පාලන කාලය තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායම් එංගලන්තයට යැවූ බවයි.
මේ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවල ඒ සඳහා ඉදිරිපත් වූ ආයතන තම හැකියාව පෙන්නුම් කිරීම සඳහා නිලධාරීන් ඒ රටවලට කැඳවාගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.
කොළඹ කුණු රැඳවූ මීතොටමුල්ල කුණු කන්ද ඉකුත් 14 වැනිදා කඩා වැටුණු අතර එයින් 32 ක් මියගොස් 11 ක් අතුරුදන්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
300
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්
lalith Monday, 24 April 2017 05:21 PM
ඉතින් ඔය කට්ටිය ගිහින් ඇවිත් කියපු විදියට වැඩකලානම් මේ වින්නැහිය වෙන්නේ නැහැනේ? අම්මප මේ ඇමතිලානම්? අවට පස්සේ මට මොනවද ගෙනාවේ කියල අහල මිසක් මොනවද මේකට කරන්න පුළුවන් කියල අහල නැහැනේ?