IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කොවිඩ්වලින් මියගිය සියයට 71ක් එකම එන්නතක්වත් අරගෙන නෑ

(සුජිත් හේවාජුලිගේ)  

කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මියගිය අය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව සැකසුණු විශේෂ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබීය.  

එම වාර්තාවේ දැක්වෙන අන්දමට කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය මෙරට මුළු පුද්ගලයන් සංඛ්‍යාව වූ තුන් දහස් හය සිය හැත්තෑ හතරෙන් (පසුගිය ඔක්තෝබර් මස 27 වැනිදා වන විට) සියයට හැත්තෑ එකක් එනම් නව දහස් හය සිය හැත්තෑ හතරක්ම (9674) එකම කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය වෙති.  
මියගිය මුළු පිරිසේ එන්නත ලබාගත් අය සිටියේ සියයට 29ක් එනම් තුන්දහස් නව සිය අනූ දෙකක් (3692) පමණක් බවද එම වාර්තාවේ සඳහන් වේ.  


මියගිය මුළු සංඛ්‍යාවෙන් එක එන්නත් මාත්‍රාවක් පමණක් ගත් අය සියයට විස්සක් එනම් දෙදහස් හයසිය අසූ දෙකක්ද (2682) එන්නත් මාත්‍රා දෙකම ගත් අය සියයට නවයක් එනම් එක් දහස් තුන් සිය දහයක් (1310) සිටි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

  
කෙසේ වෙතත් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය අය අතර වැඩි දෙනකු වයෝවෘද සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළුණු අය බව ද හෙතෙම සඳහන් කළේය.

  
කොවිඩ් ආසාදනය වී මියගිය දහතුන් දහස් හය සිය හැත්තෑ හතර දෙනාගෙන් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබා නොගෙන මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් පිරිමි වෙති. එලෙස මියගිය පිරිමි සංඛ්‍යාව පන්දහස් තුන්සිය පනස් දෙකකි.



අදහස් (0)

කොවිඩ්වලින් මියගිය සියයට 71ක් එකම එන්නතක්වත් අරගෙන නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site