(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක අංශ ඊයේ (26) සවස කල්මුණේ නගරයේ ආරම්භ කළ මෙහෙයුමක් අතරතුර දී කිසියම් පිරිසක් හා වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.
කල්මුණේ නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ සිටි කිසියම් සන්නද්ධ පිරිසක් හා ආරක්ෂක අංශ අතර මෙම වෙඩි හුමවාරුව සිදුවී ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.
මෙම පල්ලිය දෙසින් ඊයේ රාත්‍රියේ කිසියම් පිපිරීම් හඬක් ඇසී ඇති අතර ඒ සමග යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමේ දී පල්ලිය දෙසින් පිරිසක් භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සන්නද්ධ කණ්ඩායමේ 4ත් 6ත් අතර පිරිසක් සිටි බවට දැනට තොරතුරු හෙළිවී ඇත.
භට පිරිස් පොලිස් නිල සුනඛයන් යොදා සෝදිසි කිරීමට යාමේ දී පල්ලිය දෙසින් තවත් පිපිරුම් 2ක් සිදුකරගෙන ඇති බව ද හමුදා ආරංචිමාර්ග කියයි.
මෙහෙයුම ඊයේ රාත්‍රි වනතුරුත් පැවැති බව ද වාර්තාවේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කල්මුණේ සෝදිසියක දී හමුදාව සමග වෙඩි හුවමාරුවක්