(මහින්ද නිශ්ශංක)
කිරිපිටි කිලෝවක මිල රුපියල් 1000 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
දැනට රුපියල් 935 ක් වෙන කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් පමණ වැඩි කිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් හා ජීවන වියදම් කමිටුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම සළකා බැලෙන ජීවන වියදම් කමිටුව ඉකුත් 3 දා රැස්වීමට නියමිතව තිබුණ ද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා විදේශගතව සිටින බැවින් එදින ජීවන වියදම් කමිටුව රැස්වී නොමැති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම අනුව ආනයනික සමාගම් මිල වැඩිවීම ඉල්ලා ඇති අතර මේ මාසයේදී මිල වැඩිවීම ලැබිය යුතු බව සමාගම් ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
කිරිපිටි සඳහා වූ මිල සූත්‍රයට අනුව ඉකුත් අගෝස්තු 3 දා අවසන් වරට මිල වැඩිවීමක් සිදු වූ අතර එදින කිරිපිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද ග්‍රෑම් 400 මිල රුපියල් 5.00 කින් ද වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හා පාරිභෝගික අධිකාරියේ අවසරය ලැබිණි.
මීට වසර දෙකකට පෙර කිරිපිටි කිලෝවක මිල වූයේ රුපියල් 850 කි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිපිටි මිල යළිත් වැඩිවෙන ලකුණු