(දයාසීලි ලියනගේ)
සමාජ ශාලාවල කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් හා කැසිනෝ ක්‍රීඩාකරන දේශපාලනඥයන් පිළිබඳව පොලිසියෙන් තොරතුරු ලබාගෙන ඔවුන් ඒවායින් ගලවා ගැනීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත.
ප්‍රතිපත්ති සම්පාදනය කරන ස්ථානය වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් රාත්‍රි සමාජ ශාලාවල, කැසිනෝ ගසමින් කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර කැරොකේ නැටුම්වල යෙදී සිට පසුවදා පාර්ලිමේන්තුවට පැමිණ නිදා වැටෙන තත්ත්වයක් පවතින අවස්ථා තිබෙන බවද් ඔහු කීය. මෙවැනි සමාජ විරෝධී කටයුතුවල යෙදෙන දේශපාලනඥයන් ඇතුළත් සීසීටීවී කැමරා දර්ශන පවා තිබෙන බව ද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ඇතැම් දේශපාලනඥයන්, ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් හා ආයතන ප්‍රධානීන් පිරිසක් මේ අතර සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
රටට ආදර්ශයක් විය යුතු ස්ථානයක් පිරිහීමට පත් නොවීම සඳහා මෙවැනි කටයුතුවල යෙදෙන දේශපාලනඥයන් ගැන අවධානය දක්වන ලෙස රන්ජන් රාමනායක ඇමැතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු-කැසිනෝ ගහන දේශපාලනඥයන් ගලවා ගැනීමට පියවර ගන්න