පසුගිය කාලේ රටින් ගෙනත්
(දයාසීලි ලියනගේ)
මෙරට නිෂ්පාදනය කරනු ලබන කටුවැල්බටු, වියළි ඉඟුරු හා මී පැණි කිලෝ ග්‍රෑම් 762,280ක් පසුගිය රජය කාලයේ දී මෙරටට ගෙන්වා ඇත.
ඒ අනුව රුපියල් 36,00,71,170ක් වටිනා මී පැණි කිලෝ ග්‍රෑම් 65,630ක් රුපියල් 2,99,77,200ක් වටිනා කටුවැල්බටු කිලෝ ග්‍රෑම් 1,76,450ක් හා රුපියල් 16,00,74,225 ක් වටිනා වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 5,20,200ක් වර්ෂ 2017 දී පිටරටින් ගෙන්වා ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා කීය.
රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් ඔසු උයන් පිහිටුවා තිබිය දී මේවා පිටරටින් ගෙන්වා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව රුපියල් 1,35,90,000ක් වටිනා හීන්අරත්ත කිලෝ ග්‍රෑම් 48,000ක් රුපියල් 5,06,33,250ක් වටිනා වියළි නෙල්ලි කි.ග්‍රෑ. 1,28,125ක් හා අමුක්කරා අල කි.ග්‍රෑම් 45,900ක් ආනයනය කර තිබෙන බව ද වාර්තා වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ආයුර්වේද ඖෂධ වශයෙන් මෙරට වගා කළ හැකි ඖෂධ හා පැළෑටි සඳහා මෙතරම් විශාල මුදලක් වැය කර ඇතැයි ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුවැල්බටු - ඉඟුරු මීපැණි කිලෝ හත් ලක්ෂයක්