(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන් කණ්ඩායම නැවතත් වෙනමම රැස්වී දේශපාලන කටයුතුවල නිරත වීමට තීරණය කර ඇත.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් කණ්ඩායම සෑම අඟහරුවාදා දිනකම කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිල නිවසේ දී හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
පසුගිය මහා මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික රජයක් පිහිට වූ අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු එයට හවුල් නොවී හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළේය.
නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම රැස්වී දේශපාලන කටයුතුවල නිරතවීම නතර කළේය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම රැස්වී සාකච්ඡා කළ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට තමන් සහභාගි වීමට ද තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඒකාබද්ධ විපක්ෂයට යළිත් පණදෙයි