IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එජාප අලුත් සන්ධානයට මනෝගේ පූර්ණ සහාය

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

එක්සත් ජාතික පෙරමුණ යන නමින් දීර්ඝ කාලයක් පැවැති සන්ධානය පුළුල් කොට සකසන නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට පූර්ණ සහය ලබාදෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.  

එහිදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ කිසිදු බලපෑමක් නොකරන බවත් එය බහුතර බලයක් ඇති එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

 


2010, 2015 යන වසරවල දී ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගත්තේ පොදු අපේක්ෂකයෙකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පිට අපේක්ෂකයෙකු ලෙසයි.  
ඒ නිසා දැවැන්ත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට ඒ අවස්ථාව ලබාදී එම පක්ෂයේම අපේක්ෂකයෙකු මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස යෝජනා වී ඇත.  


එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයට නැගීසිටීමට හැකිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.  


දැනට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයට තිබෙන අයිතිය අහිමි කිරීමට කිසිදු වැඩපිළිවෙළක් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඉදිරිපත් නොකරන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.



අදහස් (0)

එජාප අලුත් සන්ධානයට මනෝගේ පූර්ණ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site