(නිශාන්ත කුමාර බණ්ඩාර)
උපාධිධාරින්ට පුහුණුවක් ලබාදී රැකියා ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය තුළ වැඩි අවධානයක් යොමු වූ බව රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරින් කොටස් දෙකක් ඇති අතර ඔවුන් තෝරා ගැනීමේදී සිදුවූ වැරදි නිසා උපාධිධාරින්ගේ ගැටලුව උග්‍ර වූ බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
හිටපු ජනාධිපතිනියගේ හා හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී මෙවැනි සිද්ධීන් නිසා ගැටලු මතු වූ අතර බොහෝ බාහිර උපාධිධාරින් වෙනත් රැකියාවල නිරත වෙන නිසා ප්‍රමුඛත්වය අභ්‍යන්තර උපාධිධාරින්ට ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරින් තෝරා ගැනීමේ දී ගැටලු මතුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවයි.
මෙහිදී ජනාධිපතිවරයා තමන්ට සති දෙකක කාල සීමාවක් ලබා දෙන ලෙසත් එම කාලය තුළ බාහිර සහ අභ්‍යන්තර උපාධිධාරින් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව රජයේ ආරංචි මාර්ග පැවසීය.
2025 දෙසැම්බර් මස 04
357
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපාධිධාරින්ට රැකියාවට පෙර පුහුණුවකට යෝජනාවක්