(නිශාන්ත කුමාර බණ්ඩාර)
උපාධිධාරින්ට පුහුණුවක් ලබාදී රැකියා ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය තුළ වැඩි අවධානයක් යොමු වූ බව රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරින් කොටස් දෙකක් ඇති අතර ඔවුන් තෝරා ගැනීමේදී සිදුවූ වැරදි නිසා උපාධිධාරින්ගේ ගැටලුව උග්‍ර වූ බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
හිටපු ජනාධිපතිනියගේ හා හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ දී මෙවැනි සිද්ධීන් නිසා ගැටලු මතු වූ අතර බොහෝ බාහිර උපාධිධාරින් වෙනත් රැකියාවල නිරත වෙන නිසා ප්‍රමුඛත්වය අභ්‍යන්තර උපාධිධාරින්ට ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරින් තෝරා ගැනීමේ දී ගැටලු මතුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවයි.
මෙහිදී ජනාධිපතිවරයා තමන්ට සති දෙකක කාල සීමාවක් ලබා දෙන ලෙසත් එම කාලය තුළ බාහිර සහ අභ්‍යන්තර උපාධිධාරින් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd