(දයාසීලි ලියනගේ)
මත්පැන් නිෂ්පාදන ආයතන තුනකින් රුපියල් කෝටි 75 කට ආසන්න මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතුව තිබෙන බව වාර්තාවේ.
මෙයින් ආයතන දෙකක් හිඟ මුදල් නොගෙවීමේ හේතුව මත වසා දමා තිබෙන අතර අනෙක් ආයතනය කාලයක් හිඟ මුදල් ටික ටික ගෙවා ඇතත් මෑතක සිට හිඟ මුදල් ගෙවා නැති බව සඳහන්වේ.
එම ආයතනය කෝටි 32ක මුදලක් ගෙවීමට හිඟව පවතින අතර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එම මුදල් ලබා ගැනීම සඳහා විටින් විට සිහි කැඳවීම් කර තිබෙන බවද වාර්තාවේ.
ඉදිරි මාස 3ක කාලය තුළ එම මුදල් නොගෙව්වොත් ගත යුතු ක්‍රියමාර්ග පිළිබඳ නීති උපදෙස් ලබාගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd