පොහොට්ටු පළාත් මන්ත්‍රීවරු-අගමැතිගෙන් ඉල්ලති
(දයාසීලි ලියනගේ)
මහ මැතිවරණයට හා පළාත් සභා මැතිවරණයට ‘පැරෂුට්කාරයන්’ ඉදිරිපත් නොකරන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටි පළාත් දේශපාලනඥයන් වෙනුවට පැරෂුට් කාරයන් ඡන්දයට ඉදිරිපත් වෙන බවට විවිධ කතා බහ පැතිර යමින් පවතින බව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්න සාලිය මෙන්දිස් මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දැඩි කැපවීමක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රණය තහවුරු කළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලනඥයන් වෙනුවට දැන් අලුත් පිරිස් මතුවී සිටින බව ද සාලිය මෙන්දිස් මහතා පෙන්වා දී ඇත.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ කැපවී ක්‍රියා කළ පිරිස හොඳින් දන්නා නිසා පැරෂුට්කාරයන් ගැන බියක් සැකක් ඇති කරගත යුතු නොවන බව යැයි ද මෙන්දිස් මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉදිරි මැතිවරණවලට පැරෂුට් කාරයන් එපා