IMG-LOGO

ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12කට රැකියා නැතිවෙන්න ළඟයි

(ගුණසිංහ හේරත්)  

ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ 12 කට ඒ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගතව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උපසභාපති ඩැරින්ටන් පෝල් මහතා කියයි.

ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම නිසා මේ තත්ත්වය උද්ගතව තිබෙන බව පෙන්වා දෙන පෝල් මහතා වර්මානයේ රටේ පවතින මේ තත්ත්වය ගැන ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ ඉහළ රාජ්‍ය නිලධාරීන් සංවේදී නොවීම ඛේදවාචකයක් ලෙස හඳුන්වයි. සිමෙන්ති කොට්ටයක රජයේ පාලන මිල රුපියල් 1375ක් වුවත් වෙළෙඳපොළේ රුපියල් 1,800 සිට 2,200 අතර මිලකට සිමෙන්ති විකිණෙද්දී පාරිභෝගික අධිකාරිය නිහඬව සිටින බවටද පෝල් මහතා චෝදනා කරයි.  

 

2020 පෙබරවාරි මාසයේ සිට මේ වන විට වානේ කම්බි මිල සියයට 80 කින්ද සින්ක් ඇලුමිනියම් ෂීට් මිල සියයට 130 කින්ද දේශීය ටයිල් මිල සියයට 35කින් ද ඇලුමිනියම් මිල සියයට 60 කින් ද ඉහළ ගොස් ඇතැයි පෝල් මහතා පෙන්වා දෙයි.  

 


වෙළෙඳපොළේ පවතින භාණ්ඩ හිඟය සහ අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් තමන් භාරගත් කොන්ත්‍රාත් නිසි කලට නිම කිරීමට නොහැකිව අසරණව සිටින බවද පෝල් මහතා කියයි. ඒ හේතු මත කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට යාමේදී රාජ්‍ය නිලධාරීන් රටේ පවතින යථාර්ථයට පිටුපසින් කටයුතු කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් 7000 ක් පමණ බරපතළ පීඩාවකට පත්ව සිටින බවද පෝල් මහතා පෙන්වා දෙයි.



අදහස් (0)

ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12කට රැකියා නැතිවෙන්න ළඟයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site