IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමැති සුසිල් තවමත් කැබිනට් වර්ජනයේ

 

(අජන්ත කුමාර අගලකඩ) 
ඇමැතිවරයකු ලෙස තමන් සිටින්නේ උදේ අමාත්‍යාංශයට ගොස් හවසට එන්නට පමණක් දැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට සටහනක් යවමින් විමසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඇමැති ප්‍රේමජයන්ත මහතා මෙම කැබිනට් සටහන යොමුකර ඇත්තේ තම අමාත්‍යාංශයට මේ වසරේ වෙන්වූ රුපියල් මිලියන 1700 න් රුපියල් මිලියන 1400 ක් පහුගිය වසරේ අමාත්‍යාංශයේ බිල්පත් ගෙවීමට යොදා ගන්නා ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් කර ඇති දැනුම් දීමකට පිළිතුරු වශයෙන් යැයිද දැනගන්නට තිබේ. 


අගමැති ධුරය වෙනසක් විය යුතු බවට දැඩිව පෙනී සිටින ප්‍රේම ජයන්ත ඇමැතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ දක්වා පැවැති කිසිම කැබිනට් රැස්වීමකට සහභාගි වී නොමැති අතර ඔහු කැබිනට් රැස්වීමට සහභාගි නොවී කැබිනට් සටහන අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති බව ද වාර්තා වේ. 


තම අමාත්‍යාංශයට පහුගිය වසරේදී ප්‍රමාණවත් මුදලක් වෙන් නොකළ බවත් මෙවරද අමාත්‍යාංශයට ලැබුණු රුපියල් මිලියන 1700 න් මිලියන 1400 ක් ගිය වසරේ බිල්පත් ගෙවීමට යොදා ගැනීමෙන් අමාත්‍යාංශයට මුදලක් ඉතිරි නොවන බවත් ඇමැතිවරයා සිය කැබිනට් සටහනෙන් පෙන්වා දී ඇතැයිද වාර්තා වේ. 

 



අදහස් (0)

ඇමැති සුසිල් තවමත් කැබිනට් වර්ජනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site