(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ වී-8 වර්ගයේ සුඛෝපභෝගි වාහනයට ජලය මිශ්‍ර ඉන්ධන සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙල් පිරවුම්හල් හිමියා නිවැරැදි කිරීමට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කර ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් පිළිබඳ වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශය මගින් මේ සම්බන්ධයෙන් කරන ලද සොයාබැලීමේදී මෙම වාහනයට ජලය මිශ්‍ර ඉන්ධන ලබාදී ඇති බවට පරික්ෂණාගාර වාර්තාවෙන් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
ඉන්ධන ටැංකියෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ජලය සහිත බව එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත.
එහෙත් සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් ඇමැතිවරයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබා දී ඇති අතර එහි සඳහන් කර ඇත්තේ ජලය මිශ්‍ර ඉන්ධන ලබා දීමක් සිදු වී නොමැති බව යැයි සඳහන් වේ.
මෙහිදී සැබෑ වාර්තාව වෙනුවට අදාළ නිලධාරියා ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කර තෙල් පිරවුම්හල නිර්දෝශි කර ගෙන ඇතැයි කියති.
එහෙත් විමර්ශන අංශයට ලැබී ඇති පරීක්ෂණ වාර්තාවට අනුව මෙම වාහනයට සපයා ඇති ඉන්ධනවලින් හරි අඩක් ජලය මිශ්‍ර බවට සඳහන් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
213
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
969
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැතිගේ වාහනයට ජලය මුසු ඉන්ධන ගැසූ පිරවුම්හල රකින වෑයමක්