මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්
(දයාසීලි ලියනගේ)
රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සම්බන්ධයෙන් විවිධ යෝජනා ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ මෙතෙක් ලිඛිතව රජයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් ආර්.ඒ.පී. රත්නායක මහතා කියයි.
දේශපාලන පක්ෂයකින් හෝ වෙනත් සංවිධානයකින් ආර්ථික සංවර්ධනයට යම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණ හොත් ඒ පිළිබඳව සාධනීය ලෙස සලකා බැලීමට හැකියාව ඇති බව ද ඒ මහතා පැවසීය.
මේ වෙනවිට රට දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටියත් ප්‍රමුඛතාවන් හඳුනා ගෙන ආර්ථිකය මෙහෙයවීමට රජය ක්‍රියා කරන අතර ඒ යටතේ මූලික අවශ්‍යතාවන් ඉටු කිරීමටද පියවර ගනු ලැබේ.
ඒ අනුව රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් දීමනා අඛණ්ඩව සැපයීමට කටයුතු යොදවන බව ද රත්නායක මහතා කීය.
මේ වෙනවිට රට ක්‍රමයෙන් විවෘත වෙමින් පවතින අතර ව්‍යාපාර ආරම්භ කර නිෂ්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කෙරෙමින් පවතින අතර මීට අමතරව ඉදිරියේදී අලුත් සංකල්ප ප්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව ද රත්නායක මහතා කීය.
හැකිතාක් අපනයනය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අලුත් නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රමුඛතාව දීමට කටයුතු යොදන බව ද රත්නායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථිකය ස්ථාවර කරන යෝජනා විපක්ෂයෙන් එවා නෑ