IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අඩු කළ ආහාර මිල සහනය පාරිභෝගිකයාට තවම නැහැ

(මහින්ද නිශ්ශංක)  
අයවැයට පෙර අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, හාල්මැස්සන්, කරවල හා ෆාම් තෙල් ආනයනික බදු අඩු කර ඇතත්, එම වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ඒවායේ සිල්ලර මිල තවමත් අඩුවී නැතැයි ඔවුහු පවසති.  

මෙම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජය මගින් අඩු කළ පසු එම වාසිය පාරිභෝගිකයාට ලබාදීම සඳහා භාණ්ඩවල තොග මිල පහත දමා ඇතැයි පවසන එම භාණ්ඩ ආනයනකරුවෝ හා පිටකොටුව තොග වෙළෙන්දෝ, ඒ අනුව භාණ්ඩවල සිල්ලර මිල වහා අඩු විය යුතු බවද කියා සිටිති. මේ වන විට පිටකොටුව තොග වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 100ත් 110ත් දක්වාද, අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 දක්වා ද, පරිප්පු කිලෝවක මිල 110 දක්වා ද පහළ බැස ඇතැයි තොග වෙළෙන්දෝ පෙන්වා දෙති.  


මේ අතර අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, හාල්මැස්සන්, කරවල සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදාගෙන යන අතර, උපරිම මිලක් දන්වා එවන ලෙස අධිකාරිය පාරිභෝගික සභාවට දැනුම් දී තිබේ.  


ලොකු ලූනු, අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 39කින්ද, පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12කින්ද, හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10කින් ද කරවල කිලෝවක් රුපියල් 50කින් ද බදු අඩු කර තිබේ.

 



අදහස් (0)

අඩු කළ ආහාර මිල සහනය පාරිභෝගිකයාට තවම නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site