IMG-LOGO

අගමැති රනිල් දිවුරුම් දීම අද

(අජන්ත කුමාර අගලකඩ සහ දේශපාලන වාර්තාකරු විසිනි)  

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයට නැවත ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව දීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඒ අනුව හෙට (17) දිනය වනවිට නව ආණ්ඩුව පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) රාත්‍රි රැස්වීමට නියමිතව සිටි අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබූ බවද වාර්තා විය.  


මේ අතර එජාපයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ නව අගමැතිවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිවුරුම් දෙනු ඇති බවය.


මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ අසුන්ගනු ඇතැයි පැවසේ.  
එ් අනුව නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවුරුම් දෙන ඇතැයිද වාර්තා වේ.  රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින්, ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී සම්මතවූ යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එදිනම පස්වරුවේ යවා තිබූ අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ සහාය පළවී තිබිණි.  


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශකර තිබිණි.  මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකතුවෙන් ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. 

 



අදහස් (0)

අගමැති රනිල් දිවුරුම් දීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site