2017 දෙසැම්බර් මස 12 වන අඟහරුවාදා දිනෙන් ආරම්භව 2017.12.21 දිනෙන් අවසන් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවෙසින් පිටත්වීමට අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත.
මෙදින නිවසේදී උදේ 6.00 - 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳ පුදා ශ්‍රී විෂ්ණු දෙවිඳුට ශ්‍රී කතරගම දෙවිඳුට ශ්‍රී ගණ දෙවිඳුට සරස්වතී දේව මාතාවට මහා බ්‍රහ්ම දෙවිඳු ඇතුළු සියලුම දෙවියන්ට පින්දී සෙත් පතා මව්පිය වැඩිහිටි නැමැද ගමන් අරඹන්න. එසේම පහත සඳහන්,
බුද්ධෝ තිලෝක සරණෝ, බුද්ධෝ සුරියො, තමෝනුදෝ
එවං තං සරණං ඛේමං බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා
ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝසුරියෝ තමෝනුදෝ
එවං තං සරණං ඛේමං ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මය්හං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ
එවං තං සරණං ඛේමං සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං නත්ථි මය්හං භයං සදා
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා එ්තෙන සච්චේන ජයස්සු මය්හං
යන ගාථාව කියා,
නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එ්ස්වාහඃ යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න. විභාග ශාලාවේදී ලිවීමට පෙර නමෝ ශ්‍රී බුද්ධි ජය ජය ඒස්වාහඃ යන පාඨය තෙවරක් කියා පිළිතුරු ලිවීම ආරම්භය ශුභයි. ඔබට ජයක්ම වේවා!
ශුභ නැකැත්, ශූභ දිශාව සහ රාහු කාලය
2017 දෙසැම්බර් 12 අගහරුවාදා 6.26, 6.50, 7.26, 7.50 නැගෙනහිර, රාහුකාලය 3.12 සිට 4.42 දක්වා
13 බදාදා 6.15, 6.27, 7.49, 7.51, 9.35, 10.39, 10.59, 11.27, 11.51 උතුර, රාහුකාලය 12.13 සිට 01.43 දක්වා
14 බ්‍රහස්පතින්දා 6.15, 6.35, 6.55, 7.48, 7.51, 9.51, 10.15, 10.27, 11.38, 12.03, රාහුකාලය 01.43 සිට 03.13 දක්වා
15 සිකුරාදා 6.52, 7.16, 7.28, 7.48, 8.08 උතුර, , රාහුකාලය 10.44 සිට 12.14 දක්වා.
16 සෙනසුරාදා 6.40, 7.04, 8.16, 7.36, 7.56, 9.52, 10.16, 10.52, 12.08 උතුර, රාහුකාලය 09.14 සිට 10.44 දක්වා
18 සඳුදා 6.53, 8.05, 7.13, 8.03, 9.41, 10.28, 10.53, 11.17, 11.53 නැගෙනහිර, රාහුකාලය 07.45 සිට 09.15 දක්වා
19 අඟහරුවාදා 6.42, 6.54, 7.02, 7.30, 7.51, 9.30, 10.42, 10.54, 11.06, 11.14, 12.18, 12.38 උතුර, රාහුකාලය 03.16 සිට 04.46 දක්වා
20 බදාදා 6.18, 6.30, 7.10, 7.42, 7.54 නැගෙනහිර, රාහුකාලය 12.16 සිට 11.46 දක්වා.
21 බ්‍රහස්පතින්දා 6.18, 6.38, 6.58, 7.42, 7.54, 8.06, 8.14 උතුර, රාහුකාලය 01.46 සිට 03.16 දක්වා.
පී.එම්. මුදලිගේ
ජ්‍යෝතිෂ උපදේශක, ජ්‍යෝතිර්වේදී ෙගෟරව ‘ජයමිණි’
හප්පාවන, වංචාවල.
0718051228.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd