වසර මිලියන 1.7 ක් පැරැණි යැයි විශ්වාස ‘රාම් සේතු’ එසේ නැතිනම් ‘රාමාගේ පාලම’ සැබැවින්ම අබිරහසකි. ඉන්දියාවේ පම්බාන් දූපතේ ධනුෂ්කෝදි තුඩුවෙන් ආරම්භ වන පාලම කිලෝ මීටර් 30 ක් දිගින් යුක්ත බවත් පළල කිලෝ මීටර් 3 ක් බවත් පැවැසෙයි. ‘රාමාගේ පාලමේ’ නෂ්ටාවශේෂ ලෙස අද දකින්න ලැබෙන්නේ මුහුදේ පාවෙන ගල් පමණි. හරිහැටි පැහැදිලි කිරීමක් නොලැබුණු අබිරහස නම්, මෙම ගල් ගිලෙන්නේ නැතිව පා වෙන්නේ කෙසේද යන්නය.
වාල්මිකීගේ රාමායණයට අනුව, ‘රාමසේතු’ පාලම ඉදිකළේ රාමා සහ ලක්ෂ්මන් සහායට ආ හනුමාන් ප්‍රමුඛ වානර සේනාවය. රාමයනයේ සඳහන් වන අන්දමට රාමා යනු විෂ්ණු දෙවියන්ගේ සත්වැනි අවතාරයයි. රාමා අයෝධ්‍යා පුරයේ කුමාරයා ය. ලක්ෂ්මන් රාමාගේ සොයුරාය. මාලිගයෙන් පිටුවහල් කිරීමෙන් පසු, රාමා, සුරූපී බිරිඳ සීතා සහ සොයුරු ලක්ෂ්මන් වනගතව ජීවත් වෙති.
සීතා දේවිය, රාවණා රජු විසින් පැහැර ගැනීමෙන් පසු, සීතා බේරා ගැනීමේ අරමුණින් රාමා සහ ලක්ෂ්මන් වානර සේනාව ද පිරිවරා ගෙන ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ සහායට හනුමන් හමුවන්නේ එසේ පැමිණෙද්දීය.
ලංකාවට යෑමට ඔවුන්ට ඇති බාධකය මහා සාගරයයි. මුහුදෙන් එතෙර වෙන්න ඉඩ දෙන්නැයි රාමා මුහුදු පාලක දෙවිඳුන් වන වරුණගෙන් ඉල්ලීමක් කරයි. කෙසේ නමුත් වරුණ රාමා ඉදිරියේ පෙනී සිටියේ නැත. එවිට රාමා ඔහුගේ මහා බලගතු ඊතල විඳිමින්, මුහුද කළඹන්න පටන් ගනී. එවිට වරුණ දෙවියන් රාමා ඉදිරියේ පහළ වී, විශ්වකර්මගේ දරුවකු වානර සේනාවේ වානරයන් අතරේ සිටින බවත්, එම වානරයාගේ උදවුවෙන් පාලමක් ඉදිකර ලංකාවට යා හැකි බවත් පැහැදිලි කරයි.
පාලම ඉදිකරන වානරයා නාලා ය. නීල් නමැති සෙම්පති වානරයාගේ සහාය නාලාට හිමිවෙයි. රාම සේතු පාලම නාලාගේ පාලම හෙවත් ‘නාලා සේතු’ යන නමින් ද හැඳින්වෙන්නේ එහෙයිනි. වානරයෝ මිලියන 10 ක පිරිසක් ඉදිකිරීමේ කටයුත්තට දායක වෙති. පාලම ඉදි කෙරෙන්නේ දින පහකිනි.
රාමායණයට අනුව, වානර සේනාව, ඇතුළු වන සතුන් පමණක් නොව, සාගර ජීවීන් ද එක් වී, පාලම නිර්මාණය කරයි. තල් ගස් පොල් ගස්වල කඳන් පමණක් නොව හුණු ගල් ද පාලම නිර්මාණයට යොදා ගැනෙයි. පාලමට යොදා ගත් ගල් ජලයේ ගිලෙන්නේ නැතිව පා වීම සිදු කළේ නාලා සිය දැනුම සහ හැකියාව යොදා ගනිමින් යැයි ද රාමායණයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
රාමා සේතු පාලමට අයත් යැයි විශ්වාස කෙරෙන මුහුදේ එක තැන පාවෙන ගල් කුට්ටි සහ ගල් පතුරු අද විද්‍යාඥයන්ට අබිරහසක් වී ඇත්තේ ඒවා මෙසේ පා වෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි. එම ගල් සැබැවින්ම රාමා සේතු පාලමට අයත් ඒවාද ? එසේ නම්, රාමායණය සැබෑවක් ද? බොහෝදෙනාගේ විශ්වාසය වී ඇත්තේ එයයි.
ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් මෙම අබිරහස දෙස බලන්නේ විදු ඇසිනි. පෘථිවි කක්ෂයේ රඳවා ඇති අති ප්‍රබල චන්ද්‍රිකා දුරේක්ෂ ආධාරයෙන් රාමා සේතු පාලමේ ශේෂයන් අධීක්ෂණය කරන නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දකින්න ලැබෙන ගල්, ශේෂ වූ පාලමකට අයත් ඒවා නොව, කොරල් පර පිහිටීමක් කියාය.
කොරල් යනු කැලිසියම් කාබනේට්ය. සාගර ජීව විද්‍යාඥයන් සේම, භූ විද්‍යාඥයන් ද පෙන්වා දෙන අන්දමට, කොරල් ජලයේ පා නොවේ. ඊට හේතුව ඒවා ජලයට වඩා ඝනත්වයෙන් වැඩිවීමය. එමෙන්ම, වසර ගණනාවක් තිස්සේ කොරල් පර නිර්මාණය වන්නේ, මුහුදු පතුලේ සිට තට්ටු කිහිපයක් ලෙසිනි. කොරල් බිහි වන්නේ ඝන පෘෂ්ඨයක් මතුපිට පමණි. එහෙයින්, රාමා සේතු ශේෂයන් යැයි විශ්වාස කෙරෙන ගල්, කොරල් යැයි කිව නොහැකි බව පැහැදිලි වෙයි.
රාමායණය විශ්වාසය පළ කරන බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ රාමා සේතු පාලම සැබෑවක් බවත් එය සැබැවින්ම ඉන්ජිනේරු විස්කමක් බවත්ය. වර්තමානයේ රාමේෂ්වරම් හි දකින්න ලැබෙන පාවෙන ගල්, ජලයේ පාවීමට නම් ඒවා ජලයට වඩා ඝනත්වයෙන් අඩුවිය යුතුය. පුදුම කරුණ නම්, එම ගල් ජලයට වඩා ඝනත්වයෙන් අඩු නොව, වැඩි වීමය. එසේ නම්, ඒවා පාවෙන්නේ කෙසේද? අබිරහස වන්නේ මෙයයි.
ඇතැම් භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, එම ගල් තුළ වායු කුහර ඇති බවය. වායු කුහර ඇති විට, ඒවායේ පා වීමක් සිදුවිය හැකිය. ඒ, එම ගල් සැහැල්ලු බවින් යුක්ත වන බැවිනි. මෙම අදහස මේ වනවිට විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක් වී ඇති පැහැදිලි කිරීමකි. කුරුල්ලන්ගේ සිරුරු බර වුවත්, උන් පහසුවෙන් පියාසර කරන්නේ, සිරුරේ අස්ථිවල ඇති වායු කුහර නිසා යැයි විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර සිටිති. වායු කුහර නිසා කුරුල්ලන්ගේ සිරුරේ බර සැහැල්ලු වෙයි.
ලුසිත
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හනුමා හැදූ මන්නාරම් පාලමේ ගල් පාවෙන්නේ කොෙහාමද?