ඉන්දියාව අත්පත් කරගත් ‘‘මූගල්’’ මෙහෙයුම-2
ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය ආරම්භ වූයේ ක්‍රි. ව. 1206දීය. ඔවුහු ඉන්දියානු උප මහද්වීපයේ විශාල භූමි ප්‍රදේශයක පාලනය තමන් වෙත නතු කරගෙන සිටියහ. එහි ආරම්භකයන් වූයේ මම්ලුක් නොහොත් ගූලාම් රාජවංශයයි. ඉන්පසු කල්ජි, තුග්ලක්, සෙයියිඩ් සහ ලෝදි යන රාජවංශිකයෝ වසර 320ක් පුරා ඉන්දියාව පාලනය කළහ. මොංගෝලියානු අධිරාජ්‍යයේ ප්‍රහාරයනට සාර්ථකව මුහුණ දුන් ප්‍රාන්ත රාජ්‍ය අතර ප්‍රමුඛ රාජ්‍යයක් වූයේ දිල්ලි සුල්තාන් රාජ්‍යයයි. දිල්ලි රාජවංශයේ අවසානය සනිටුහන් වූයේ ඇෆ්ගනිස්ථානයේ ලෝදි ගෝත්‍රිකයන් විසින් ආරම්භ කළ ලෝදි රාජවංශයෙනි. බහලුල් ඛාන් ලෝදි විසින් ආරම්භ කෙරුණු එම රාජවංශයේ අවසන් පාලකයා වූයේ ඉබ්‍රාහිම් ලෝදිය.
බාබුර් තුන් වැනි වරට ඉන්දියාව ආක්‍රමණය කරන ලද්දේ ක්‍රිි.ව.1524දීය. මේ කාලයේ පංජාබයේ පාලකයා වූයේ දව්ලත් ඛාන්ය. ඉබ්‍රාහිම් ලෝදිට ඔහු තනතුරින් පහකිරීමේ අවශ්‍යතාවත් තිබිණි. ඉබ්‍රාහිම්ගේ මාමා කෙනකු වූ අලා උද්දීන් ඛාන් නොහොත් අලාම් ඛාන්ද එවැනි තර්ජනයකට මුහුණ පා සිටියේය. දව්ලත් ඛාන් හා අලා උද්දීන් ඛාන්ගේ අවශ්‍යතාව වූයේ ඉබ්‍රාහිම් ලෝදි පලවා හැර දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් සතු කර ගැනීමය. ඒ සඳහා ඔවුහු බාබුර්ගෙන් උපකාර ඉල්ලා සිටියහ. දව්ලත් ඛාන්ට පන්ජාබයත්, අලා උද්දින් ඛාන්ට දිල්ලියත් ලබා දීමේ පොරොන්දුව මත බාබුර් ඉන්දියාව බලා පිටත් විය.
බාබුර්ගේ අවශ්‍යතාව වූයේ තම රාජ්‍යය පන්ජාබය දක්වා විශාල කිරීමය. දව්ලත්ගේ හා අලා උද්දීන්ගේ ආරාධනය ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහඟු අවස්ථාවක් විය. ටිමුර්ගේ පරපුරින් පැවත ආ බාබුර් පන්ජාබය තම පෙළපත සතු වස්තුවක් යැයි සිතා සිටියේය. ඉබ්‍රාහිම් ෙලා්දි වෙත තානාපතියකු යැවූ බාබුර් දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් වෙත පවරා දිය යුතු යැයි දැන්වීය. බාබුර්ගේ ඉල්ලීමෙන් කෝපයට පත් ඉබ්‍රාහිම් එම තානාපතිවරයා සිරගත කළේය.
තම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා තම තානාපතිවරයා සිරගත කිරීම බාබුර්ගේ කෝපය තියුණු කරවන්නක් විය. ඔහු ඉබ්‍රාහිම් ලෝදි හා සටන් කරනු සඳහා 12,000ක හමුදාවක්ද සමඟ ක්‍රි.ව. 1525දී ලාහෝරය බලා පිටත් විය. බාබුර් පැමිණෙන තෙක් නොඉවසූ දව්ලත් ඛාන් ලෝදි හා සටන් කිරීම සඳහා හමුදාවක් දිල්ලියට යැවීය. එහෙත් ඔහුගේ හමුදාව ඉබ්‍රාහිම් ලෝදිගේ හමුදාව වෙතින් පරාජයට පත් වූ හෙයින් ඔහු යළිත් බාබුර්ගේ සහය පතා සිටියේය. ලාහෝරය අත්පත් කර ගත් බාබුර්ගේ හමුදා දින දෙකක් තුළ එය සම්පූර්ණයෙන්ම ගිනිබත් කළහ.
ඉබ්‍රාහිම් ලෝදි ඒ වන විට සිටියේ දිල්ලියේය. බාබුර් හා ඔහුගේ හමුදාව ලෝදි හා සටන් කරනු පිණිස දිල්ලිය බලා පිටත් වූහ. බාබුර් තමන් හා සටනට පැමිණෙන පුවත සැලවූ ලෝදි විශාල සේනාවක්ද සමඟ පානිපත් තැනිතලාවේ රැඳී සිටියේය. ක්‍රි. ව. 1425 අප්‍රේල් මස 21 දින දෙපිරිස අතර සටන ආරම්භ විය.
ඉන්දියාවට වයඹ දෙසින් පැමිණෙන සතුරකු කයිබර් දුර්ගයේදී නැවැත්විය නොහැකි වුවහොත් සටන සඳහා සුදුසුම ස්ථානය වූයේ සට්ලෙජ් හා යමුනාව අතර වූ බිම් තීරයයි. හේමන්ත සෘතුවේ පංජාබයේ ගංගාවන්හි ජලය අඩු වන හෙයින් සතුරා නැවැත්වීමට ජල දුර්ග යොදා ගැනීම අසීරු විය. සට්ලෙජ් හා යමුනා නදිය අතර පිහිටි පානිපත් තැන්න ස්වභාවයෙන්ම සංග්‍රාම වාසියක් අත්පත් කරගත හැකි ස්ථානයක් වූයේ දිල්ලියට හා අග්‍රාවට පහසුවෙන් ළඟා විය හැකි වීමත්, සේනාවට අවශ්‍ය සියල්ල පහසුවෙන් සපයා ගත හැකි වීමත් හේතුවෙනි.
බාබුර්ගේ හමුදාව සහ ඉබ්‍රාහිම් ලෝදිගේ හමුදාව අතර පානිපත්හිදී මුහුණට මුහුණ ලා සටන් ඇති විය. බාබුර්ගේ 12,000ක හමුදාවට මුහුණ දීම සඳහා ලෝදි ලක්ෂයකට අධික හමුදාවක් සූදානම් කර තිබිණි. එයට ඇතුන් දහසක හමුදාවක් හා 700කින් යුතු අශ්වාරෝහක රථ හමුදාවක් ද විය. පළමු වරට ඉන්දියානු සටනක් සඳහා තුවක්කු භාවිත වූයේ මෙම සටනේදී යැයි පැවසේ.
බාබුර්ගේ හමුදාව මෙහෙයවන ලද්දේ යුද විශේෂඥයන් දෙදෙනකු වූ උස්තාද් අලි සහ මුස්තාපා විසිනි. ඉන්දීය ඉතිහාසයේ තීරණාත්මක සටනක් වූ එය අවසන් වූයේ ඉබ්‍රාහිම් ලෝදිට මරණය අත් කර දෙමිනි. පසළොස් දහසකට අධික මළ සිරුරු තැනින් තැන වැටී තිබිණි. ඒ අතර ඊබ්‍රාහිම් ලෝදිගේ සිරුරද විය. ඉතිරි පිරිස හිස් ලූ ලූ අත දිව ගියහ.
ඉන්දියාව ජයගැනීමට හැකි වූයේ එවක එරට පැවැති දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙනි. මුස්ලිම් සහ හින්දු වශයෙන් බෙදී තිබීමද තීරණාත්මක වූයේය. වසර 300කට අධික කාලයක් පැවැති නව අධිරාජ්‍යයක් බිහි කිරීමට බාබුර් සමත් විය.
සටනේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමත්, සැලසුමකින් තොරව සේනාව මෙහෙයවීමත් හේතුවෙන් ඉබ්‍රාහිම් ලෝදි පරාජය වූ බවත් ඔහු කිසිදු පළපුරුද්දක් නොමැත්තකු බවත් බාබුර් සඳහන් කර තිබේ.
ඉබ්‍රාහිම් ලෝදිගේ මරණයෙන් පසු දිල්ලි සුල්තාන් රාජ්‍යය අරාජික විය. බාබුර් දිල්ලිය සහ අග්‍රාව අත්පත් කර ගත්තේය. දිල්ලි සුල්තාන් රාජ්‍යය ඉතා විශාල වූවා සේම එය සතු ධනස්කන්ධයද විශාල විය. එම ධනය රැස්කොට තිබුණේ දිල්ලියේ සහ අග්‍රාවේය. සමස්ත ධනස්කන්ධයම තමන් සතු කර ගැනීම බාබුර්ගේ අරමුණ විය. ඒ සඳහා ඔහු දිල්ලිය බලා ගිය අතර ඔහුගේ පුත් හුමායුන් අග්‍රාව බලා ගියේය. බාබුර් තමන් අත්පත් කරගන්නා ලද ධනයෙන් කොටසක් කුමාරවරුන්, රදලයන් හා සොල්දාදුවන් අතර බෙදා දීමට කටයුතු කළ අතර සමර්ඛාන්ද්, කැෂගාර්, බොරසන්, පර්සියා සහ තාබුල් යන ප්‍රදේශයන්හි සිටි ඔහුගේ මිත්‍රයන්ටද නොමසුරුව ත්‍යාග යැවීය.
ජයග්‍රාහි බාබුර් ක්‍රි.ව. 1526 අප්‍රේල් මස 26 දින දිල්ලි දේවස්ථානයේදි තමා හින්දුස්ථානයේ පාද්ෂා නොහොත් අධිරාජයා බවට ප්‍රකාශ කළේය. ඉන්පසු දිල්ලියේ සිට අග්‍රාව බලා ගිය ඔහු එය තම රාජ්‍යයේ අගනුවර බවට පත් කර ගත්තේය.
හින්දුස්ථානයේ බලය තහවුරු කර ගැනීම සඳහා බාබුර්හට තවත් සතුරන් දෙදෙනකු හා සටන් කිරීමට සිදුවී තිබිණි. ඒ නැගෙනහිර දිසාවේ සිටි ඇෆ්ඝන්වරු හා රාජ්පුත්හි රාණා සංඝය. ක්‍රි.ව. 1527 වන තෙක් ඇෆ්ඝන් නායකයන් තමන් වෙත දිනා ගැනීමේ උත්සාහයක බාබුර් නිරත විය. එහිදී ඇතැම් ඇෆ්ඝන් නායකයන් බාබුර් හා එක් වූ අතර කනෞජ්, සාශීපූර්, ජෞන්පූර්හි පාලකයන් හුමායන් විසින් යටත් කර ගන්නා ලදී.
ග්වාලියෝර් රජුද බාබුර්ට යටත් විය. මෙයින් බියට පත් රාණා සංඝ සේනාවක්ද රැගෙන බයානයට පැමිණියේය. ඔහුගේ සහයට රජවරුන් සත් දෙනකු සහ පාලකයන් එකසිය හතර දෙනෙක් එක් වූ අතර අසූදාහක අශ්වාරෝහක සේනාවක් හා ඇතුන් පන්සියයක් සේනාවට ඇතුළත් විය. ඇෆ්ඝන් නායකයන් කිහිප දෙනෙක්ද ඔහුට එක් වී සිටියහ.
බාබුර් හා රාණා අතර සටන ක්‍රි.ව. 1527 මාර්තු 16 ආරම්භ විය. බාබුර්ගේ කාලතුවක්කු හමුවේ රාණාගේ අශ්වාරෝහක හමුදාව විනාශ වී ගියේය. එහෙත් රාජ්පුත් සේනාවේ විශාලත්වය නිසා ඔවුන් පහසුවෙන් පරාජය කළ නොහැකි විය. උතුරු ඉන්දියාවේ දිල්ලි සුල්තාන් රාජ්‍යය තුළ රාජ්පුත් අධිරාජ්‍යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් සිටි රාණා සංඝගේ අභිප්‍රාය කාන්ව සටනින් විනාශ වී ගියේය.
පැය දහයක් පැවැති එම සටනින් බාබුර් ජයග්‍රහණය කළේය. දිවි ගලවා ගත් රාණා පලා ගියේය. රාජ්පුත්හි තවත් බලවත් නායකයකු වූයේ මෙදිනි රාඕය. ඔහු වාසය කළ චන්දෙරි බළකොටුව යටත් කර ගැනීම බාබුර්ගේ ඊළඟ අරමුණ විය. එය ආක්‍රමණය කළ අවස්ථාවේ එම බළකොටුවේ සිටි සියල්ලෝ පරාජය ලබනවාට වඩා මරණය උසස්යැයි තීන්දු කොට සිය දිවි නසා ගත්හ.
රාජ්පුත්හි බලය අත්පත් කර ගැනීමෙන් පසු බාබුර් නැඟෙනහිර දිසාවේ සිටි ඇෆ්ඝන්වරුන් හා සටනට පිළිපන්නේය. ඇෆ්ඝන්වරුන් අතර ද භේද පැවැතිණි. විශේෂයෙන් ලොහානිවරුන් හා ලෝදිවරුන් අතර පැවැති බල අරගලය උග්‍ර විය. ක්‍රි.ව. 1529දී සුල්තාන් මහමුද් ලෝදි නැගෙනහිර දිසාවේ විශාල භූමි භාගයක් තමා යටතේ එක්සත් කළේය.
බාබුර් අලහබාද්, බරණැස හා ගාසිපූර් ඔස්සේ නැගෙනහිර දෙසට ගමන් කළේය. එහිදී ජලාල් උද් දින් ඛාන් ලොහානි යටත් කරගත් බාබුර් බිහාරය අත්පත් කර ගත්තේය. ඇෆ්ඝන්වරුන්ගේ සහය පිණිස බෙංගාලයේ සුල්තාන්වරයා වූ නුස්රාත් ෂා සිටියේය. බාබුර් හා නුස්රාත් ෂාගේ හමුදා අතර ගෝග්‍රා නදී තීරයේදී සටන් ඇවිළිණි. සටනින් බෙංගාලි හමුදාව පරාජය වූ අතර නුස්රාත් ෂා, මූගල්වරුන් සමඟ සාම ගිවිසුමකට එළැඹියේය. ඉතිරි ඇෆ්ඝන්වරුන්ද බාබුර්ට යටත් වූහ. ක්‍රි. ව.1529 මැයි මස 06 වැනි දින ඇෆ්ඝන්වරුන්ගේ බලය බාබුර් විසින් බිඳ දමනු ලැබීය.
ගෝග්‍රා සටන බාබුර්ගේ අවසන් සටන විය. කලක් රෝගාතුරව සිටි බාබුර් ක්‍රි. ව. 1530දී මරණයට පත් විය. 48 වසරක් ජීවත් වූ බාබුර්ගේ ජීවිතයෙන් තිස් හය වසරක්ම දේශපාලනය හා යුද්ධය පිණිස වැය විය. පාලන කටයුතු පිළිබඳව පිරිපුන් හැකියාවක් ඔහුට නොවුණද සංග්‍රාමෝපායේ දක්ෂයකු විය. තුර්කි හා පර්සියානු දෙබසම මනාව හැසිරවිය හැකි වූ බාබුර්ට කදිම ශාස්ත්‍රීය ඥානයක් තිබිණි. ඔහු තම ආත්ම කථනය තුර්කි බසින් රචනා කළ අතර පසු කාලයේ ඔහුගේ පුත් හුමායුන් එය පර්සියානු බසට පරිවර්තනය කළේය. එය ව්‍යාජත්වයෙන් තොර කරුණු නොසඟවා ලියැවුණක් විය. කලා රසිකත්වයෙන් අනූන වූ හෙතෙම සතුරන් පිළිබඳව වුව ද්වේෂයකින් තොරව ලිවීමට තරම් නිහතමානී විය.
බාබුර්ගේ දක්ෂතාව පිළිඹිබු වනුයේ ඔහු ඉන්දියාවේ ලද ජයග්‍රහණ මත පදනම්වය. මධ්‍ය හා බටහිර ආසියාවේ ගත කළ කාලය අනුව නම් ඔහු ගෝත්‍රික නායකයකුට වඩා දක්ෂතාවක් පෙන්නුම් කොට නොමැත. ඔහුට ඉන්දියාව ජයගැනීමට හැකි වූයේ එවක එරට පැවැති දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙනි. ඉන්දියාව මුස්ලිම් සහ හින්දු වශයෙන් බෙදී තිබීමද තීරණාත්මක වූයේය. කෙසේ වුවද වසර 300කට අධික කාලයක් පැවැති නව අධිරාජ්‍යයක් බිහි කිරීමට බාබුර් සමත් විය. ඒ මූගල් අධිරාජ්‍යයයි.
මතු සම්බන්ධයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හින්දුස්තානය අත්පත් කර ගැනීමේ බාබුර්ගේ සිහිනය