IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට බුදුගුණ එකතු කරගන්න

මෙවර 2019 අප්‍රේල් මස 14 වන ඉරිදා ප.ව. 02.09ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.   


බුදුගුණ සිහිකිරීම   


සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වෙනුවෙන් පෙළගස්වා ඇති නැකැත් වේලාවන් උදාවන විට තෙරුවනට පහනක් දල්වා එම කටයුතු ආරම්භ කිරීමෙන් මහත්පල ලැබේ.   


පුණ්‍ය කාලය   


2019 අප්‍රේල් මස 14 වන ඉරිදා පෙ.ව. 07.45 සිට එදින ප.ව. 08.33 දක්වා පුණ්‍ය කාලය උදාව පවතියි.   


ආහාර පිසීම   


2019 අප්‍රේල් මස 14 වන ඉරිදා ප.ව. 02.42 රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව තුන්වරක් කියා නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් සහ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීමට ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස..   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   


බුද්ධ පූජාව   


නව වසරේ කිරිබත පිස ගැනීමෙන් පසුව දහවල් 12 න් පසු නිසා ගිලන්පස බුද්ධ පූජාවක් තබා කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදීන්ට පිං දෙන්න.   


සූර්ය නමස්කාරය 

 
ඉන්පසු අලුත් ගොක් අත්තකින් රවුම් මල් පැලක් සාදා නැගෙනහිර දිසාව බලා නැගෙනහිර දිසාවේ සිටqවන්න.   


එම මල් අතු පැලේ උස අඩි 4 1/2 ක් විය යුතුය.   


කොළ පාට ගොක් අතු වලින් මල්පැල සාදන්න එපා.   


ඉන්පසු අලුත් ගොක්අතු මල් පැලේ රවුම් පිත්තල තැටියක් තබා රවුමට කැපූ කෙසෙල් කොළයක් එලා එලඟි තෙල් පහනක් රතු මල් සුවඳ දුම් සහිතව කිරිබත් කෙසෙල් ගෙඩි පලතුරු පූජාවක් තබා පහත සඳහන් දැහැන කියා සූර්ය නමස්කාරය කළ හැකිය.   


එසේ කිරීමෙන් මුළු නවග්‍රහ මණ්ඩලයෙන්ම එන ග්‍රහ අපල අඩුවන බවට භාරතයේ විශ්වාසයක් පවතියි.   


සූර්ය දැහැන   


සූර්ය දේවතාවා නමඃ   
සූර්ය ​දේවතාවා නමඃ   
සූර්ය දේවතාවා නමඃ   


3 න් වරක් 07 වරක් හෝ 21 වරක් කීම ශුභයි' ඉන්පසු සූර්ය තන්ත්‍ර මන්ත්‍රය   


ඕම් හ්රාම්, හරීම්, හ්රවුම් සාහ් සූර්යයං නමඃ   
(මෙය 21 වරක් කියන්න) 

 
ආහාර අනුභවය

   
2019 අප්‍රේල් 14 වන ඉරිදා ප.ව. 03.54 ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පහත සඳහන් ගාථාව කියා තෙරුවනට පහනක් දල්වා නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයට ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස   
යං කිංචි විත්තං ඉධවාහුරංවා   
සග්ගේසු වායං රතනං පණීතං   
නනෝ සමං අත්ථි තථාගතේන   
ඉදම්පි බුද්ධේ රතනං පණීතං   
ඒතේන සච්චේන සුවත්ථි හෝතු   
03 වරක් කියන්න.   
හිස තෙල් ගෑම   


2019 අප්‍රේල් මස 17 වන බදාදා පෙ.ව. 07.40 ට නැගෙනහිර දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කො​හොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද හා ස්නානය කිරීමට ඉතා ශුභය.   


නමෝතස්ස   
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ   
අහෝසි මාරස්ස පරාජ යෝහි   
උග්ඝෝසයුං දේව ගණා පස්සනා   
ඒතේන සච්චේන ජයස්සු මය්හං   


07 වරක් කියන්න   


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම   


2019 අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා නැගෙනහිර දිසාව බලා පළාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පෙ.ව. 04.52 ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   


(03 වරක් කියන්න)   


බුදුගුණ   


ඉහත සඳහන් සේ සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වලට බුදුගුණ මුසුකර ගැනීමෙන් ගත සිත දෙකම ප්‍රබෝධමත් වී අපල උපද්‍රව දුරු වේ. අත් දැක ඇත.   

 


ඔබට සුභ නව වසරක් වේවා!   

 

 


ජ්‍යොතිර්වේදී   
වසන්ත කුරුප්පු   
රම්මුතුගල, කඩවත   

 



අදහස් (0)

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට බුදුගුණ එකතු කරගන්න

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

අම්මාගෙන් එන ඇමතුම ලෝකේ කොහේ හිටියත් මිස් කරන්නේ නැහැ - දිරිය යකඩ දියණිය චමරි
2024 ජුලි මස 24 42 0

මවක වෙනුවෙන්, නොඑසේ නම් අම්මා වෙනුවෙන් ලියැවුණ ගීත අතරින් මුළු ලෝකයම වගේ දන්න අපේ ක්‍රිකට් ක්‍රීඩිකාව ‘‘චමරි අතපත්තු’’ වැඩියෙන්ම කැමති ගීතය වන්නේ මේ


වින්ඩි තමයි ෆැෂන් ගැන දන්නේ - සනුක වික්‍රමසිංහ
2024 ජුලි මස 24 19 0

සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුර නියෝජනය කරනා දක්ෂයෙකු වන ඔහු සංගීත නිර්මාණයට සේම ගායනයටත් එක හා දක්ෂතා දක්වන්නෙකි. විවිධ ආකාරයේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රය


අපි සුරතල් සත්තු හදන්නෙ දරුවො වගේ - පූජනී භාග්‍යා
2024 ජුලි මස 24 25 0

සුරතල් සතුන් කියන්නේ, ඔබ අප හැමදෙනාම ගොඩාක් ආදරය කරන වගේම, අපිට නැතුවම බැරි ළබැදි මිත්‍ර කොට්ඨාසයක්. සඳැල්ලෙන් ගෙන එන ’’මගේ සුරතලා’’ විශේෂාංගයට, මෙවර අ


නෙළුම් බණ්ඩාර වලව්වේ කුමාරිහාමි අනුලා කරුණාතිලක
2024 ජුලි මස 24 58 0

“එතකොට මගෙ වයස අවුරුදු දාසයයි.. ගම් පෙරළියේ නන්දාගේ චරිතයට මම ලාබාල වැඩියි කියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කිව්වා.. ඉතින් මට ලයිසගෙ චරිතය ලැබුණා..” ත


මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවිය - කුසුම් රේණු
2024 ජුලි මස 16 60 0

“චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න තීරණය කරලා අවුරුදු පහක් ගත වෙනකම්ම රූගත කිරීම් ආරම්භ කරන්න බැරි වුණා.. ඒ මූල්‍යමය ප්‍රශ්නයක් නිසා.. මමත් ඒ ගැන බලාපොරොත්තු


වාහනයක් ගත්තොත් මුලින්ම පෙන්නන්නේ තාත්තට - රොෂාන් ප්‍රනාන්දු
2024 ජුලි මස 16 271 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය ’’රථගාය’’ වෙනුවෙන්, මෙවර සඳැල්ලට සම්බන්ධ කරගත්තේ, බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී රොෂාන් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site