විවාහ වන වයසේ පසුවන දූ පුතුන් සිටින මාපියන් තම දරුවන්ගේ විවාහය ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියත් ඒවා ඉෂ්ටවන බවක් පෙනෙන්නේ නැතිනම් දරුවාගේ කේන්ද්‍රය රැගෙන යන්නේ දෛවඥයකු ළඟටය. එහිදී අසන්නට ලැබෙන්නේ තව වසරක් හෝ දෙකක් යනතුරු විවාහය හරි නොයන බවත්, එසේ නැතිනම් වයස අවුරුදු 35 හෝ 49 ආදී විවිධ වයස් සීමාවෙන් පසුවන තුරු විවාහය හරි නොයන බවත් ආදී දේවල්ය.
විවාහය ඉක්මන් කිරීමට බෝධි පූජා යන්ත්‍ර දැමීම, මැණික් ගල් පැලඳවීම් ආදී බොහෝ ප්‍රතිකර්මද සිදුකරති. කෙසේ වෙතත් අදාළ කාලය ගෙවුණද සමහරුන්ට කිසිදු ප්‍රතිඵලයක් නැත. එසේම දරුවන්ගේ හිතුවක්කාර විවාහ පිළිබඳවද ඒවා පාලනයට මාපියෝ බොහෝ උත්සාහ ගනිති. ඇදුරන් ලවා ගුරුකම් කර ඒවා නැවැත්වීමට උත්සාහ ගනිති. නමුත් ඒ සියල්ල බලාපොරොත්තු වන තරම් සාර්ථක වන්නේ නැත.
එසේ වන්නේ ඇයි?
කේන්ද්‍රයක විවාහය ගැන කියන විට හත්වැන්න, සිකුරු ග්‍රහයා, කුජ ග්‍රහයා, දශාව, ග්‍රහයෝග ආදී බොහෝ දේ පරික්ෂා කර අදාළ විස්තරය ඔබට පවසයි. ඒවා බොහෝවිට නිවැරදිය. නමුත් ඒවා ක්‍රියාත්මක නොවන්නට තවත් කොතනක හෝ බලපෑමක් තිබිය යුතුය.
ජම්ම පත්‍රයකින් අප විස්තර ලබාගන්නේ අප ජීවත්වන ස්ථානයේ සිට සැතපුම් ලක්ෂ ගණනක් ඈතින් පිහිටි ග්‍රහයන්ගේ බලපෑම් අපේ ජීවිතයට එල්ලවන ආකාරයයි. නමුත් අප ජීවත් වන පෘථිවියෙන් වන බලපෑමක් ගැන කියවෙන්නේ නැත. නමුත් සැතපුම් ලක්ෂ ගණනක් ඈතින් ඇති ග්‍රහලෝකවල බලපෑමට වඩා අප ජීවත්ව සිටිනා පෘථිවියෙන් අපේ ජීවිතයට වන බලපෑම පොඩි එකක් නම් විය නොහැක.
මෙම බලපෑම් ගැන කතා කිරීමට හොඳම විෂය වාස්තු විද්‍යාවයි. වාස්තු විද්‍යාව තුළ දී අහස, පොළොව, ජලය, සුළං හා ගින්දර යන පංච භූත බලවේග නිවස තුළ අපේ යහපතට යොදා ගැනෙන සේ වාස්තු සැලසුම නිර්මාණය කරයි. භෞතික සැලසුමකින් අප කරනුයේ විශ්ව ශක්තිය අපේ යහපතට හරවා ගැනීමයි. ශක්තිය යනු ඕනෑම භෞතික වස්තුවකට යමක් කිරීමට ඇති සහජ හැකියාවයි. මෙම හැකියාව යහපතට පමණක් හරවා කරනු ලබන වාස්තු නිර්මාණයකින් අපට සුභ ප්‍රතිඵල ලැබෙන්නා සේම වැරදි නිර්මාණයකින් අශුභපලද ඒ ආකාරයටම ලැබෙනු ඇත. වාස්තු විද්‍යාවේ ඇති කළු හා සුදු ගැන මා වැඩිදුර කතාකිරීමට අදහස් නොකරන අතර මෙම ලිපියෙන් මා පෙන්වීමට උත්සාහ කරන්නේ වාස්තු විවාහයට බලපාන්නේ කෙසේද යන වගයි.
වාස්තු විද්‍යාවේදී නිවසක නිරිත දිශාවට ඇත්තේ ඉතා වැදගත් ස්ථානයකි. වාස්තු පුරුෂ සංකල්පයේදී වාස්තු පුරුෂයාගේ පා යුගල පිහිටා ඇත්තේ නිරිත දිශාවේය. නිවසක නිරිත දිශාවට හානිවීම තුළ එම නිවසේ ජීවත්වන නිවැසියන් හට බොහෝ කරදර පීඩා සිදුවේ.
නිවසක නිරිත දිශාව එල් හැඩයට කැපී නිරිත මුල්ලේ තනා ඇති නාන කාමර, වැසිකිළිවළ, වැසිකිළිය, කුස්සිය හා නිරිත දිශාවට බෑවුම් සහිත විශාල මිදුලක් තිබීමද නිරිත දිශාව පහත්වීමද නිරිත දිශාවේ ඇති ප්‍රධාන දෝෂයන්ය.
මෙවැනි නිවෙස්වලින් වැඩිම අහිතකර බලපෑම් සිදුවන්නේ කාන්තාවන්ටය. ඉහතින් දක්වා ඇති දෝෂයන් හා විවාහය අතර ලොකු සම්බන්ධතාවක් ඇති බව මෙවැනි නිවෙස් පරික්ෂා කිරීමෙන් මා හට නිරීක්ෂණය වී ඇත. විශේෂයෙන් මෙවැනි නිවසක ජීවත්වන තරුණ දූ පුතුන් සිටීනම්, බොහෝ අයගේ විවාහයන් පමාවීම, වැඩිහිටියන්ට අකීකරු වී හිතුවක්කාර විවාහයන් සිදුකරගැනීම, නොගැළපෙන විවාහයන් සිදුකරගැනීම නිසි වයස එළඹීමට පෙර අසාර්ථක විවාහයන් සිදුකර ගැනීම ආදිය පෙන්වාදිය හැකිය.
තවද සමහරුන් පවතින නිවසට සම්බන්ධ නොවන සේ කියා රිජිෆෝම් වැනි දෙයක් බිත්තියට තබා නිරිත දිශාවට කුස්සිය හෝ බාත්රූම් එකක් නිර්මාණය කරති. එවැනි කුස්සියක පෝරණුව දකුණු දිශාව හෝ බටහිර දිශාව බලා නිරිත මුල්ලේ තනා ඇතිනම්, එම ගෙදරට බොහෝ කරදර විපත් වන අතර, යෞවන වයසේ දූ වරුන් සිටී නම්, ඔවුන් හිතුවක්කාර විවාහයන්ට යොමුවීම හෝ චරිතය විනාශ කර ගැනීම වැනි දේවලින් පරෙස්සම් කරගැනීම ඉතා අසීරුය.
ඒ වගේම විවාහක යුවලක් ඉහත සඳහන් දෝෂ ඇති නිවසක ජීවත් වන විට, විවාහය දෙදරා වෙන්වීම, දරුවන් නොලැබීම, මෙවැනි නිවසක සිටින මවක් දූවරුන් බිහිකිරීමේදී දැඩි අපහසුතාවයන්ට ලක්වීම වගේම, නිරිත සේ ඊසාන දිශාවද දෝෂයන්ට ලක්වී ඇත්නම්, ගෙදර නිතර අඩදබර වලින් පොහොසත් වනු ඇත. නමුත් ඔබගේ ග්‍රහචාරය බලවත් නම් නිවසේ වාස්තු ෙදා්ෂ තිබුණද ඔබට කරදර නොවන්නට පුළුවන.
මේ අනුව බලන ඔබට පෙනීයන දෙයක් ඇත. එනම් ජ්‍යොතිෂය හෝ වාස්තුවිද්‍යාව මගින් ඔබට බලපෑම් කරනවා නොව ඔබට කර්මය අනුව සිදුවන්නට ඇති දෙයක් මෙම ශාස්ත්‍ර මගින් කලින් දැනුම්වත් කිරීමයි. බුදු දහමට අනුව විපාක දීමට ඇති අකුසල කර්මද උත්සාහය මත වෙනස් කරගත හැකි බව සඳහන් වේ. කර්මයද මෙසේ වෙනස් වී යයි නම් ඔබට ඔබේ නිවසේ ඇති දෝෂයක් වෙනස් කළ හැකි බව තේරුම් ගන්න.
ජ්‍යොතිෂය හා වාස්තුවිද්‍යාව ඉසිවරුන් විසින් හඳුන්වා දුන් ශාස්ත්‍ර බැවින්, එම ශාස්ත්‍ර ඇත්තේ අගුණකම් හා දෝෂ ගැන කියන්නට පමණක් නොව, එමගින් මිනිසාට මහත් සේවාවක් කරන්නටය. මා මෙම ලිපියේ මේ දක්වා කතා කළේ නිවසක නිරිත කොටසේ ඇති විවාහයට බලපාන දෝෂ පිළිබඳවයි. නමුත් ඔබට දෝෂ නැතිව සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි පරිදි නිවසක නිරිත කොටස කෙසේ සකස් කළ යුතුද යන්න ගැටලු සහගත ඇති.
මා පහතින් දක්වා ඇත්තේ ඊට අදාළ විස්තරයකි. මෙහි නිරිත දිශාව සම්පූර්ණව තිබිය යුතු අතර, ප්‍රධාන නිදන කාමරය නිරිත කොටසට සකස් කළ යුතුය. ඉඩම තුළද නිරිත කොටසේ ටොයිලට් හෝ ටොයිලට් වළවල් නොතිබිය යුතුය. කුස්සියද ගිනිකොන දිශාවේ ස්ථාන ගතකර ගත යුතුය. නිවසේ නිරිත කොටසට කුඩා මිදුලක් තබාගන්න. මෙහි පොළොවද නිරිත කොටස උස් කළ යුතු අතර, ජලය ගලායාම ඊසාන දෙසට තබාගන්න. එමගින් නිවසේ නිරිත කොටසේ බලපාන්නා වූ සියලු දෝෂයන්ගෙන් නිවස ආරක්ෂා වනු ඇත. එම නිසා මෙහි ජීවත් වන්නන්හට නියම කලට වේලාවට ආවාහ විවාහ කටයුතුද සිද්ධවී සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදාවනු ඇත.
නලින්ද ඩී. කුරුප්පුගේ
එන්ෆෝ අපරැක්ක
දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය
‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වාස්තු හා විවාහය