IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


විෂ්ණු දෙවියන් වැඩ ඉන්නේ දෙවිනුවර උපුල්වන් දෙවොලේ ද? අලුත්ගම කන්දේ විහාරයේ ද?

මතු බුද්ධත්වය පතා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහා තේජබල සම්පන්න දේවතාවුන් වහන්සේගේ අනුහස් පිළිබඳව අපි අද සිට කථා කිරීමට බලාපොරොත්තු වෙමු.   
ඒ මනුෂ්‍යයාට සෑම කරදර අවස්ථාවකදී පිහිටට පැමිණෙන තේජෝබල සම්පන්න විෂ්ණු දෙවියන් පිළිබඳවයි. විෂ්ණු දෙවියන් යනු කවුරුන්ද යන්නත් උන්වහන්සේ මනුෂ්‍යයන්ට පිහිට වන ආකාරය පිළිබඳවත් අපි කථා කරන්න බලාපොරොත්තු වෙමු. 

විෂ්ණු දෙවියන් යනු කවුද? කොහේ සිට ලංකාවට පැමිණියේද? යන්න පිළිබඳ කථා කිරීමට මුලින්ම අදහස් කරමි. උන්වහන්සේ ශ්‍රී ලංකාවාසී ජනතාව නිරන්තරයෙන්ම පිහිට පතා සිටින දෙවියකු බව අවිවාදය.   


සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට මෙන්ම මතු බුද්ධත්වය පතන බෝධිසත්ව දෙවියකු හැටියට විෂ්ණු දෙවියන් සැලකේ.   


විෂ්ණු දෙවියන්ගේ ඡන්මය ඉන්දියාවේ වන අතර එතුමන්ගේ ප්‍රබල ශක්තියක් ඇත. ජන්මලාභ්‍ ය අවස්ථාවේ සිටම උන්වහන්සේට මහා බලසම්පන්න ආනුභාවයක් මෙන්ම පින් බලයක් තිබුණ බව සඳහන් වෙයි. මේ පින් බලය නිසාම උන්වහන්සේට අවතාර දහයකින් පෙනී සිටිමට පිළිවන.  

 
එක් අවස්ථාවක රාම අවතාරයෙන් පෙනී සිට ඇත. රාම කුමරු ලෙසින් පෙනී සිට සීතා දේවිය සරණ පවා ගෙන වාසය කරද්දී ජ්‍යොතිෂවේදීන් පවසා ඇත්තේ දෙදෙනාගේ යුග ජීවිතය පවත්වාගෙන යාමට නම් දෙදෙනා වෙන් විය යුතු බවයි. ඒ අනුව රාම කුමරු මාලිගාවෙන් පිටට ගොස් ඇතත් ඊට සීතා ​ෙද්විය දැඩි ලෙස එරෙහි වුණා. පසුව සීතා දේවියත් රාම කුමරුත් රාමකුමරුගේ මලණුවනුත් යන තිදෙනාම ගොස් වනාන්තරයේ වාසය කළා.   
විෂ්ණු දේව ඉතිහාසය පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලුවේ සීනිගම ශ්‍රී විෂ්ණු දේවාලයේ හිටපු කපු මහතා වූ නෙල්සන් මහතා සමගයි. 


ඔහු සඳහන් කළේ විෂ්ණු දෙවියන් මහා බල සම්පන්න, බුද්ධ ශාසනයේ ආරක්ෂාවට කැපවුණු මතු බුද්ධත්වය පතා සිටින දේවතාවුන් වහන්සේ කෙනෙක් ලෙසයි.   


විෂ්ණු දෙවියන්ට අවතාර දහසක් තිබෙනවා. අනිවාර්යයෙන්ම විෂ්ණු දෙවියන් ඉන්දියාවේදීයි ඉපදිලා තිබෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු විෂ්ණු දෙවියන් අදහනවා. විශේෂයෙන් උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා විශ්වාස කෙරෙන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයේයි. එහෙත් දැන් බැතිමතුන් අතර බොහෝ විශ්වාසයක් තිබෙන්නේ අලුත්ගම කන්දෙ විහාරයේත් විෂ්ණු දෙවියන් වැඩසිටින බවටයි. ඒකත් අසත්‍යයක්ම නොවෙයි.   

විෂ්ණු දේව ඉතිහාසය පිළිබඳ කතා කළොත්   

විෂ්ණු දෙවියන් රාම අවතාරය, රාවණා, ගජ, වරසර, මත්ස්‍ය, කල්ක වගේ අවතාර දහයකින් විෂ්ණු දෙවියන් පෙනී ඉන්නවා. මත්ස්‍ය අවතාරය වෙලා තිබෙන්නේ මහා සාගරයේ වැටිච්ච අයකු මාළුවෙකුගේ අවතාරයෙන් ගොස් බේරාගෙන අසරණයන්ට පිහිට වීමටයි. කල්කි අවතාරය කියන්නේ ලෝකයේ විවිධ පීඩනවලට මුහුණ පෑ ජනතාවට පිහිට වීමට ලබාදුන් අවතාරය.   


රාම අවතාරයෙන් සිටින විටයි සීතා කුමරිය විවාහ කර ගැනීමට බලපෑ අපලයක් නිසා ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් පරිදි වනාත්තර ගතවුණා. යුග දිවිය සාර්ථක වන්නේ අන්න එවිටයි කියලා. අන්න ඒ අනුව රාමකුමරු රජවාසලින් පිට කරන්න වුණා. එවෙලේ සීතා දේවිය ඊට දැඩි අකමැත්ත පළ කළා. කුමරු තනියම වනගත කරන්න දෙන්න බැහැ. ඒ සමග මමත් යන්න ඕනෑ කියලා සීතා කුමරිය දැඩිව සිටියා. ඒ අනුව රාම කුමරුගේ මලණුවන් වන ලක්ෂ්මන් කුමාරයත් සමග රාම කුමරුත් සීතා කුමරියක් වනගත වුණා.   


දවසක් රාම කුමරුයි ලක්ෂ්මන් කුමරුයි දඩයමේ ගියා.  

 
එවකට ලංකාවට අධිපති රාවණා කුමරු අහසින් සැරිසරන විටයි සීතා කුමරිය දුටුවේ. ඒ මො​ෙහාතේ රාවණා කුමරු වෙස් වළාගෙන ඇවිත් සීතා කුමරියගෙන් කෑමට යමක් ඉල්ලා තිබෙනවා. ඔහොම දිනපතාම පාහේ රාවණා කුමරු යාචක වේශයක් මවාගෙන සීතා කුමරිය බැහැදැකීමට පැමිණියා.  

 
කාලයක් යද්දී මේ දෙදෙනාගේ මේ බැඳීම ආදරයක් ලෙස වර්ධනය වුණා. නමුත් සීතා දේවිය රැගෙන යන්න ක්‍රමයක් රාවණාට තිබුණේ නැහැ. මොකද විෂ්ණු කුමරු සීතා කුමරියට සීමාවක් පනවලා ඒ සීමාවෙන් පිටතට නොඑන්නට උපදෙස් දීලා තමයි ගියේ. මේ නිසා සීතා කුමරියට ඒ සීමාව පන්නවන්න බලයක් තිබුණේ නැහැ.   


නමුත් රාවණා කුමරුත් බලවත් පුද්ගලයෙක් නිසා මහලු වේෂයක් මවාගෙන එදා සීතා දේවිය හමුවෙන්න ආවා. රාවණා කුමරු සීතාදේවිය හමුවී කියලා තිබෙනවා ‘මම මහලු යාචකයෙක්. මට හිටගන්න ක්‍රමයක් නැහැ. බොහොම මහලුයි. මට අත දෙන්න සිට ගන්න’ කියලා එවිට සීතා කුමරියගේ අනුකම්පාව නිසා අර සීමාව මායිම ගැන තැකීමක් නැතිව ඉදිරියට ආවා. අන්න ඒ මොහොතේ තමයි රාවණා සීතා කුමරිය පැහැරගෙන ගියේ. ඒ සියල්ල කළේ රාවණා කුමරුගේ බලසම්පන්න මන්ත්‍ර බලයෙන්.   


අන්න ඒකටයි දැනට ලෝකයේ භාවිත වන ආකාරයේ ‘අපලය’ යැයි කියන්නේ. අපල උපද්‍රව ඵලදෙන ආකාරය තමයි ඒකෙන් පෙන්නන්නේ. මේ මහා ජ්‍යොතිෂයත් බුද්ධ ධර්මය තරමට ඇදහිය යුතු දෙයක්.

  
ඉතින් රාවණා කුමරු සීතා කුමරිය අරගෙන ලංකාවට ආවා. ඒ නිසා සීතා කුමරිය රාමාගේ සීමාව තුළත් නැහැ. අපි දන්නවා විෂ්ණු දෙවියන් දිවැස් ඇති දෙවි කෙනෙක් කියලා. එතුමා ඒ දිවැසියන් බලනකොට දුටුවා සීතා කුමරිය රැගෙන රාවණා කුමරු ගුවනින් ගමන් කරනවා. දැන් යනවත් පේනව විෂ්ණු කුමරුට.   


විෂ්ණු කුමරු මේ ගැන දැඩි ලෙස කලකිරී කනස්සල්ලෙන් ඉන්නකොට තමයි ඒ කුමරුන්ට ‘හනුමන්තා’ එක් වෙන්නේ. හනුමන්තා කියන්නේ වානර පරපුරේ නායකයා. ඔහුට ඉන්නවා අසූකෙළක් පිරිවර. හනුමන්තා විෂ්ණු දෙවියන්ගේ ඉතාම කුලුපඟ මිතුරා. මේ කාරණාව ගැන කියලා විෂ්ණු දෙවියෝ හනුමන්තා ලංකාවට එව්වා.   
ඒ කාලය වනවිට මේ ශ්‍රී ලංකාව යටත් කර ගෙන තිබුණේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන්. හනුමන්තා දැක්කා අශෝක නම් වනයේ සීතා කුමරිය සිර කරගෙන ඉන්නවා. ඒත් රාවණාගේ තමයි මේ රටම. රාවණා සිටින සෑම තැනකම සොයලා බලලා හනුමන්තා තොරතුරු රැස්කළා. පස්සේ කෝපයට පත් රාවණා කුමරු හනුමන්තාගේ වලිගයට ගිනි තියලා මහ විනාශයක් කරලා මුහුදට පැනලා ඉන්දියාවේ සිටි විෂ්ණු දෙවියන් සොයාගෙන ගියා. එ් මොහො​ෙත්දී තමයි රාම - රාවණා අතර මහ සටන හට ගත්තේ.   


මෙහිදී විෂ්ණු දෙවියන් තම සියලුම ශක්තිය යොදවන්නට තීරණය කළා. මොකද විෂ්ණු කියන්නේ මහා බලසම්පන්න සක්විති කෙනෙක්. විෂ්ණු දෙවියන්ට මහේශාක්‍ය දෙවියොත් වඳින්න ඕනෑ. මොකද ඒ තරම් බලයක් විෂ්ණු දෙවියන්ට තිබෙනවා.   


අපි අහල තිබෙන්නේ තිස්තුන් කෝටියක් දෙවියන් වැඩ සිටිනවා කියලා. අන්න ඒ අය අතරින් ප්‍රබලම දෙවියෝ තමයි විෂ්ණු දෙවියන් කියන්නේ. නමුත් විෂ්ණු දෙවියන්ට මෙල්ල කරන්න බැරි වුණේ සෙනසුරු පමණයි. එය වෙනම කතාවක්.   


අවුරුදු 07ක් ග්‍රහ අපලය අනුව විෂ්ණු දෙවියන්ට වනාන්තරගතවී බටකොළ කෑමට අණ කළේ සෙනසුරුයි. අන්න ඒකනේ අපි කියන්නේ විෂ්ණු දෙවියන්ටත් බටකොළ කන්න සිද්ධ වුණා කියලා.   


ඒ අවස්ථාවේදී තමයි සෙනසුරු ඇවිත් විෂ්ණු දෙවියන්ට කිව්වා මට මුකුත් කළේ නැහැ නේද? අන්න ඒක නිසා තමයි අලියෙක් වෙලා කැලයේ බටකොළ කන්න සිද්ධ වුණේ කියලා. අන්න ඒ මොහොතේ තමයි විෂ්ණු දෙවියන් සෙනසුරුට පරාජය වුණේ. හැබැයි සෙනසුරුටත් පරාජය කරන්න බැරි වුණේ ගණ දෙවියන් විතරයි.  

 
විෂ්ණු දෙවියන් ලංකාවට සේනාව ගෙනල්ල රාවණා එක්ක යුද්ධ කරලා. මිනිස් සංහාරයක් සිද්ධ කළා. බොහෝ දෙනෙක් චක්‍රායුධ ආදියට තුවාල වෙලා තැන් තැන්වල වැතිර සිටින අවස්ථාවේදී තමයි රාවණ ඔවුන් සඳහා බෙහෙත් සොයා එන්න හිමාල වනයට ගියේ.

  
සොයාගත් ඖෂධ බෙහෙත් දඬුමොනරෙන් රැගෙන එන කොට කොටසක් රූමස්සලටත් කොටසක් සිංහරාජ වනාන්තරයටත් වැටී තිබෙනවා. මෙම යුද්ධය ඉතා අසාධාරණ එකක් කියලා රාවණා කුමරුගේ මලණුවන් වූ විභීෂණ කුමරුට තේරුම් ගියාට පස්සේ විභීෂණ කුමරු විෂ්ණු දෙවියන් හා සම්බන්ධ වෙලා සොහොයුරාගේ දුර්වල තැන් පිළිබඳ කියා දුන්නා. ඒ කියන්නේ අයියාව වනසන්න පුළුවන් රහස් එළිදරව් කළා.   


ඒ ලෙසට විභීෂණ කුමරුගේ සහයෝගයෙන් රාවණා කුමරු​ගේ බලය සුන්කළ විෂ්ණු දෙවියෝ ලංකාව අත්පත් කර ගත්තා. අන්න ඒ කාලය වනවිට විෂ්ණු දෙවියන්ගේ අපල කාලය අවසන් වෙලා මාලිගාවට නැවත ගමන් කරන අතර සීතා කුමරිය පිළිබඳ පුංචි සැකයක් ඇතිවුණා විෂ්ණු දෙවියන්ට. මෙච්චර කාලයක් රාවණා කුමරු ළඟ සිටිය නිසා. අන්න ඒ අවස්ථාවේදී තමයි සීතා කුමරිය ගිනි මැලයක් ගසා ඒ ගිනිගොඩට පැනලා සිය පතිවෘත්තාව පිළිබඳ විෂ්ණු දෙවියන් තුළ තිබූ සැකය බිඳ හෙළුවේ.   


විෂ්ණු දෙවියන් ලංකාවේ බැතිමතුන්ට පිහිටක් වෙනවාද?   
අනිවාර්යෙන්ම. විෂ්ණු දෙවියන් ජීවමානව වැඩවසනවා කියලා අහල තිබෙනවා. උන්වහන්සේ ලෝ සත්වයාට පහළ මහා කරුණාවෙන් බලා වදාරනවා. උන්වහන්සේ හරිම බලසම්පන්න දේවතාවක්. නිරන්තරයෙන්ම සම්බුද්ධ ශාසනයේ පැවැත්මට සිටින දේවතාවෙක්. ඒ වගේම බුදුබව පතන දේවතාවෙක්. ඒ නිසා උන්වහන්සේ දුෂ්චරිතයෙන් තොරව සිටින සෑම දෙනකුටම නිරන්තරයෙන්ම පිහිට වෙනවා.   

සීනිගම ශ්‍රී විෂ්ණු දේවාලයේ හිටපු කපු මහතා වූ නෙල්සන් මහතා

අද වනවිට ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනකු විෂ්ණු දෙවියන් ඉතාමත් භක්ති ආදරයෙන් වන්දනාමාන කරන දෙවියක් ලෙස අදහනවා. විශේෂයෙන් අලුත්ගම කන්දේ විහාරයේ විෂ්ණු දෙවියන් ජීවමානව වැඩ සිටින බව බොහෝ දෙනකුගේ විශ්වාසයි. ඒ දේවාලයට පැමිණෙන බොහෝ දෙනකුගේ අවශ්‍යතාවලට විෂ්ණු දෙවියන් පිහිට වූ බව අලුත්ගම කන්දෙ විහාරයේ විෂ්ණු දේවාලයේ දැනට සිටින බොහෝ කපු මහතුන් ප්‍රකාශ කළා.   
ලබන සතියේ කන්දෙ විහාරයේ විෂ්ණු දෙවියන්ගේ අනුහස් පිළිබඳ කථා කරමු.   

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර   



අදහස් (0)

විෂ්ණු දෙවියන් වැඩ ඉන්නේ දෙවිනුවර උපුල්වන් දෙවොලේ ද? අලුත්ගම කන්දේ විහාරයේ ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site