IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විවාහයට පෙර සුබ වදනක්

දෙදෙනකු අතර සිදුවන විවාහයක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් ඔවුනොවුන් අතර ඇති වන්නා වූ අවබෝධයක් ප්‍රධාන වශයෙන්ම තිබිය යුතුය. අවබෝධය නැති තැන සාමය, සතුට ආදරය හෝ ප්‍රියමනාප බව මෙන්ම විශ්වාසය ද ඇති නොවනු ඇත. විවාහයෙන් පසු ගෙවන ජීවිතයේ සතුට නොසතුට ගැන අල්ප මාත්‍රයක හෝ අනාවැකියක් පවසන්නට පුළුවන්කමක් වෙතොත් ඒ ජ්‍යොතිෂයෙන් පමණකි.

 එවන් උතුම් ශාස්ත්‍රයක් අප සතුව තිබියදී එයට පිටුපා සමහර ඇත්තෝ විවාහ දිවියට එළැඹ පසුව එය කඩා ඉහිරවා ගනී. එසේ නොවන තැන් ද නැතුව නොවේ. එම කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් එකිනෙකට ගැළපෙන බවද අත්දැක තිබේ. 


ජ්‍යොතිෂයට අනුව සාර්ථක විවාහ දිවියක් ගත කරන්නට යන යුවතිපතීන් දෙදෙනාගේ කේන්ද්‍ර දෙකෙහි ග්‍රහ ගැළපීම විය යුතුය. එහිදී බහු විවාහ යෝග, පුරුෂ නාශක යෝග, ආදියට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. තවද හිර බන්ධන කල් පවතින රෝගාබාධ වේ දැයි ද බැලිය යුතුය. මෙකී දේවල් සමග දරු ඵල වේද? පුරුෂ කේන්ද්‍රයක නම් ස්ත්‍රීය පෝෂණය කළ හැකි වත්කමක් වේද? කියා බැලිය යුතුය. චරිතවත් බව පුද්ගල ප්‍රසන්නතාව මෙන්ම දෙදෙනාගේ වෘත්තිය ගැළපීමද යෝජිත පුරුෂයා රහමෙර පානය කරන්නේ ද? යන වගත් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 


ඇතැම් කෙනෙකුගේ විවාහය ප්‍රමාද වන බව කේන්ද්‍රය තුළින් පෙනෙද්දි කල් ඇතිව විවාහ දිවියට එළඹෙන අවස්ථා ඇත. එසේ කරනුයේ ඔවුන් ජ්‍යොතිශය කෙරෙහි විශ්වාසයක් නැති නිසාවෙන් වියහැකිය.


විහාහය ප්‍රමාදය ජන්ම පත්‍රය තුළින් පෙන්නුම් කරද්දී එකී තැනැත්තා කල් ඇතිව විවාහ දිවියට එළඹෙතොත් කුමන හෝ අර්බුදකාරි තත්ත්වයක් ඉස්මතු වේ. සමහර විටක දික්කසාදය පවා සිදු විය හැකිය. මෙහිදී හීන ආයුෂ ඇති අයකු සමග විවාහ දිවියට එළැඹ ඔහු හෝ අය මිය යෑමෙන් පසුව සුදුසු කාලය පැමිණීමෙන් නැවත විවාහ වන අවස්ථාද දැකිය හැකිය. පොරොන්දම් පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියා ලවා ඉහත කී අශූභ තත්ත්වයන් ඉස්මතු වේද කියා සේවය ලබා ගන්නා ඔබ විසින් අසා දැන ගත යුතුය. නැතත් ජ්‍යොතිර්වේදයකු සතුව එම වගකීම වෙයි. මා ඔබට එම වගකීම පවරන්නේ මුදලට තැන දී සිටින අැතැමුන් විසි පොරොන්දම පමණක් බලා නතර වන නිසාවෙනි. එය නොමනා ක්‍රියාවකි. එහෙයින් විසි ​ෙපාරොන්දම පමණක් ගලපා විවාහයට පෑහේ යැයි තීරණය කිරීමට ඉක්මන් විය යුතු නොවේ. 

 

 

 


මංජුල තරුකෙම 
වෙළඳ සංකීර්ණය තිස්ස පාර, වැල්ලවාය.  



අදහස් (0)

විවාහයට පෙර සුබ වදනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 657 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site