IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රතට පෙම් බඳින කත

ලෝකෙන් ටිකක්   

 

 

බොස්නියාවේ ජීවත් වෙන සොරිකා රෙබර්නික් 67 වියැති කාන්තාවකි. මෙම කාන්තාව රතු හා රෝස පාටවලට පෙම්බඳින්නියකි. දශක හතරකටත් වැඩි කාලයක් තිස්සේ ඇගේ ජීවිතය ගතවී තිබෙන්නේ මෙම වර්ණ සමඟ ය. ඇඳුම් පැලඳුම්, ආභරණ, පාවහන්, බෑග් ආදී පුද්ගලික දේවල් පමණක් නොව ඇය හා සැමියා ආහාර ගන්නා හැඳි ගෑරුප්පු, පිඟන් ආදියත්, ඔවුන් නිදන ඇඳෙහි ඇතිරිලි ආදී ගෙදර දොර භාවිත කරන හැම භාණ්ඩයක්මත් රතු පැහැතියි. නිවසේ සුදු පැහැය බිත්ති, එල්ලා තිබෙන චිත්‍රයක් දෙකක් හා ගෘහභාණ්ඩ මෙන්ම නිවස තුළ වවා ඇති මල් පැළවල කොළ පාට හැරුණු විට, සැරසිලි සියල්ලම රතු, තද රෝස හා රතු පැහැයේ නොයෙක් තානයන්ගෙන් යුක්තය. 

 
රතු හා රෝස උමතුව කොතෙක් දුර ගිය එකක් දැයි පෙනෙන්නේ මියගිය පසු භූමදානය කිරීම සඳහා ඇයටත්, සැමියාටත් ඉන්දියාවෙන් ආනයනය කළ රතු පැහැ පාෂාණයකින් සොහොනක් ද තනවා තිබීමෙනි. මිනී පිට්ටනියේ තිබෙන සොහොන නැරඹීමට ද ඇය නිතර යන්නී ය.   


ඇය විවාහ වී තිබෙන්නේ ද රතු පැහැ ගවුමක් ඇඳගෙනයි. ඇය මළ ගෙවල්වලට යන්නේ ද රතු පැහැයෙන් සැරසීගෙන ය. ඇගේ කෙස්වැටිය ද තද රෝස පැහැයෙන් වර්ණ ගන්වා ඇත.   


සොරිකා විශ්‍රාමික ගුරුවරියකි. රතු උමතුව ගැන ඇය මෙසේ කියන්නීය.   


“එතකොට මට අවුරුදු 18ක් හෝ 19ක් විතර ඇති. මට එකපාරටම දැඩි අවශ්‍යතාවක් ඇතිවුණා රතු පාට අඳින්න. මගේ ගෙදර සැරසිල්ලකවත් වෙන පාටක තිතක් වත් නෑ.”   
ඇය කියන්නේ ස්කාලට් හා වර්මිලියන් යන රතු පැහැයේ ප්‍රභේද ඇඳ සිටීමෙන් තමන්ට බලය හා ශක්තිය ගැන අපූරු හැඟීමක් ඇති වෙන බවයි. හිසේ සිට පාදාන්තය තෙක් රතු හා රෝස පැහැයෙන් සැරසී සිටින මෙම කාන්තාව ඇගේ ගම් ප්‍රදේශයේ නිළියක බඳු ප්‍රසිද්ධියක් උසුලයි. ඇය යනෙන ගමන් බිමන්වල දී ඈට නොයෙක් තෑගි බෝග ලැබේ.   
“මාව දැක්ක හැටියේ මිනිස්සු අඳුරගන්නවා. ඒ අය මට තෑගිත් දෙනවා. ඒ ඔක්කොම හැබැයි රතු පාට. වෙන පාටවල තෑගි දුන්නොත්, ඒවා මොනතරම් වටිනවා වුණත් මම ගන්නේ නෑ.”   


ඇයට තිබෙන එකම ප්‍රශ්නය නම්, ඇගේ විලාසිතා අගය කිරීමට සැමියාට තිබෙන නොහැකියාවයි.   


“අනේ මන්දා මට නම් ඇගේ ඇඳුම්වල වෙනසක් පේන්නේ නෑ. ඇය හැමදාම එකම වගෙයි. ඇඳුනුත් එක වගේ.”   


වර්ණවලින් මනසට හා හැඟීම්වලට බලපෑමක් වෙන බව ඇත්තයි. රතු කියන්නේ වර්ණ අතර තිබෙන ප්‍රබලම වර්ණයකි. ආදරය, ශක්තිය, ධෛර්යය, කෝපය, අනතුරුදායක බව හා බලය වැනි ප්‍රබල හැඟීම් සංකේතවත් කිරීමට ද රතු පැහැය බෙහෙවින් යොදා ගැනේ. රතු වර්ණය අවධානය දිනා ගන්නා අතර මනස උත්තේජනය කරයි. ආහාර වෙළෙඳාමට, ක්‍රීඩා දැන්වීම්කරණයට හා කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු සඳහා රතු පැහැය බහුලව භාවිත කරයි.   

 

 

 



අදහස් (0)

රතට පෙම් බඳින කත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site