



ගොදුරු අල්ලා ගනිමින්

ශක්තිමත් පැටවා

බී.බී.සී. නිෂ්පාදනයක් වන, ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ කතා මාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතා මාලාවේ දෙවැනි වැඩ සටහන් පෙළ පාදක කරගනිමින්, සාගර ජීවීන්ගේ විස්මිත තොරතුරු ‘සමුදුරු සුවිසැරිය’ නමින් අපි ඔබ වෙත ගෙනාවෙමු. ‘බ්ලූ ප්ලැනට්’ පමණක් නොව, ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන වාර්තා වැඩසටහන් රැසක් බී.බී.සී. නාළිකාවේ නිර්මාණ ලෙස ලොවට දායාද වී ඇත. ඒ අතරින් සාගරයත්, ගොඩබිමත්, ගුවනත් තම නිවහන කරගත් ජීවීන්ගේ විස්මිත කතාන්දර ඇතුළත් ‘ප්ලැනට් අර්ත්’ කතා පෙළ ද කැපී පෙනෙයි. මෙය ‘බී.බී.සී අර්ත්’ වාර්තාමය වැඩසටහන් අතරට අයත් එක් වැඩසටහන් පෙළකි. ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘ප්ලැනට් අර්ත්’ වැඩසටහන් පෙළ පාදක කර ගනිමින් විස්මිත ජීවීන්ගේ විස්මිත තොරතුරු අප ඔබ වෙත ගෙන එන්නේ ‘මිහිකත සුවිසැරිය’ නමිනි.
මේ අමුතු කුරුල්ලාගේ හොට, පැස්තුඩුවකුගේ එසේත් නැතිනම් පෙලිකන් කුරුල්ලකුගේ පැසක් (මල්ලක්) වැනි හොටට සමානය. මේ අමුතු කුරුල්ලාට ඇත්තේ රාජාලියකුගේ ඇස් දෙකකි. මේ කුරුල්ලාගේ පාද දිගය. තද දම් මිශ්‍ර ෙරා්ස පැහැතිය. ඒවා සමාන සියක්කාරයකුගේ එසේත් නැතිනම් ෆ්ලැමිංගෝවකුගේ පාදවලටය.
ඉවසිලිවන්තයා
මීටරයකට වඩා උස මේ දැවැන්තයාගේ ප්‍රියතම ආහාරය ක්ලෝම හෙවත් පෙනහලු මසුන්ය. ඉංග්‍රීසියෙන් ලන්ග් ෆිෂ් යනුවෙන් මෙම මසුන් හැඳින්වෙයි. සිංහල බසින් ක්ලෝම මාළුවා යන නම භාවිත කෙරෙන්නේ ස්වසනය සඳහා කරමල් (ජලක්ලෝම) පමණක් නොවෙයි, පෙනහළු ද මෙම මාළුවාට ඇති බැවිනි. අප්‍රිිකාවේ, දකුණු ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැනි මාළු විශේෂ දකින්න ලැබේ.) බොහෝ වේලාවක් නිසොල්මනේ එක තැන රැඳී සිටිමින් ගොදුරු අල්ලා ගැනීමට අමුතු කුරුල්ලා ඉවසිලිවන්තයෙකි. නිසොල්මනේ සිට, ක්ලෝම මාළුවකු හෝ මගුරකු දුටු සැණින් විදුලි වේගයෙන් ක්‍රියාත්මක වී, සවිමත් වක ගැසුණු හොටෙන්, ගොදුර ඩැහැ ගැනීමට මේ අමුතු දැවැන්ත කුරුල්ලා සමතෙකි.
ඕනෑ දෙයක් ගිලිනවා
ක්ලෝම මාළුවන් ප්‍රියතම ආහාරය වුවත්, මේ අමුතු කුරුල්ලා දකින දකින පණ ඇති ඕනෑම සතෙක් ගිල දමයි. ගෙම්බන්, වඩු කුරුල්ලන්, මීයන් පමණක් නොවෙයි, පුංචි කිඹුල් පැටවුන් පවා ආහාරයට ගනී. මේ ප්‍රාග් ඓතිහාසික පෙනුමකින් යුත් යෝධ කුරුල්ලා ජීවත් වෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ, පහසුවෙන් යා නොහැකි නිවර්තන කලාපීය තෙත් බිම්වලය. තම කූඩුව අසල වැක්කිය ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් සටන් වැදීමට පවා මේ කුරුල්ලා පසුබට නොවෙයි. පැපිරස් ගස්වල කොළ රොඩු සහ පන් යොදා ගනිමින් මේ කුරුල්ලා කූඩුව තනයි. ඒ, වියළි තැනක් තෝරා බිම තණ කොළ මතය. පියඹා යද්දී මේ කුරුල්ලා ගෙල හකුළුවා ගනී. පැස්තුඩුවන් (පෙලිකන්) සහ කොකුන් පියාඹා යන්නේ ද ඔවුන්ගේ දිගු බෙල හකුළුවා ගෙනය. වායු ධාරා නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින්, පියාසර කිරීමට පමණක් නොව, අහසේ පා වී යෑමට මේ කුරුල්ලා හපනෙකි.
සපත්තු හොටා
කුරුල්ලාගේ කැපී පෙනෙන අංගය ලෙස පෙන්වා දිය හැකිකේ හොටය. එය සෙ.මී. 23 ක් දිගය. පළල සෙ.මී. 10 කි. සමහරුන්ගේ හොට හිසට වඩා විශාල වන අවස්ථා ද දකින්න ලැබේ. හොටේ ස්වරූපය සපත්තුවක් සිහිගන්වයි. එහෙයින් මේ කුරුල්ලා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘ෂූ බිල්’ කියාය. සිංහල බසින් මේ ‘සපත්තු හොටා’ ‘සපතේරු හොටා’ ලෙසත්, ‘සපත්තුහොට මානාවා’ ලෙසත් හැඳින්වෙයි. අප්‍රිකාවේ මානාවන් (කොකුන් විශේෂයක්) අතරින් කැපී පෙනෙන මානාවකු ලෙස මේ කුරුල්ලා හඳුන්වා දිය හැකිය. ලොව දිගටම ගංගාව ලෙස සැලකෙන නයිල් ගංගාව ආශ්‍රිත අප්‍රිකා වගුරු බිම්වල ජීවත් වන ‘සපත්තු හොටා’ හැඳින්වෙන්නේ ‘නයිල් සපත්තුහොට මානාවා’ යන නමිනි. අනෙක් කුරුල්ලන්ගෙන් වෙනස් වන සුවිශේෂී කුරුලු විශේෂයක් ලෙස මේ අමුතු කුරුල්ලා සත්වයා සැලකෙයි.
අමුතු මානාවා
වගුරු බිමේ තම ආධිපත්‍ය පතුරුවා ගෙන සිටින ෂූ බිල් මවකි. ඇගේ උත්සාහය මගුරකු අල්ලා ගැනීමටය. මේ වතාවේ මේ ෂූ බිල් මවට ගොදුරක් අල්ලා ගැනීමේ අවස්ථාව උදා වන්නේ නැත. නිසොල්මනේ සිට පැන අල්ලා ගත්ත ද ඇයට හසුවුණේ ලී කැබැල්ලක් පමණි. ෂූ බිල් මව මේ අයුරින් ආහාර සොයන්නේ විශේෂ හේතුවක් ඇතිවය. වගුරේ මැද, තණ කොළවලින් පිරුණු පස් ගොඩැල්ලක ඇගේ කුඩා කූඩුව පිහිටයි. එහි පැටවුන් දෙදෙනෙකි.
පැටවු දෙන්නා
එක් පැටවකුගේ වයස සති තුනකි. තවම හරි නොවැඩුණු දිගු පාදවලින් නැගී සිටීමට පවා පැටවාට නොහැකිය. ඇවිදින්න උත්සාහ කළ ද සමබරතාව ගිලිහී ඌ ඇද වැටෙයි. තව සති කිහිපයක් ගතවනතුරු ඇවිදින්න තියා, පියඹා යෑමටවත් පැටවුන්ට නොහැකිය. පැටවුන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මවගේ පිහිටෙනි. ආහාර පමණක් නොවෙයි, බීමට වතුර පවා ළඟට ගෙනත් දෙන්නේ ෂූ බිල් අම්මාය. ඒ, මල්ලක් වැනි හොට වතුරෙන් පුරවාගෙනය.
නපුරු පැටියා
පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු අනෙක් පැටවා මෙන් නොව, දුර්වලය. තමන්ට පිපාසය දැනෙන බව ශක්තිමත් පැටවා මවට කෑ ගසා කියයි. මව අසල ඇති දියකඩිත්තක් බලා යයි. මව නැති අවස්ථාවේ, ශක්තිමත් පැටවාගේ ‘නපුරුගති’ ඉස්මතු වෙයි. පැටවා නපුරු වෙන්නේ උගේ දුර්වල සහෝදරයාටය. ශක්තිමත් පැටවා දුර්වල පැටවාට හොටෙන් අනින්න ගනී. හොටෙන් පහර දෙමින් තුවාල කරයි. ශක්තිමත් පැටවා දුර්වල පැටවාට වඩා දින තුනකින් වැඩිමල්ය. ශක්තිමත් පැටවාට ඇත්තේ එක් නපුරු අරමුණකි. ඒ, තම දුර්වල සහෝදරයා කූඩුවෙන් පන්නා දැමීමය.
නපුරු අම්මා
එල්ල වුණු ප්‍රහාරයෙන් තුවාල ලැබූ දුර්වල පැටවා විසි වෙමින්, වැටෙමින් සෙමින් සෙමින් ඈතට යයි. වතුර හොටේ පුරවා ගනිමින් ෂූ බිල් මව එතැනට පැමිණෙයි. දුර්වල පැටවා මවගේ සෙනෙහස සොයමින් ඇගේ තුරුලට යෑමට උත්සාහ දරයි. ඒත් මවු සෙනෙහස පැටවාට ලැබෙන්නේ නැත. මවගේ වැඩි කැමැත්ත සහ ආදරය හිමි වන්නේ ශක්තිමත් පැටවාට පමණි. ඇය ශක්තිමත් පැටවා වෙත ගොස් වතුර පොවයි. දුර්වල පැටවා අසරණය. තම මව සහ සොහොයුරා හැර ඔවුන්ගෙන් වෙන් වී වගුර වෙත යනවා හැර වෙන විකල්පයක් නැත. අසරණ පැටවාගේ අනාගතය අවිනිශ්චිතය. දුර්වල පැටවකුට වගුර ආරක්ෂිත නැත.


කූඩුව වෙත පියඹමින්


මව එනතුරු බලාසිටින පැටවා

පැටවා ජලය ඉල්ලමින්

මව නික්ම යයි

ශක්තිමත් පැටවා දුර්වල පැටවා එළවමින්

ශක්තිමත් පැටවා දුර්වල පැටවා එළවමින්
ලුසිත ජයමාන්න
බී.බී.සී. අර්ත් ඇසුරිනි
2025 නොවැම්බර් මස 21
141
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
224
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1080
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රාජාලියාගේ ඇස් තියෙන, කොකාගේ කකුල් තියෙන අමුතු කුරුල්ලෙක්