IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


යළි ඉපදී බ්රිය සොයන තරුණ ව්‍යාපාරිකයා

පෙර භවයේ ප්‍රබල සාක්කි ලිපි පෙළ කියවන පාඨකයන් ඔවුන්ගේ ඇතැම් දූ දරුවෝද පෙර භවය අනාවරණය කළ බැව් හෙළිකරති. එවැනි තවත් දරුවකු පිළබඳව අප වෙත දන්වා එවා තිබේ. තවමත් තෙහැවිරිදි වියේ පසුවන එම දරුවා ඔහුගේ පෙර භවයේ බිරිය සහ දියණිය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බැව් මාපියෝ පවසති.  


නුවරඑළිය රෝහලේදී මෙම දරුවා උපත ලබා ඇත්තේ 2014 වසරේ මාර්තු මාසයේදීය. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ ඔහු පෙරභවය පිළිබඳව ප්‍රථම වරට අනාවරණ කර ඇත්තේ මහ මාර්ගයේ ගමන් කරමින් තිබූ ප්‍රාඩෝ ජීප් රථයක් දැකීමෙන් පසුවය. එදා එම ජීප් රථය දුටු දරුවා ‘මටත් තිබුණේ ඔය වගේ එකක්’ යයි පැවසූ බැව් දරුවාගේ මව පවසන්නීය. ඊට දින කීපයකට පසු වැලි ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් දුටු දරුවා එදා මගේ ප්‍රාඩෝ එක හැපුණේ ඔය වගේ සෑන්ඩ් ලොරියක’ යයි හෙළි කර තිබේ. අනතුරුව ඉතා කුඩා කල සිටම ට්‍රක් රථවලට අධික ලෙස බියවීමක්ද දක්නට ලැබී ඇත.  

ප්‍රාඩෝ රථය ට්‍රක් රථයේ හැපී ඇත්තේ ඔහු එය පදවාගෙන යන විටදී බැව් ද මෙම දරුවාට මතකය. බිරිය සහ දියණිය සමඟ දෙමහල් නිවසක පදිංචිව සිටි බැව්ද මෙම දරුවා හෙළි කරයි. එදා අනතුර සිදුවූ අවස්ථාවේ පොලිස් නිලධාරියකු විසින් ඔහුගේ රියැදුරු බලපත්‍රය ලබාගත් බවත් ඒ වන විට ඔහුගේ හිසෙන් රුධිරය ගලා යමින් සිටි බවත් මෙම දරුවාට මතකය. මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණය සිදුවූ බැව් ද මෙම දරුවා අනාවරණය කරයි.   
අනතුර සිදුවූ ප්‍රදේශය පිළිබඳව ඔහුට මතකයක් නැත. එහෙත් ඒ වනවිට පදිංචිව සිටි ප්‍රදේශය නුවර බැව් පවසා ඇත. එහෙත් දැනට සති කීපයක සිට කටුගස්තොට සිටි බැව් ඔහු හෙළි කර තිබේ. දියණිය හා බිරිය පිළිබඳව ඉතා හොඳ මතකයකින් සිටින මෙම දරුවා ඔහුගේ පෙර භවයේ දියණිය ඒ වන විට හතරවන වසරේ ඉගෙනීම කළ බවත් බිරිය කිසියම් ව්‍යාපාරයක යෙදී සිටි බවත් හෙළි කරයි. බිරියට කතා කිරීමට ජංගම දුරකතනයක් තිබූ බැව් පවසන මෙම දරුවා එම ජංගම දුරකතනයේ අංකයක්ද සඳහන් කරයි. එහෙත් ඔහු පවසන අංකයේ ඉලක්කම් කීපයක් පමණක් ඔහුට මතක තිබේ. ඔහු ඒ බැව් පවසමින් අනාවරණය කරන අංකයට 072253--- යන ඉලක්කම් කීපයක් අැතුළත් වේ.  
ජංගම දුරකතනයක් දුටු විගස එය ලබාගෙන එමගින් බිරියට කතා කිරීමට උත්සාහ ගැනීම මෙම දරුවාගේ සිරිත වී තිබේ. ගුරු යුවළකගේ පුත්‍රයකු වන මෙම දරුවාගේ හිසේ සහ පිටුපස උපතින් කැළල් කීපයක් දක්නට ලැබුණු බැව් මව අපට අනාවරණ කළාය. මම දරුවා හෙළිකළ පෙරභවයේ තොරතුරු ලිඛිතව සටහන් කර ඇත්තේ මෙසේය.  


ප්‍රාඩෝ එකක් තිබුණා  
කළුපාට ප්‍රාඩෝ එක විකුණුවා  
නිල්පාට ප්‍රාඩෝ එකක් ගත්තා.  
බිරිය සිටිනවා  
ජනිත් මගේ යාළුවා  
දුවක් ඉන්නවා  
දුව පාසල් යනවා  
දුව හතර වැනි වසරේ ඉගෙනීම ලැබුවා.  
නිවෙසට යෑමට කොන්ක්‍රීට් පරක් තිබුණා.  
කටුගස්තොට හිටියා  
තට්ටු දෙකේ ගෙයක් තිබුණා.  
මහජන බැංකුවේ ගිණුමක් තිබුණා  
කාඩ් එකෙන් සල්ලි ගන්නවා  
ප්‍රාඩෝ එකේ දුව පාසල් ගෙනගියා  
ප්‍රාඩෝ එක සෑන්ඩ් ලොරියක හැපුණා.  
හිස තුවාල වුණා  
හිසෙන් ලේ ගැලුවා  
රෝහලට ගෙන ගියා  
නුවර රෝහලේදී ඇස් පියවුණා  


මෙම දරුවා පෙර භවය හෙළි කිරීම ආරම්භ වූ අන්දම මව අප සමඟ අනාවරණය කළ අයුරින්ම මෙසේය.


“මගේ දෙවැනි දරුවා ඉපදීම සිදුවූ අවස්ථාවේම හිසේ කැළල් දෙකක් දුටුවා. පිටුපසත් කැළලක් පිහිටා තියෙනවා. එයාට මාස නවයක් වෙන කොට ඇවිදින්න පුළුවන් වුණා. අවුරුද්දක් යන කොට කතා කළා. පුංචි කාලෙ ඉඳලම ට්‍රක්රථයක් දකින විට පුදුම බයක් ඇතිවෙනවා. අනෙක් වාහනවලට ඒ බය තිබු​ෙණ් නෑ. දවසක් අපි එයත් එක්ක ගමනක් යනකොට ‘ප්‍රාඩෝ ජීප්’ එකක් දැක්කා. ඒක දැකපු ගමන් ‘මටත් තිබුණේ ඒ වගේ එකක්’ කියලා කිව්වා. අපිට එය එතරම් තේරුමක් වුණේ නෑ. නමුත් එවැනි ජීප් රථයක් දකින විට එය නැවත කියනවා. අපි එයාගෙන් විස්තර අහන්නේ නෑ. දරුවගෙ තාත්තා ඒ තොරතුරු අහනවට කැමති නෑ. ඒත් පුතා එයාගෙ මතකයට එන දේවල් වරින් වර කියනවා. එයාට හිතෙන විදිහටයි කියන්නේ.  


‘මගේ නෝනා ලස්සනයි. මට දුවෙක් ඉන්නවා. දුව ​ඉගෙන ගත්තේ (4) හත​ර වසරෙ. එයාව මම ඉස්කෝලෙ එක්ක යනවා. අපි හිටියෙ තට්ටු දෙකේ ගෙදරක. ඒ ගෙදරට යන්න කොන්ක්‍රීට් පාරකින් ගිහින්. අපි බෙහෙත් ගන්න නුවරට එනවා’ යයිද වරින් වර කියනවා.   


ටිපර් කියන වචනෙ කියන්නේ නෑ. එයා කියන්නේ සෑන්ඩ් ලොරියක හැපුණා කියලා. එයාගෙ මුලින් තිබුණු ප්‍රාඩෝ එක විකුණලා වෙන එකක් ගත්තා යැයිද කිව්වා ‘මුලින් තිබුණ ප්‍රාඩෝ එක කළුපාටයි. ඊට පස්සේ ගත්තේ නිල්පාට එකක් යයි නිතරම කියනවා’  

 

ප්‍රාඩෝ එක සෑන්ඩ් ලොරියක හැපුණා. මාව නුවර ඉස්පිරිතාලෙට අරන් ගියා. එහිදී ඔප​ෙර්ෂන් එකක් කළා. මාව බලන්න නෝනයි දුවයි ආවා. ඒ අයට කතා කරන්න බැරි වුණා. මගේ ඇස් පියවුණා. දුවයි නෝනයි අැඬුවා.  


“දුව ඉගෙන ගත්තේ හතර වසරේ. නෝනට ටෙලිෆෝන් එකක් තිබුණා. ඒකෙ නොම්මරය 072253---- වගේ එකක්. අපේ ගේ තිබුණ කටුගස්තොට තට්ටු දෙකේ ගෙයක්. මට මහජන බැංකුවේ කාඩ් එකක් තිබුණා. ජනිත් කියලා යාළුවෙක් හිටියා” 

 


ටී ෂර්ට්වලට මහත් ළැදියාවක් දක්වන ඔහු පෙර භවයේදී වර්ණ ටී ෂර්ට් ඔහුට තිබූ බව පවසයි. මාපියන් ගෙනැවිත් දෙන ලද එවැනි කමිස ඔහුගේ පෙර භවයේ එ්වා යයි හැඳින්වීමටද ඔහු පුරුදුව සිටියි.  


මෙම දරුවාට බාල සොහොයුරෙක් සිටින අතර එම සොහොයුරා බලා ගැනීමට තම දියණිය කැඳවාගෙන එන ලෙසද ඔහු මාපියන්ට පවසයි.  


‘එදා මාව ඉස්පිරිතාලෙ අරන් ගියාම ඔපරේෂන් කළා. නෝනයි දුවයි මාව බලන්න ඇවිත් හිටියා. මම නෝනත් එක්ක කතා කරන්න හැදුවා. එ්ත් කතා කරන්න බැරි වුණා. මගේ ඇස් දෙක පියවුණා’ යයිද මෙම දරුවා හෙළිකරයි. අනතුර සිදුවූ ආකාරය ඉතා හොඳින් ප්‍රකාශ කරන ඔහු පවසන්නේ ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථය තම ප්‍රාඩෝ ජීප් රියේ හැපුණු බවය. ට්‍රක් එකේ ඩ්‍රයිවර් බීලා හිටියා යයි කියනු ඔහුට ඇසුණු බවද මෙම දරුවා කියයි. මව පවසන්නේ මෙම දරුවා පෙරභවය ගැන හෙළි කිරීම පෙරටත් වඩා දැන් වැඩි වී ඇති බවකි. පෙර නිවසට රැගෙන යන ලෙසට දැන් ඔහු ඉල්ලා සිටියි. දරුවා පවසන පරිදි පෙර භවයේ දියණියට දැඩි ආදරයක් දක්වන බවත් ඇතැම්විට පියාගේ දුරකථනය ගෙන දියණියට කතා කරන අයුරු නිරූපණය කිරීමට පුරුදුව සිටින බවත් මව පවසන්නීය. දුරකථනය මඟින් දුවට අමතමින්,  


‘දුවේ පරෙස්සමින් ඉන්න. ඔයා අද ඉස්කෝලෙ ගියාද? අම්මා ගෙදර ඉන්නවාද?’ ආදී වශයෙන් හඬ නඟා කීමද අතිශය පුදුම උපදවන බැව් මාපියෝ කියති. දරුවාගේ පෙරභව තොරතුරු අනුව ඔහුගේ පෙර නිවෙස සොයා ගැනීමට දැන් මාපියෝ උත්සාහ කරති.  


ඒ පිළිබඳව දරුවාගේ පියා අප සමඟ දරුවාගේ ප්‍රකාශ හෙළි කරමින් කියා සිටි​ෙය් ඔහු පැදගිය ප්‍රාඩෝ රථය අනතුරට පත්වන අවස්ථාවේ දියණිය සිටියේද නැද්ද යන්න පැහැදිලි නොමැති බවය. කෙසේ වෙතත් දියණිය පාසල් ගෙන යාමට ඔහු ප්‍රාඩෝ ජීප් රියෙන් යන බවද හෙළි කර ඇත. පෙර භවයේ පුද්ගල නම් ලෙස ඔහු අනාවරණ කර ඇත්තේ ‘ජනිත්’ යනුවෙන් නමක් පමණි. ‘ජනිත් මගේ යාළුවා’ යයි ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. රූපවාහිනියෙන් තට්ටු දෙකේ නිවෙසක් දුටු ඔහු ​අපේ ගේත් ඔය වගේ යයිද වරක් පවසා ඇත. ප්‍රාඩෝ ජීප් රථය කළු පැහැය සහ නිල් පැහැය යන වර්ණ දෙකද ඔහු හෙළිකර ඇත. වැලි පැටපූ ලොරිවලට මෙම දරුවා අධික බියක් දක්වයි.  


මෙම දරුවා අනාවරණ කරන තොරතුරු අනුව ව්‍යාපාරික කටයුතු වල නියැළී සිටි මහනුවර හෝ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයකුගේ ජීවිත තොරතුරු හෙළි වේ. දියණියක් සිව්වන වසරේ ඉගෙනීම ලබා ඇති අතර පියා මරණයට පත්වී ඇත්තේ ප්‍රාඩෝ රථයක් අනතුරකට පත්වීම නිසාය. මෙම දරුවා පවසන අන්දම දෙමහල් නිවෙසක ඔවුන් ජීවත්ව සිට ඇත. ප්‍රාඩෝ රථය නිවසේ තිබූ බව සහ නිවෙස මතකයේ ඇති අයුරු ඔහු චිත්‍රයට නගා පෙන්වා ඇත. මෙම දරුවා හෙළිකරන තොරතුරුවලට සමාන අයෙකු හෝ එවැනි පවුලක් පිළිබඳ සොයාගත හැකි නම් පූර්ණ පරීක්ෂණයක් කිරීමට මාපියෝ කැමැත්ත පළ කරති.  

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

යළි ඉපදී බ්රිය සොයන තරුණ ව්‍යාපාරිකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13560 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site