IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මෙරට අලි ඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතික මේජර් තෝමස් විලියම් රොජර්ස්

ඉතිහාසයෙන් පිටුවක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයට පසුපස වූ ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන් භූමියේ ඇති මේජර් තෝමස් රොජර්ස්ගේ සොහොන   

 

 

මේ දිනවල රටේ මහසම්පතක් වන අලි-ඇතුන් පිළිබඳ මහා කතිකාවතක් ගොඩනැගී ඇත. අලි මිනිස් ගැටුම් නිරතුරු අපේ මුළු මහත් සමාජයටම ප්‍රශ්නයක්ව ඇත. ගම්දනව්වල අහිංසක මිනිස්සු අලින්ට ගොදුරුවන අතර තැන තැන වෙඩි වැදී මියගිය අලීන්ගේ සිරුරුද හමුවේ. පරිසරවේදීහු තමන් දන්නා භාෂාවෙන් අලි-ඇතුන් පිළිබඳව රට හමුවේ කරුණු ඉදිරිපත් කරති. එහෙත් අපේ රටේ වටිනා අලි ඇතුන් රටට අහිමි වී යමින් පවතී. ඉකුත් ද‌ා දළ ඇතාගේ මරණය මෙරට සංවේදී මිනිසුන් මහ කම්පනයට පත් කෙරිණ. එය කළවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව බොහෝදෙනා කියන්නට වූහ.   


අද මෙන්ම එද‌ා ඉංග්‍රීසීන්ගේ පාලන සමයේද අපේ අලි ඇතුන් ඝාතනයට ලක්විණ. ඒ ඉංග්‍රීසිහු එද‌ා තමන්ගේ විනෝද‌ාංශයක් ලෙස අලි-ඇතුන් දඩයම් කර තමන්ගේ දක්ෂතාව අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කළහ. ඉංග්‍රීසි සමයේ අලි ඇතුන් දඩයමට අතිදක්ෂයින් කීපදෙනකුගේ නම් කියැවේ. ඒ අතර මේජර් තෝමස් විලියම් රොජර්ස්, සර් සැමුවෙල් බේකර්ගේ නම් ඉදිරියෙන් කියැවේ. ඔවුන් අතරින් මෙරට අලි-ඇතුන් 1500ක් පමණ දෙනා මරා දමා ඉංග්‍රීසි පාලන සමයේ කළු පැල්ලමක් එක් කළ මේජර් තෝමස් රොජර්ස් ගැන අද ද නුවරඑළිය වැඩිහිටි ජනතාව කතාබහ කරති. ඒ ඔහුගේ සොහොන නුවරඑළියේ පිහිටි නිසාය.   


1824 ජනවාරි 04 දින ශ්‍රී ලංකාවේ රයිෆල් බළකායේ මේජර්වරයකු ලෙස මෙරට සේවයට එක්ව ඇත. දක්ෂ හමුද‌ා නිලධාරියෙකු වූ මේජර් තෝමස් 1834 දී බදුල්ල සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා විනිශ්චකාර ධුරයට පත්ව ඇතිබව වාර්තා වේ.   


තමාට නිවාඩුවක් ලැබුණු හැම මොහොතකම අලි ඇතුන් දඩයමට හුරුවූ රොජර්ස් අලි ඇතුන්ට ද හොර රහසේ උන් ළඟටම ගොස් දඩයම් කිරීමට අතිදක්ෂයෙකු බවට ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වී ඇත.   


මේජර් තෝමස් රොජර්ස් දඩයම එරෙහිව ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාද දැඩි අප්‍රසාදය පළ කළ අතර ඔහුට නිසි දඬුවම් කවද‌ා හෝ හිමි වන බවට සපථ කළහ. එය කෙසේවුවත් 1845 ජූලි 07 දින මේජර් තෝමස් රොජර්ස් හපුතලේ ප්‍රදේශයේ රාජකාරියට ගොස් පැමිණෙමින් සිටියදී අතරමගදී අකුණු සරයක් වැදී මියගොස් ඇත. මියගිය මේජර්වරයාගේ සිරුර හිතවතුන් විසින් නුවරඑළියට ගෙනැවිත් භූමද‌ාන කර ඇත.   

 

මේජර් තෝමස් විලියම් රොජර්ස්ගේ සොහොන පිහිටි නුවරඑළිය ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන   

 


එම සොහොනටත් වසරකට වතාවක් අකුණුසැර වැදුණු බව නුවරඑළිය පැරන්නන්ගේ මතය වේ. මීට වසර කීපයකට පෙරද එම සොහොනට ආසන්න තැනක වූ විශාල සයිප්‍රස් ගසකට අකුණක් වැදී ගස දෙපලු වී බිම ඇද වැටුණි.   


අද ද නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජශාලාවට පසුපස ඇති ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන් භූමියේ ඇති මේජර් තෝමස් රොජර්ස්ගේ සොහොන දකින්නට පිළිවන. එම සොහොනට අකුණු සැර වැදී දෙපලු වී ගිය සොහොන්ගල පසු කාලයකදී ඉංග්‍රීසින් විසින් යළි ප්‍රතිසංස්කරණය කළ ලක්ෂණද අද එම සොහොන්ගලෙන් දැකගත හැකිය.   


අපේ වටිනා සම්පතක් වූ අලි ඇතුන් මරා දැමූ පාපයට අකුණු සරයක් වැදී මියගිය මේජර් තෝමස් රොජර්ස්ට මියයන්නට සිදුවූවාසේම අද දවසේද අපේ උරුමයක් වූ අලි-ඇතුන් මරා දමා සල්ලි සොයන අමනයින්ට අත්වන ඉරණමද කෙබඳු එකක් වේදැයි මෙරට කවුරුත් බලා සිටිති.   

 


ඡායාරූප හා සටහන 


නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

මෙරට අලි ඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතික මේජර් තෝමස් විලියම් රොජර්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 131 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site