IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බස් රියට පහර දුන් වලහා මෙල්ල කළ රුසියාවේ පුටින්

ගොසිප් ලෝකයේ වැඩියෙන්ම කතා හැදී සිටින රාජ්‍ය නායකයා පුටින් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. එයට එක් හේතුවක් වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය ලෝකයට රහසක් වීමය. පුටින්ගේ වෙන වෙන හපන්කම් ලෝකයට වාර්තා වුව ද ඔහුගේ පවුල් ජීවිතය ගැන, අනියම් පෙම් සබඳතා ගැන, ප්‍රේමවන්තියන් ගැන සත්‍ය තොරතුරු ලෝකයාට වාර්තා නොවීම නිසා ඒවා කරළියට එන්නේ රසමුසු ගොසිප් ලෙසිනි. 
  
පුටින්ගේ නම ද වාසනාවන්ත එකකි. ඔහු ව්ලැදිමර් පුටින්ය. ඊට කලින් ද ව්ලැදිමර් කෙනෙක් සිටියේය. ඒ වෙන කවුරුවත් නොවේ. ව්ලැදිමර් ලෙනින්ය. සෝවියට් දේශය ගොඩනැගීමට සමත් වූ මේ සුපිරි මිනිසාගේ නම තමන්ටත් ලැබීම පුටින්ට සතුටක් විය යුතුය. ඔහු දේශපාලන ලෝකයට අවතීර්ණ වූයේ ලෙනින්ගේ නම තමන්ගේත් නම වූ නිසා නොවිය හැකිය.   
 
කෙසේ වෙතත්, නීතිඥයකු, බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කළ පුටින් පසු කලෙක දේශපාලනඥයකු ලෙස කල එළි බැස්සේය. ඒ එක්සත් රුසියානු පක්ෂයෙනි. 1990 වසරේදී දේශපාලන ​ෙලා්කයට පිවිසි ඔහු මීට වසර දහ අටකට කලින් රුසියාවේ පාලකයා බවට පත්විය. එහෙත් එරට ව්‍යවස්ථාවේ හැටියට පිට පිට දෙවතාවකට වඩා ජනාධිපති ධුරය දැරීමට එක් පුද්ගලයකුට නොහැකිය. ඒ නිසා ඔහු කළේ පුටින්ගේ හොඳම මිත්‍රයකු වූ අගමැති මෙද්වදෙව්ට ජනාධිපති වෙන්නට උදව් කිරීමය. 
 
 
ඒ අනුව පුරා දහඅට වසරක් තිස්සේ පුටින් මාරුවෙන් මාරුවට ජනපති හා අගමැති පදවි දරන්නේය.   
 
එසේ වීමට එක් හේතුවක් වෙන්නේ පුටින් අපූරු මිනිසකු වීමය. පොළොවේ පය ගසා ජීවත් වන්නට හපන් ඔහු වෙලාවකට මෙද්වදෙව් සමඟ පාපැදි පැදගෙන ද පාරවල් දිගේ යන්නේය. ලංකාවේ මෙන් තෙල් නැව එන්නට ප්‍රමාද වී ඉන්ධන හිඟයක් එරට පැවැතීම නිසා නොවේ. විනෝදයටය.   
 
මෙවැනි ගමන්වල ඡායාරූප රුසියානු පත්තරවල පළවන්නේත් උණුසුම් ඕපාදූප බවට පත්වන්නේත් පාඨකයන්ගේ මනදොළ පුරවාලමිනි.   
 
වෙලාවකට ඔහු මාළු බාන්නට යන්නේය. ඒ ජනාධිපති මන්දිරයට කිට්ටුවෙන් පිහිටි විලකටය. බිලී පිත්තට ඇම අමුණාගෙන මාළුවකු ගිලින තුරු බලා ඉන්නා පුටින්ගේ ඡායාරූපවලට බොහෝ දෙනෙක් ඇලුම් කරති. රුසියාවේ මිනිස්සු ද ඇතැම් සුරූපී ලලනාවන් මෙන්ම මාළු ද පුටින්ගේ ඇම ගිලිති. ඒ නිසා බිලී බිත්ත විලට දමාගෙන මහා ලොකු වේලාවක් බලා හිඳින්නට පුටින්නට සිදු වන්නේ නැත.   
 
ජනාධිපති මන්දිරයේ කාර්ය මණ්ඩලයටත් එක්කම වේලකට මාළු අරගෙන යන්නට ඔහු සමත් වේ.   
 
මාළු බෑම විනෝදයක් කර ගත්තත් පුටින් වඩා කැමැති ත්‍රාසජනක සෙල්ලම්වලටය. වයිට් වෝටර් රාෆ්ටින්, හිම මත ලිස්සා යෑම වැනි පොඩ්ඩ වැරදුණොත් බෙල්ල ගහලා යන අන්දමේ ක්‍රීඩාවලටය.   
 
ඉතින් පුටින් වෝටර් රාෆ්ටින් යන බව දැන ගන්නට ලැබුණොත් පත්තරකාරයෝ ඒ ඔස්සේ පන්නන්නට පටන් ගනී. හොඳම පින්තූරය තමන් සතු කරගෙන එය පත්තරයේ පළකරන්නට හිතාගෙනය.   
ගොසිප්කාරයන්ට වඩාත්ම රසවත් සිද්ධියක් වූයේ පුටින් හදිස්සියේම වලහෙක් මෙල්ල කරන්නට සමත් වීමය. ඇත්තටම එය සිදුවූයේ අහම්බෙනි. බොහෝ ජනාධිපතිවරු මෙන් කලින් වලහට එන්න කියා පණිවුඩ යවා නොවේ. එසේම ඌ හීලෑ වලහෙක් ද නොවේ.   
 
මේ සිදුවීම සිදුවූයේ සයිබීරියාවට අයත් ඉර්කුට්ස්ක් නම් ප්‍රදේශයේදීය.   
 
එදා පුටින් එහි ගියේ රැස්වීමකට සහභාගී වෙන්නටය. රැස්වීම අවසන් කර තම නිල රථයට නගින්නට යනවිටම පුටින්ට ඇසුණේ මරළතෝනියකි. තමන්ගේ රටෙන් එබඳු මරළතෝනි නැගෙන්නට පුළුවන්කමක් නැති බව සිතූ පුටින් වහාම ළතෝනිය ආ පැත්තට දිව ගියේ තමන්ගේ ජනාධිපතිකමත් අමතක කරමිනි.   
 
යෝධ වලහෙක් බසයකට පහර දෙමින් සිටින සැටිත්, මේ නිසා බසය තුළ සිටි කාන්තාවන් සහ ළමයින් බයෙන් කෑ ගහන හැටිත් පුටින් දැක්කේය.   
 
“පලයන්.” 
 
පුටින් පළමුව අණ කළේය.   
 
එහෙත් වලසා ඒ රුසියාවේ නායකයා බව හඳුනා ගත්තේ නැත. ඌ ජනාධිපතිගේ නියෝගය නොතකා දිගින් දිගටම බසයට පහර එල්ල කළේය.   
 
පසෙක තිබූ ගල් ගෙඩියක් අහුලාගත් පුටින් එයින් ද වලහාට දමා ගැසුවේය. තවත් කිහිප ආකාරයකින්ම වලහා එලවා දමන්නට උත්සාහ ගත්තේය. එහෙත් වලහා ජනාධිපතිව ගණන් ගත්තේ නැත. ඌ හිතාගෙන සිටියේ ලොක්කා පුටින් නොවේ තමන් කියාය.   
 
අන්තිමේදී පුටින්ට මළ පැන්නේය. වලහා ළඟට දිව ගිය ඔහු මිට මෙලවූ අතින් පයින් වලහාට දෙක තුනක් ඇන අමාරුවෙන් ඌ බිම දමා ගත්තේය.   
 
ජූඩෝ ශූරයකු වූ පුටින්ගේ යෝධ පහරවල් ජූඩෝ ගැන මෙලෝ මඟුලක් දැන නොසිටි වලහාට දරා ගන්නට අපහසු විය. බිම පතබෑවී සිටි මේ යෝධ සත්ත්වයාගේ ඇඟ උඩට නැගගත් පුටින් උගේ ඔළුවෙන් අල්ලා බෙල්ල කැරකෙව්වේය.   
 
වලහා මිය ගියේය. පුටින් ජනතා වීරයකු බවට පත්විය.   
 
මේ වීරකම්වලට කැමති වූ කෙල්ලන්ද මහා ගොඩාක්ම රුසියාවේ සිටියෝය. ඉන් එකියක් වූයේ ජිම්නාස්ටික් ශූරියකි. ඔලිම්පික් තරගවලට ද සහභාගී වී රුසියාවට ඔලිම්පික් ශූරතාව ද රැගෙන ආ මේ කෙල්ලගේ දුන්නක් මෙන් නැමෙන ශරීරයට පුටින්ගේ හිත ගියේය.   
 
රුසියාවේ ජනාධිපතිගේ ඇල්ම බැල්ම වැටෙනවාට අකමැති වෙන්නේ මොන කෙල්ල ද? ලොක්කා තමන්ට වඩා දශක දෙක තුනකින් වියපත් වුව ද කම් නැතැයි ඇයට සිතිණි. ඇය පුටින් සමඟ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගියාය.   
මේ කතා කුණු රහට ගොසිප් බවට පත්වෙද්දී පුටින්ගේ ආදරණීය බිරිඳගේ හිත රිදිණි. පුටින්ගේ දූවරු දෙන්නාට ද තාත්තාගේ නාඹර වල්කම් හිත රිද්දන කාරණා වන්නට ඇත.   
 
එහෙත් පවුල් සංස්ථාවේ බලතලවලට වඩා ජනාධිපති බලතල වැඩිය. පුටින් හිතගත් කෙල්ලත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට පටන් ගත්තේය.   
 
මෙච්චර කාලයක් තිස්සේ කළ වෝටර් රාෆ්ටින්වල, හිම මත ලිස්සායාම්වල වූයේ මොන ත්‍රාසයක් ද? මෙල්ල කළ වලහා මොකෙක් ද? ගෙදර නෝනාත් මෙල්ල කරගෙන මේ පුංචි පෙම්වතිය සමඟ ලිස්සා යෑම මොනතරම් වින්දනීය ක්‍රීඩාවක් දැයි පුටින් කල්පනා කළේය. ඔහු දිගින් දිගටම ඇය සමඟ ප්‍රේම කළේය.   
 
අන්තිමේදී ඇලීනා කබෙව්වා නම් වූ ජිම්නාස්ටික් ශූරිය පුටින්ගේ දරුවකු බිහි කළාය. ගමේ ගොඩේ මාටින්ලාටවත් හංගන්නට බැරිවන මෙවැනි හුටපුට පුටින් හංගන්නේ කෙසේ ද? මේවා පත්තරවල ‘ලීඩ්’ කළ හැකි ප්‍රවෘත්තිය.   
ගොසිප්වල පළවන්නට වූ මේ දරු උපත කතාවෙන් පසුව රුසියාවේ කෙසේ වෙතත් පවුල් සංස්ථාවේ අර්බුද ඇති වෙන්නට විය. අන්තිමේදී 2013 දී සිය තිස් වසරක දීගය නිමා කරමින් ලියුද්මිලාගෙන් සමුගන්නට පුටින් තීරණය කළේය.   
 
රුසියාවේ ලොක්කා පැටික්කියකට වහ වැටී අවුරුදු තිහක් පවුල් කෑ බිරිඳ දික්කසාද කිරීම නොම්මර එකේ ගොසිප් එකකි. කොටින්ම මෙය වවාගෙන කන්නට පුළුවන් ආකාරයේ ප්‍රවෘත්තියකි. මේ නිසා බොහෝ අය ලුයිද්මිලා අමතා දික්කසාදය ගැන විස්තර ඇසූහ. ඇය අර විසේකාර ජිම්නාස්ටික් කෙල්ලට ලුණු ඇඹුල් ඇතුව මොන මොනවා හරි කීවා නම් ඒ කදිම ගොසිප්ය. එහෙත් ඇය උද්වේගකර ප්‍රකාශ නිකුත් කළේ නැත.   
 
පුටින්ගේ ආදර ඇම ගිල දැම්මේ කෙල්ලන් පමණක් නොවේ. අනුන්ගේ බිරින්දෑවරු ද ඒ අතර සිටියි. ඔවුන්ගෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධ රූපට් මර්ඩොක්ගේ බිරිඳ වෙන්ඩි ඩෙන්ග්ය. වෙන්ඩි ද තරමක් විසේකාර බඩ්ඩකි. ත්‍රාසජනක වැඩට නම දරාපු පුටින් සමඟ ත්‍රාසය අත්හදා බලන්නට ඇයට හිතුණාට සැක නැත.   
පුටින් ගැන අලුතින්ම අහන්නට ලැබෙන පෙම් පුවත් අයිතිකාරිය ඔහුගේ දුවටත් වඩා බාලය. ඇගේ වයස අවුරුදු 23කි. දැන් පුටින්ට 63කි. ඒ නිසා දෙන්නාගේ වයස පරතරය අවුරුදු හතළිහක් තරම් සුළු ගණනකි.   
 
ඇලිසා කාර්චේවා නම් වූ මේ කෙල්ල 2010 දී රුසියානු දින දර්ශනයකට මිස් එ්ප්‍රිල් ලෙස පෙනී සිටියාය. ඇය ඇගේ කදිම ඡායාරූපය සහිත මේ කැලැන්ඩරය පුටින්ට තිළිණ කළාය.   
 
ඊට දෙවසරකට පසු ඇය ඔහුට තිළිණ කළේ පූස් පැටියකු වඩාගත් තමන්ගේ රුව සහිත ඡායාරූපයකි. ඊට යටින් ඇය ලියා තිබුණේ දෙපිට කැපෙන අරුතක් ඇති වචන කිහිපයකි. එනම් පුසී පුටින්ට යන්නය.   
 
ඇගේ ප්‍රේමාරාධනය පිළිගත් නාඹර පුටින් පසුව ඔවුන්ගේ පහසුව තකා මොස්කව් නුවරින් මහල් නිවාසයක් ද ලබා දුන්නේය.   
 
හැබැයි මේවා රහසේ කළ හැකි වූයේ නැත. ඒ නිසා මේ ​ඔක්කොම පුටින් වටා ගෙතුණු ගොසිප් බවට පත්විය.   
 
දැන් ඉතින් කියන්නට සිදුවන්නේ පුටින්, අනෙක් රටවල ජනාධිපතිලාට වඩා තුටින් සිටින බවය. හැබැයි වැඩියෙන්ම සතුටු වන්නේ පුටින් ද ට්‍රම්ප් ද යන්න නොදනිමු.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ශාන්ත කුමාර විතාන   



අදහස් (0)

බස් රියට පහර දුන් වලහා මෙල්ල කළ රුසියාවේ පුටින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site