IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බිංදුවෙන් බිංදුවටම වැටුණු මැණික් මුදලාලි

‘ආරච්චි මහත්තයා’ පැල්මඩුල්ලේ සුප්‍රකට මැණික් පතල් බාස්කෙනෙකි. සිරිපා කඳු වළල්ලට හිස නමාගෙන වැඩ කළ හැකි දෝනා පතල් කැපීමෙන් වාසි පිට වාසි ලබන හෙතෙම රත්නපුර දිස්ත්‍රික්කයේම ප්‍රකට ‘මැණික් සංස්කෘතික’ මිනිසෙකි. 
ඊයේ - පෙරේදා ඔහුගේ දෝනා පතලක මැණික් ගැරිල්ලෙන් කෝටි සිය ගණනක් වටිනා පද්මරාග මැණිකක් හමුවිය. පතල්කරුවෝ ද ආවතේවකරුවෝ ද, හවුල්කරුවෝ ද සතුටෙන් සතුටට පත්වූහ. සතුටු සාමීචි පිය තෙපුල් පිළිසඳර සාද කතා මැද වෙන්දේසියකට ගල ඉදිරිපත් කෙරිණ. 
මැණික් ගල ක්‍රාත් 38ක බරකින් යුතුය. මැණික් ගල ළා රතු ආලෝකයක් විහිදුවයි. 
​ෙවන්දේසියට වඩම්ම වන ලද සිරිපා හිමේ ගල දුටු කෝටිපති වෙළෙන්ඳෝ එයට වහ වැටුණාහ. 
“කැරට් 38 යි ! කැරට් එකකට රුපියල් ලක්ෂ 100 ගානේ වැටෙන්නට කෝටි 38ක තුණ්ඩුවක් දමමුද”. පැල්මඩුල්ලේ ප්‍රකට වෙළෙන්​ෙදක් රහසේ කෙඳිරීය. 
“හ්ම්... අපි 04 දෙනා එකතු වෙලා ඒ පිළිවෙළට 38කට ඉල්ලමු” පැල්මඩුල්ලේ ප්‍රකට තවත් තිදෙනෙක් රහසේම ඔහුට එකඟ වූහ. 
මේ අතර ‘රත්නපුරේ ව්‍යාපාරිකයා’ කෝටි 40කට තනිවම ගල ඉල්ලන්නට සිතා ගත්තේය. 
“මේ ගල නම් කෝටි 100 පනින ගණනකට දුන්නෑකි! කෝටි 40 කට තුණ්ඩුවක් දැම්මාට මොකද” ඔහු තනිවම සිතා තුණ්ඩුව ලීවේ ලාභය ගැන සිතමිනි. 
තුණ්ඩු දැමීමේ කාලය නිමා විය. වෙළෙන්දෝ ද හවුල්කරුවෝ ද වටවී බලා සිටිති. 
“හොඳයි! දැන් අපි තුණ්ඩු දිගහැර බලනවා”. ආරච්චි මහත්තයා පිරිසට හඬ ගා කීවේය. 
තුණ්ඩුවල මිල ගණන් හඬ නඟා ප්‍රකාශයට පත් කළ හෙතෙම ඉදිරිපත් වූ තුණ්ඩු අතරින් ඉහළම මිල වූ රුපියල් කෝටි 38 තුණ්ඩුවට ගල තීන්දු කරන්නට සූදානම් විය. 
“ඒයි....! ඒයි....! මම කෝටි හතළිහක තුණ්ඩුව දැම්මේ! මට මේ ගල තීන්දු කරන්න ඕනෑ!.” රත්නපුරේ වෙළෙන්ඳා හඬ ගා කීවේය. 
“නෑ! මුදලාලි ඉල්ලලා තියෙන්නේ කෝටි හතරටනේ?” 
“නෑ... නෑ.. නෑ... මම කෝටි හතළිහකටයි තුණ්ඩුව දාලා ඇත්තේ!” 
“මේ බලන්න මුදලාලිගේ තුණ්ඩුව! මේ! කෝටි හතරයි.!” ‘ආරච්චි මහත්තයා’ කීවේය. 
“කෝටි හතළිහට නම් තව බිංදුවක් එකතු කරන්න ඕනෑ. මුදලාලිගේ තුණ්ඩුවේ බිංදුවක් අඩුයි. ඉතිං කරන්න දෙයක් නැහැ. කොහොමටත් මේ පද්මරාග ගල කෝටි හතරකට දෙන්න බැහැනේ.” ‘ආරච්චි මහත්තයා’ නිවැරදි තීන්දුව ප්‍රකාශ කළේය. 
තුෂ්නිම්භූත වූ වෙන්දේසිය කෙළවරදී පිය තෙපුල් පිළිසඳර සාද කතා නතර විය. ‘රත්නපුරේ මුදලාලි’ කඳුළු සලමින් හඬනු සෙසු මුදලාලිලා සහ පතල් හවුල්කරු පිරිස විස්සෝපයෙන් බලා සිටියහ. හතළිස් කෝටියක් ගනින්නට මතු නොව නිවැරැදිව එය ඉලක්කමෙන් ලියන්නට පවා නොදත් පාසලේ පහළ පන්තිවල අංක ගණිතය පාඩම මඟ හැරුණු ‘රත්නපුරේ මුදලාලි’ බිංදුවටම වැටී සිටියේ, ගණිතය දත්-නොදත් උගත්-නූගත් කාගේත් සිත් කම්පාවට පත් වන අයුරිනි. 


(ඊයේ පෙරේදා පැල්මඩුල්ලට නුදුරුව සිදුවූ සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.)

 


තුසිත් සාගර චන්ද්‍රසිංහ, 
98C, දෙවට පාර, ගනේගම උතුර, 
පැල්මඩුල්ල. 



අදහස් (0)

බිංදුවෙන් බිංදුවටම වැටුණු මැණික් මුදලාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site