IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පහ වසර ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත් වීමට සුබ නැකත්

2018 අගෝස්තු මස 05 ඉරිදා දින පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව  විභාගය සඳහා ඉදිරිපත් වන දරු දැරියන්ගේ යහපත සඳහා නිවසින් පිටත් වීමට  අවශ්‍ය ශුභ නැකත් පහත දක්වා ඇත. 
  
මෙදින නිවසේදී උදේ 6.00 - 7.00 අතර ත්‍රිවිධ රත්නය වැඳ පුදා  ශ්‍රී විෂ්ණු දෙවිඳුට, ශ්‍රී කතරගම දෙවිඳුට, ශ්‍රී ගණ දෙවිඳුට, සරස්වතී දේව  මාතාවට, මහා බ්‍රහ්මයා ​ඇතුළු සියලුම දෙවියන්ට පින් දී සෙත් පතා මව් පිය  වැඩිහිටි නැමැඳ ගමන් අරඹන්න එසේම   


බුද්ධො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො   
එවං තං සරණං ඛෙමං බුද්ධො මෙ සරණං වරං   
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා   
ධම්මෝ තිලොක සරණො ධම්මො සුරියො තමොනුදො   
එවං තං සරණං ඛෙමං ධම්මො මෙ සරණං වරං   
ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මය්හං භයං සදා   
සංඝො ති​ෙලාක සරණො සංඝො සුරියො තමො නු​ෙදා   
එවං තං සරණං ඛෙමං සංඝො ​ෙම සරණං වරං   
ගච්ඡාමි සරණං සංඝං නත්ථි මහ්යං භයං සදා   
ජයො මුනින්දස්ස සුබෝධි මූලෙ අහෝසි මාරස්ස පරාජයෝහි   
උග්ඝොසයුං දෙව ගණා පසන්නා එතෙන සච්චේන ජයස්සු මය්හං   


යන ගාථා කියා   


නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ යන පාඨය තෙවරක් කියා මට ජයක්ම වේවායි අධිෂ්ඨානයෙන් ගමන් අරඹන්න.   


විභාග ශාලාවේදී ලිවීමට පෙර   


විභාග ශාලාවේදී ලිවීමට පෙර නමෝ ශ්‍රී බුද්ධි ජය ජය එස්වාහඃ යන පාඨය තෙවරක් කියා පිළිතුරු ලිවීම ආරම්භය ශුභයි.   


ශුභ නැකැත් 2018 අගෝස්තු 05 ඉරිදා   


පෙරවරු 06.19 - 06.43, 07.05 - 07.15, 07.43 - 08.07 සහ 08.18 ශුභ දිශාව දකුණ   

 

 


ඔබට ජයක්ම වේවා.....   

 


පී.ඇම්. මුදලිගේ   
හප්පාවක, වංචාවල. 

 



අදහස් (0)

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත් වීමට සුබ නැකත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site