IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


පිස්සෙකු ලෙස හංවඩු ගැසී ලෝක ධනවතෙකු වූ ‘ජැක් මා’

අධිෂ්ඨානයක ජයග්‍රහණය  

 

 

 

“මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක මිනිහෙක් කියලා කිව්වා. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා. එහෙත් මට ඕන වුණේ කාටවත් අත දිගඇරලා අල්ලන්න බැරි තරම් දුරක් යන්න. මම හිතනවා අද මම මගේ ගමන ඇවිත් කියලා.” මෙහෙම කියන්නේ ජැක් මා නමැති චීනයේ ලොකුම පොහොසතාය. 


2019 වර්ෂයේ මාර්තු මාසය අවසන්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 39.9ක වත්කමකට හිමිකම් කියන ජැක් ලොව සාර්ථකම මිනිසුන් අතර ප්‍රමුඛයෙකි. චීනයේ පොහොසත්ම මිනිසා වන ජැක් මා චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරියකු වීම ද විශේෂත්වයකි. 


ජැක් මා යුං යනු චීනයේ අන්තර්ජාලයේ මහා දැවැන්තයාය. එක් දිනක් හෝ අන්තර්ජාලයේ සැරිසරා ඇත්නම්, අන්තර්ජාලයේ මොනයම් හෝ දෙයක් ඔබ සොයා ඇත්නම් ජැක් මා විසින් නිර්මාණය කළ අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යාපාරය වූ අලිබබා සමාගමේ නාමය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇතුවාට සැකයක් නැහැ. 


අලිබබා Alibaba යනු අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සකස් කරන ලද සමාගමකි. ලෝකය පුරාම ප්‍රසිද්ධ මේ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන්නේ ජැක් මා යුං ය. ජැක් මා අද ලෝකයේ සිටින විශාලතම ධනවතෙක්. නමුත් ඔහුගේ ජීවිතය ආරම්භයේදී සුන්දර යහනාවක් බවට පත්ව නොතිබීම විශේෂත්වයක්. තමන් ජීවත් වූ සමාජයම තමන් ප්‍රතික්ෂේප කරද්දී ජැක් මා තම උත්සාහයෙන් ලෝකයටම අත්‍යාවශ්‍ය පුද්ගලයකු බවට පත්වූ ආකාරය අපූරුයි. ඔහු මේ වනවිට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව අවසන්. 
1964 සැප්තැම්බර් 10 වැනි දින චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ සාමාන්‍ය පවුලක උපත ලබන ඔහුගේ මුල් නම වන්නේ මා යුං ඒ.කේ.ඒ. යන්නයි. කැතී ෂෑං යිං සමඟ විවාහ වී සිටින ඔහුට දරුවන් තිදෙනෙකි. පවුලේ වැඩිමලා වූ මා හට සහෝදරියන් දෙදෙනෙකි. ඔහුගේ මවත් පියාත් සම්ප්‍රදායික සංගීතඥයන්. මේ නිසාම කුඩා කල සිටම ඔහුට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ විශාල ආර්ථික දුෂ්කරතාවකට. 


අධ්‍යාපනය සඳහා එතරම් දක්ෂතා නොපෙන්වූ ඔහු පාසලේ පළමු වසරේදීම දෙවරක් අසමත් වීම විශේෂත්වයකි. ද්විතීක විභාගය ද ඔහු තුන්වරක් අසමත්ව ඇත. එහෙත් ඔහුගේ ආශාව බවට පත්ව තිබුණේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම. චීනයේදී මේ සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවුණු නිසා ඔහු භාවිත කළේ තමන්ටම ආවේණික ක්‍රමයක්. 
1972 වර්ෂයේදී ඇමෙරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් හොන්ෂු ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණීමෙන් අනතුරුව මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය වීම ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට රුකුලක් වී තිබිණි. 


මා දිනපතා උදෑසන මගේ පාපැදියෙන් උද්‍යානයට ගොස් විදෙස් සංචාරකයන් නොමිලයේම මගේ පාපැදියෙන් සංචාරය සඳහා රැගෙන යාමට පුරුදුව සිටියා. මේ යන ගමනේදී තමන් දන්නා ලෙස ඔවුන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කිරීම පුරුද්දක් වී තිබුණා. මේ අතර හමුවූ එක් විදෙස් කාන්තාවක් මට ‘ජැක්’ යන නම පටබැන්දාය. 
මා යුන් නම් ගැටයා ‘ජැක් මා’ වූයේ ඒ ආකාරයෙනි. 


අසීරුවෙන් වරින් වර අසමත් වෙමින් සිය පාසල් අධ්‍යාපනය අවසන් කළ ජැක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කළේය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැත. වරින් වර දසවතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන අවස්ථා ඉල්ලා සිටිය ද ඔහු ගැන කිසිදු තැකීමක් නොකෙරිණි. අවසානයේ ඔහු හොංෂු හි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සමත් වූයේය. 


එහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබාගන්නා ජැක් මා රැකියාවක් සඳහා උත්සාහ කරන්නට විය. 

 

බිරිඳ සමග

ව්‍යාපාරයේ මුල් සාමාජිකයන් සමග

 


ජැක් මා පවසන්නේ තමන් රැකියා 30කට පමණ ඉල්ලු කළ ද ඒ සියලුම ස්ථානවලින් තමන් ප්‍රතික්ෂේප වූ බවයි. වරක් KFC ආයතනයේ රැකියාවකට ඉල්ලු කළ අතර එහිදී ඔහු සමඟ තවත් 24 දෙනකු රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට ගොස් තිබේ. එ් අතරින් 23 දෙනකු තෝරාගෙන ඇති අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා වූයේ ජැක් මා ය. 
පසුව පොලිස් සේවයට ඉල්ලුම් කරන ඔහු පස්දෙනකු සමඟ අදාළ පරීක්ෂණයට ගිය විට අනෙක් සිව් දෙනාම පොලිස් සේවයට බඳවා ගත්ත ද ජැක් මා ප්‍රතික්ෂේප වූයේය. 
අවසානයේ ඔහුට පිහිටට එන්නේ දැඩි උත්සාහයෙන් හා අසීරුවෙන් ඔහු විසින් ඉගෙන ගත් ඉංග්‍රීසි භාෂා දැනුමයි. ඒ හොංෂු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කිරීමේ අවස්ථාවයි. එයින් මසකට වැටුප් ලෙස ලැබුණේ ඩොලර් 12ක මුදලකි. 


1995 වර්ෂයේ දී ඔහුගේ ජීවිතය වෙනස් වීමේ සංචාරයකට මග පෑදිණි. චීන ජාතිකයකු වන ජැක් මා යුං හට ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ භාෂා පරිවර්තකයකු ලෙසිනි. ඒ වනවිට ඔහු කිසිදිනක අසා නොතිබුණු අන්තර්ජාලය ගැන ඒ සංචාරයේ දී දැනගන්නට ලැබිණි. 


“මම ඇමෙරිකාවේදී මේ අපූරු තාක්ෂණය දැක්කා. මුලින්ම හෙව්වේ Beer යන වචනය. එයට අදාළව තොරතුරු ලෝකයේ රටවල් ගණනාවකින් ලැබුණා. ඉන් පස්සේ මම China යන වචනය හෙව්වා. මේ වචනයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මට එය ගැටලුවක් වුණා. චීනය අන්තර්ජාලයට ගෙන යා යුතු බව මම තීරණය කළා.” යැයි ජැක් මා යුං පසුකලෙක කියා තිබිණි. 


බිලියන ගණනක ජනගහනයක් සිටින චීනයෙන් ඒ වනවිට අන්තර්ජාලය සඳහා දායකත්වයක් නොමැති වීම ජැක්ට ගැටලුවක් වී තිබිණි. ඇමෙරිකාවේ සිටි දින කිහිපයේදී අන්තර්ජාලය පිළිබඳ හැකි තරම් අධ්‍යයනය කළ ජැක් චීනයට පැමිණ වහාම තම මිතුරන් කිහිපදෙනකු සමඟ අන්තර්ජාලය ගැන පවසා චීනයට එයින් වැඩගත හැකි ආකාරය ද කියා දෙන්නට උත්සාහ ගත්තේය. 


එහෙත් මිතුරන්ගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය වූයේ ජැක් මේ පිස්සකු බවයි. තම අතීතය ගැන සතුටින් සිහිපත් කරන ජැක් පවසන්නේ “පිස්සකු වෙන එක හොඳයි මෝඩයකු වනවාට වඩා” යනුවෙන් පවසමිනි. 


ඇමෙරිකාවට යද්දී පරිගණකයක් භාවිත කිරීමට හෝ හැකියාවක් නොතිබූ ජැක් මේ අන්තර්ජාලයෙන් දැවැන්ත අනාගතයක් දුටුවේය. නමුත් ඔහු පවසන්නේ එයින් ලාබ ලැබීමේ අපේක්ෂාවක් තමන්ට නොතිබූ බවයි. ඇමෙරිකාවේ දී චීනය යන වචනය අන්තර්ජාලයෙන් සොයා ගැනීමට නොහැකි වූ නිසාම චීනයට මේ පහසුකම ලබාදීම පමණක් තම අරමුණ වූ බව ඔහු පවසයි. 


“ලාභ ලැබීමේ අරමුණින්ම යම් කිසිදෙයක් ආරම්භ කරනවානම් අසාර්ථක වෙන්න තිබෙන ඉඩ ගොඩක් වැඩිවෙනවා. වඩා වැදගත් වෙන්නේ අප කරන දේ අවංකවම කිරීමයි. අප කරන දේ නිවැරදි අවබෝධයකින් අවංකව සිදුකරනවානම් මුදල් අප පසුපස එනවා.” 


ඒ ජැක් මා ජීවිත දර්ශනය ලෙස පවසන දෙයකි. 


ජැක් මා හට පිස්සුයැයි කී මිතුරකු ඔහුට මෙම නව සිහිනය සැබෑවක් කරගැනීමට මුදලක් ණයට දීමට එකඟ වී ඇත. මිතුරන්ගේ උදව්වෙන් ඔහු “Chinapage” නමැති වෙබ් අඩවිය ආරම්භ කළේය. එහි ඔහු චීනය ගැනත් චීන නිෂ්පාදන ගැනත් සඳහන් කෙරිණි. 


කාලය ක්‍රමයෙන් ගෙවී යමින් තිබිණි. වසර හතරක කාලයක් ගතවනතුරු ජැක් හට මෙයින් කිසිදු ආදායමක් ලැබුණේ නැත. එහෙත් නොපසුබට උත්සාහයෙන් ජැක් තම පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගනිමින් වෙබ් අඩවිය ප්‍රචලිත කරන්නට සමත්ව සිටියේය. මේ අතර Yahoo ආරම්භක සාමාජිකයකු වන Jerry Yang ජැක් හා සම්බන්ධවීම ඔහුගේ ව්‍යාපාරයේ පරිවර්තනයට හේතුවක් විය. 


1999 වර්ෂයේදී ජැක් තම බිරිඳ සහ 18 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීමේ කාර්ය ආරම්භ කර තිබේ. අලිබබා Alibaba සමාගම ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 

 

 

මව සහ පියා සමග

සහෝදරයා සහ සහෝදරිය සමග

 

 


“අපි මේ සමාගම ආරම්භ කළේ මම ජීවත් වූ කුඩා කුලී නිවස තුළ. අපි වැඩ කළේ, ආහාර ගත්තේ, නිදා ගත්තේ කාර්යාලය තුළමයි. එහෙත් අපි හොඳ සේවාවක් ලබාදීම ගැන හැමතිස්සේම හිතුවා.” ජැක් මා තම Alibaba සමාගමේ ආරම්භය සිහිපත් කරන්නේ ඒ ආකාරයෙනි. 


ඉතා අපහසුවෙන් සොයාගත් මුදල් යොදා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් ආරම්භ කළ මේ සමාගමට 1999 වර්ෂයේ අගභාගයේ සොෆ්ට් බෑන්ක් සමාගමෙන් ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලැබෙන අතර තවත් ඩොලර් මිලියන පහක ආයෝජනයක් ගෝල්ඩන් සචේ සමාගමෙන් ලැබිණි. එතැන් සිට ජැක් මා පිස්සුවෙන් මෙන් දුටු අනාගත අන්තර්ජාල සාප්පුව සැබෑ යථාර්ථයක් බවට පත්වන්නට වූයේ අතිශය වේගයෙනි. 


එහෙත් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කිරීමට චීන ජාතිකයන් බහුතරයක් අකමැති වීම ජැක් මා හට එල්ල වූ අභියෝගයක් විය. තමන්ට නුහුරු නුපුරුදු ක්‍රමයකට මුදල් ගෙවීම ගැන චීන ජාතිකයන්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැත. මේ ගැටලුවට පිළියමක් ලෙස ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දුන්නේය. බැංකුවක අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතුවල දී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අදටත් Paypal සේවාවට වඩා බහුලව භාවිත වන්නකි. 


මේ සේවාවන් ද හඳුන්වාදීමත් සමඟම අලිබබා සමාගම හා එහි සේවාවන් තව තවත් ජනප්‍රිය වන්නට විය. 2003 දී ජැක් සහ කණ්ඩායම Taobao.com අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කළ අතර එයට සමගාමීව Tmall සහ AliExpress අතිරේක සේවාවන් ද ආරම්භ කර තිබේ. 


ජැක් පවසන්නේ ව්‍යාපාරයකදී තම සේවාදායකයන්ට නිරන්තරවම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි. එමෙන්ම සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ද අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව පවසන හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ අවංකබව හා විනිවිධභාවය ව්‍යාපාරයක දියුණුවට අතිශය වැදගත් බවයි. 


ලෝකයේ මහා ධනවතුන් අතර ඉහළින්ම වැජඹෙන ජැක් මේ වරක් ප්‍රසිද්ධ දේශනයක දී මෙසේ කියා තිබිණි. 


“මට තිබෙන විශාලතම කනගාටුවක් තමයි වර්තමානයේ තරුණ ළමයින්ට බලාපොරොත්තු නැහැ. ඔවුන්ට නිවැරදි දැක්මක් නැහැ. ඔවුන් නිතරම නැති දේවල් ගැන කියමින් කනගාටුවෙනවා. දුක්වෙනවා. මමත් ඒ වගේ සියලු දේ අහිමිවීමේ මානසිකත්වයකට ඇදවැටුණු අවස්ථා තිබුණා. ඒත් මම මගේ අවස්ථාවන් හරියටම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. 


අනිත් අයට දෝෂාරෝපණය කරමින් නැති දේ ගැන වධ වෙනවානම් අපිට කවදාවත් නැගිටීමක් නැහැ. පරාජයන් හා බිඳවැටීම්වල දී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ පරාජය තුළින්ම නැගී සිටීමේ ආත්ම ධෛර්යය ඇතිකරගත යුතුයි. අද දවස අමාරුයි. හෙට ඊටත් වඩා අමාරු වේවි. නමුත් හිරු පායන්නේ හෙට නම්, ඔබ හෙට ජීවිතය අත හැරියොත් කවදාවත් ඔබට ආලෝකය දකින්න බැරි වේවි.” 


ජැක් මා පවසන ඒ කතාව ලෝකය පුරාම වර්තමාන තරුණ පරපුරට මහා ආදර්ශයකි. 

 


සජීව විජේවීර



අදහස් (4)

පිස්සෙකු ලෙස හංවඩු ගැසී ලෝක ධනවතෙකු වූ ‘ජැක් මා’

සදීප් මදුමල්ක Saturday, 01 August 2020 02:31 AM

ජැක් මා ගේ ජීවිත කතාව හරිම පුදුමයි... ඒක කියපුවාම මට තේරෙනවා මන් උත්සාහ කරනවා තියලා හිතලවත් නෑ කියලා.....

:       2       21

Rashmi yashodhara dhanarathne Wednesday, 15 September 2021 08:04 PM

ජැක් මා කියන්නේ ප්‍රසිද්ධ අභිප්‍රේරකයෙක් .ඒ ජීවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

:       0       16

H. M c. a herath Friday, 22 October 2021 11:25 AM

ඉතා වටිනා අදහස් ලාබා දීමට ස්තුතියි පුද කරමි

:       1       12

Darshani wijerathna Sunday, 09 January 2022 04:26 PM

ඉගෙන ගන්න ලමයින්ට වගේම හැමෝටම වටිනා තොරතුරු ලබා දීම ගැන ස්තූතියි නැවතත් මෙවැනි වටීනා තොරතුරු අප වෙත ලබා දෙන්න

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 190 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 538 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 294 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site