IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පෙර භවයේ මරණ බය තවමත් දැනෙන මවක්

හැටේ දශකයේදී ඉඳුරුවේ ගල්තුඩුව, වේල්ල සහිත වැව් දියේ ගිලී මියගිය බැව් හෙළිකළ දැරියක් ගෝනගල ප්‍රදේශයේදී උපත ලැබුවාය. එම දැරිය අද තිදරු මවකි. ඇගේ පෙර භවයේ ප්‍රබල සාක්කි විමර්ශනය කිරීමට පසුගිය දිනෙක අපට නැවත අවස්ථාවක් ලැබිණි. ඇය පවසන අන්දමට පෙර භවයේ ඇයට ඇතිවූ මරණ බියෙන් තවමත් ඇය පීඩා විඳින්නීය.  
මාව දියේ ගිලුණු වැවේ වේල්ල ළඟට යන්න මම තාමත් බයයි. එතැනට ගියාම තාමත් මගේ කකුල් වෙව්ළනව. ඒ වගේම බස්වලටත් මම හරිම බයයි. බස් එකකට නැගුණු වෙලේ සිටම මට පුදුම බියක් දැනෙනවා’ යි ඇය පවසන්නීය. ප්‍රබල සාක්කි රැසක් සහිතව සනාථ වූ ඇගේ පුනර්භව කතාව මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.  

පෙර භවයේ මිතුරිය සහ ගුරුවරියන් සමඟ  

ෂාමිලිනි අද සැමියා සමග 

ෂාමිලිනි දැරිය  

 

ඉඳුරුවේ සිට ගෝනගල දක්වා මහා මාර්ගයේ වෙල්යාය මැදින් ඇති වේල්ල හඳුන්වන්නේ ගල්තුඩුව වේල්ල නමිනි. ගංවතුර කාලවලදී මෙම වේල්ල ජලයෙන් යටවීමද සිරිතය. හැටේ දශකයේ මැයි මාසයේදීද පැවැති ධාරානිපාත වර්ෂාව නිසා වේල්ල ජලයෙන් යටවීමට ආසන්න වී තිබිණි. වේල්ලට ආසන්න නිවෙසක පදිංචිව සිටි හේමසීලි නම් දැරියක් අධ්‍යාපනය ලැබුවේ ගෝනගල මහා විද්‍යාලයේය. එවකට ඇය එකොළොස් වන වියේ පසුවූවාය. එදා වෙසක් මස අටවැනිදාය. ඇය හිමිදිරි උදෙන් අවදි වූයේ පාසල් යාමටය. ඇගේ ප්‍රියතම ආහාරය කෙසෙල්ගෙඩිය. නිවසේ තිබුණු ඉදුණු කෙසෙල් කැනක් දුටු ඇයට කෙසෙල් සමග පාන් කෑමට ආසාවක් ඇතිවිය.  
 මවගෙන් සල්ලි ඉල්ලා ගත් ඇය පාන් ගෙන ඒම සඳහා වෙළෙඳසලට යෑමට පිටත්වූවාය. පාන් ගෙන ඒම සඳහා ඇය යා යුතු වූයේ වේල්ල පසුකරමිනි. වැසි සහිත දිනයක් වූ එදින වේල්ල ජලයෙන් යටවීමට ආසන්නව පැවතිණි. වේලාව උදේ හයයි තිහට පමණ විය. වේල්ල දිගේ ගමන් කළ ඇයට ඉදිරියෙන් එන බස් රථයක් දක්නට ලැබිණි. බස්රිය වේල්ල පසුකර ඇදී යත්ම හේමසීලි දැරිය බස්රියට ඉඩදීමට හැකි තරම් පසුපසට පා තැබීය. ක්ෂණයෙන් ඇගේ පය ලිස්සා ජලය පිරී වේල්ලට වැටුණි.

 
බස් රියදුරා හෝ වෙනත් කිසිවෙක් මෙම අවාසනාවන්ත සිදුවීම නොදුටුවේය. අත තිබූ බෑගය ඔසවමින් අසරණ වූ දැරිය කෑගසන්නට වූවාය. එහෙත් ඒ හඬ පවා ඇසීමට කිසිවෙක් නොසිටියේය. ඇය ජල රකුසාට බිලිවිය. දියණියගේ ප්‍රමාදය නිසා ඇගේ මාපියෝ ඇය සොයන්නට වූහ. අවසානයේ ජලයේ ගිලී සිටි ඇගේ සිරුර ගොඩගන්න විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය. හේමසීලිට අත්වූ ඉරණම ගැන පවුලේ ඥාාතීන් ඇතුළු අසල් වැසියෝද බලවත් කම්පාවට පත්වූහ. ඒ අතර ඇය ඉගෙනීම ලැබූ පාසලේ දරු දැරියන් මෙන්ම ගුරු පිරිසද වූහ. හේමසීලිගේ පාසල් මිතුරියක වූ ප්‍රේමතලාටද තම මිතුරියගේ වියෝවීම දැරිය නොහැකි දුන් වේදනාවක් විය.  
කාලය ගෙවී ගියේය. වසර එකහමාරක් ගතවිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ සුනිල් මහතා විවාහයෙන් පසු බිරියත් සමග ගෝනගල නිවෙසේ පදිංචියට පැමිණියේය. එහිදී ඔවුන්​ෙග් කුලුඳුල් දියණිය වූ ෂාමිලිනි මෙලොව එළියට දුටුවාය. කුඩා අවදියේ සිට ඇය තුළින් දක්නට ලැබූ විශේෂත්වයක් විය. එනම් අධික ලෙස හැඬීමත් බස් රියකට නැගීමට යන විටදී සිරුර වෙව්ළීමත්ය. මේ පිළිබඳව අවධානය යොමු කළ මාපියෝ ඇයට පිරිත් ගායනා කිරීම් සහ විවිධ සෙත් සාන්ති සිදුකළහ. එහෙත් බහතෝරන අවදිය වන විටත් එම තත්ත්වය එලෙසම පැවතිණි. සිඟිති දියණියගේ සිරුර වෙව්ළීම සිදුවන්නේ බස්රියකට නැඟීමට යන විටදී බැව් මාපියන්ට පැහැදිලිව දැකගත හැකි විය.  


දියණිය බස් රථවලට අධික බියක් දක්වන බව එමගින් මාපියන්ට තීරණය කළ හැකිව තිබිණි.  

 
‘මේ දරුවා මේ තරම් බස්වලට බය ඇයි? ඔවුන්ට ප්‍රශ්නයක්ව පැවතිණි.   


මේ අතර බහ​ තෝරන වියට පත්වූ ෂාමිලිනි දැරිය ඇගේ මුවින් පිටකළ ප්‍රථම වදන වූයේ ‘ගෝනගල අම්මා’ යනුවෙනි. එහෙත් මාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළහ. තවත් සති කීපයක් ගතවිය. තනිව සිටින විටදී නිතර නිතර ඇය ‘ගෝනගල අම්මා’ යයි පවසන්නට වූවාය. මේ අතර දිනක් ගෙමිදුලට පිවිසි ඇය වෙල්යායක් දෙසට අත දිගුකර ‘අන්න අර පැත්​ෙත තමයි අපේ ගේ’ යයි පැවසුවාය. මෙම වදනින් දැරියගේ පියා තරමක් කල්පනාකාරී විය. සිය දියණිය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේද යන්න ඔහුට සැකයක් මතුවිණි.  


තම දියණිය හෙළිකරන තොරතුරු පිළිබඳව ඒ වන විට මවද විමසිලිවත් වූවාය. දිනක් තම මල්ලීට මව කිරි දෙන අයුරු බලා සිටි ෂාමිලිනි,  


‘ඔන්න ඔහොම තමයි අපේ ගල්තුඩුවෙ අම්මත් මල්ලිට කිරි දුන්නේ.’ යැයි කීවාය. නියත වශයෙන්ම දියණිය කිසියම් පෙර භවයක තොරතුරු අනාවරණය කරන බැව් මවටද පැහැදිලි විය. තවත් දිනක් මව ඇමතූ ෂාමිලිනි අපේ ගේ තියෙන්නේ වේල්ලෙන් එහා යයි කීවාය. දියණියගෙන් ඒ පිළිබඳව විමසීමට අද මව ෂාමිලන්ගේ පෙර භව තොරතුරු විමසන්නට වූවාය.  
ඒ ගෙදරට යන්නෙ කොහොමද? මව දියණියට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.  


‘වේල්ල උඩින්’ වැහිදාට ඒ වේල්ල වතුරෙන් පිරෙනවා.   
‘ගල්තුඩුවෙ අම්මා මට ආදරෙයි.’ ඇය තවත් තොරතුරක් හෙළි කළාය.  
‘ගල්තුඩුවෙ අම්මා කව්ද?  


‘පොඩි නෝනා’ යයිද ෂාමිලිනි තම පෙර භවයේ මවගේ නමද ප්‍රකාශ කළාය. දියණිය හෙළිකරන පෙරභව තොරතුරු නැවත විමසූ මව,  
‘දුව මෙහෙ ආවේ කොහොමද?’ යයි විමසා සිටියාය. ෂාමිලිනි මොහොතක් කල්පනාකාරී වන බවක් මවට දක්නට ලැබිණි. ටික වේලාවක් නිහඬව සිටි ඇය මව ඇමතුවාය.  


 එදා ගෙදර කෙසෙල් කැනක් ඉදිලා තිබුණා. මම කෙසෙල් ගෙඩිත් එක්ක පාන් කන්න ආස හිතිලා පාන් ගේන්න කඩේ ගියා. ම​ගේ ඉස්සරහට බස් එකක් ආවා. ඉතින් මාව වතුරට වැටුණා. එතකොට මට නින්ද ගියා. ඊට පස්සෙ මෙහෙ ආවා.’ යයි නොනවත්වා කියාගෙන ගියාය.  


දියේ ගිලී මරණයක් සිදුවූ පුවතක් දියණිය හෙළි කරන බැව් මවට පැහැදිලි විය. එහෙත් දියණියගෙන් තව තවත් කරුණු විමසීම ඇයට කිසියම් මානසික හිරිහැරයක් වේයයි සිතූ මාපියෝ ඇගෙන් තවදුරටත් ඒ පිළිබඳව ප්‍රශ්න නොකිරීමට තීරණය කළහ. එහෙත් ගතවූයේ සති කීපයකි.  


 ගල්තුඩුවේ නිවස ගැන නිතර සිහි කළ ඇය එහි තමාගේ පබළු වැල් කීපයක් ඇති බවත් එහි කැඳවාගෙන යන ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය. නිවසින් පිටවී මාර්ගය දෙසට තනිව ගමන් කිරීමටද ඇය කීප දිනක්ම උත්සාහ ගත්තාය. ඒ සෑම විටම ඇය පියාගෙන් ඉල්ලා සිටියේ පෙර නිවසට යාමට අවශ්‍ය බවය. තවත් දිනක් මව ඇමතූ ෂාමිලිනි. ‘මගෙ ඉස්කෝලෙ යාළුවෙකුත් හිටියා, එයාගේ නම ප්‍රේමා. අනේ ප්‍රේමා බලන්න යමු.’ යයිද කියන්නට වූවාය.  

හේමසීලි දියේ ගිලුණු වේල්ල  


දියණියගේ බලකිරීම නිසා ෂාමිලිනිගේ පියා ගල්තුඩුව ප්‍රදේශයේ ජීවත්ව සිට මියගිය අයෙක් පිළිබඳව විමසා සිටියේය. ඒ අනුව හේමසීලි නම් දැරියක් වේල්ලෙන් ජලයට වැටී මරණයට පත්වූ පුවතක් අසන්නට ලැබිණි. එලෙස මියගොස් ඇත්තේ හේමසීලි ගුණරත්න නම් පාසල් සිසුවියක බැව් පැහැදිලි විය.  


අනතුරුව ෂාමිලිනි දැරියට පෙරභව නිවසට යාමට අවස්ථාව ලැබිණි. එදා ෂාමිලිනි දැරිය පෙර නිවස සොයා ගොස් එහිදී පෙර භවයේ මාපියන් හඳුනා ගත්තේ රැස්ව සිටි අය පුදුමයට පත් කරවමිනි. නිවෙසට ගිය ඇය හේමසීලි ජීවත්ව සිටියදී පරිහරණය කළ ඇඳුම් දැමූ පෙට්ටියත් ඇඳුම් කීපයකුත් නිවැරැදිව පෙන්වා දුන්නාය. අනතුරුව වත්ත පහළට දුව ගිය ඇය පේර ගසක් අසල නතර වූවාය.  
‘මේ තියෙන්නේ මම හිටවපු පේර ගහ. දැන් ඒකේ ගෙඩි තියෙනවා.’ යිය ඉන් ගෙඩි කීපයක්ද කඩා ගත්තාය. ෂාමිලිනි දැරියට පෙර භවයේ මිතුරිය යළි හමුවීමටද ඇයට වාසනාව ලැබිණී. හේමසීලි ජීවත්ව සිටියදී ඇය සමග එකම පාසලේ ඉගෙනීම ලැබූ ප්‍රේමලතා ඇගේ හොඳම මිතුරිය වී සිටියාය. ෂාමිලිනි පෙර භව තොරතුරු අනාවරණය කරන ආරංචිය ඇසූ මොහොතේ සිට ප්‍රේමලතාට තම මිතුරිය දැක ගැනීමට මහත් ආසාවක් ඇතිවිය. ඇය කාටත් නොදන්වා සොහොයුරියක් සමග ෂාමිලිනිගේ නිවෙසට ගියාය. එහිදී ප්‍රේමලතා දුටු ෂාමිලිනි. ‘අන්න මගේ යාළුවා එනවා’ යයි එක්වරම ඇය විසින් අඳුනා ගනු ලැබුවාය.

 
මහාචාර්ය ස්ටීවන්සන් ශ්‍රී ලංකාවේ පුනර්භව පර් යේෂණ ආරම්භ කිරීමෙන් පසු සිව්වන පර් යේෂණ වූයේ ෂාමිලිනිගේ පුනර්භව සාධකය විය. එහිදී සකස් කළ වාර්තාවේද ෂාමිලිනිගේ ප්‍රබල සාක්කි අතර ප්‍රේමලතා හඳුනා ගැනීම වැදගත් සිදුවීමක් ලෙස සඳහන් කර තිබේ. ඒ සමගම ෂාමිලිනිගේ හඳුනා ගැනීම් අතර අතිශය වැදගත් කරුණු කීපයක් ඇත. එහි තවත් සිදුවීමක් වන්නේ ​ෙහ්මසීලි දැරිය දියේ ගිලුණු ස්ථානය ෂාමිලිනි නිවැරැදිව හඳුනා ගැනීමය. එම හඳුනා ගැනීම් පර් යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ Statements And Recognitions Made By Shamiline) යනුවෙනි. එහි ඉදිරිපත් කර ඇති සුවිශේෂි සිදුවීම් අතර කුඩා කල සිට අැය තුළ තිබූ ජලයට සහ බස්රථවලට බියපත් වීම ඇතුළත් වී තිබේ. එය හඳුන්වා ඇත්තේ (Shamalinie's Phobias of Buses, bathing, and the site of Hemaseele's drowning. Shamilinie's fear of buses first manifested itself when she was six months old) යනුවෙනි.  
 එදා පුංචි දැරියකව සිටි ෂාමිලිනි දැන් තිදරු මවකි. පෙර භවයේ පැවැති බියපත්වීම් පිළිබඳව විමසීමට පසුගිය දිනෙක අප ඇය නැවත හමු වුණෙමු. ඇගේ පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි ලෙස තවමත් පවතින බස්රථවලට බියපත් වීම සහ පෙර භවයේ මරණය සිදුවූ ස්ථානයේදී ඇතිවන බිය අප සමග ඇය හෙළි කළේ මෙසේය.  


 බස්රථවල යාමට නම් මම තවමත් බයයි. ඒ වගේම එදා දියේ ගිලුණු වේල්ල උඩින් යන්න මම බයයි. එහි යන විටදී තාමත් ම​ගේ කකුල් වෙව්ළනවා. පෙර භවයේදී ඇතිවුණු බය ඒ ලෙසට තවමත් තියෙනවා.’ යැයි ඇය පැවසුවාය.  


 ෂාමිලිනිගෙ සැමියා වූ ටියුඩර් මහතාගෙන්ද ඇගේ බියපත් වීම පිළිබඳව විමසීමට අපට අවස්ථාව ලැබිණි.  
‘‘ෂාමිලිනි පෙර භවය හෙළි කළ සිදුවීම ඔබ දැනගත්තේ කෙසේද?’’  


‘‘‘මම විවාහ වුණාට පස්සෙ දැනගත්තා.’’   
‘‘ඇගේ බියපත් වීම් සිදුවන්නේ කෙසේද?’’  


‘‘බස් එකක යනකොට තවමත් පුදුම බයක් දක්වනවා. බස්රථය වේගයෙන් ගියොත් හෙමින් යන්න කියලා රියැදුරුට කියන්න කියලත් අපිට බලකරනවා’’ යයි ටියුඩර් මහතා අප සමග කීවේය.  

තිස්ස ජයවර්ධන

 

 



අදහස් (0)

පෙර භවයේ මරණ බය තවමත් දැනෙන මවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 1 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 5 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 2 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 3 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 8 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 2 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 4 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1286 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site